Sunday, January 22, 2017
ඉතිං සතුටෙන්ද නුඹ...
බීලා බීලා
විසි කරන
සිගරට් කොටයක් වගේ
පුළුවන්ද එහෙම උඹට
මාව විසි කරන්න..
මාව පුච්චලා පුච්චලා
උඹට ඕනේ ඕනේ විදිහට
කොහොමද උඹ මාව
විසිකරන්නේ..
කොහොමද උඹ මාව
බිම දාලා ඔය කකුළෙන්
පාගලා දාන්නේ..
උඹ අළුත් සිගරට්
එකක් පත්තු කරන්න වාගේ
මාව විසි කරලා
වෙන එකියක් ලඟට යනකොට
උඹ හිතනවද
අර උඹ බිම දාලා
පෑගුව සිගරට් කොටේ
වගේ මගේ හිතත්
නිවිලා යාවි කියලා
එහෙම කරන්න එපා බං
උඹට ඕනේ නම් මාව
විසි කරපන් ඒත්
සිගරට් කොටයක් වගේ නෙමේ
මගේ හිත නිවෙන විදිහට
ආයෙත් උඹට පත්තු කරන්න
බැරි විදිහට..
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
සමහර වෙලාවල් තියෙනවා පුදුම විදිහට හිත කඩන් වැටෙන ..කිසිම දෙයක් හිතා ගන්නවත් බැරි....අන්තෙටම කලකිරෙන...අපි කාටත් එහෙමයි...සමහර විට දවස ගානේම ...
ලස්සනයි
ReplyDeleteස්තුතියි කමල්...
Deleteමිනිස්සු තවත් ජීවිතයකට දෙන්න ඕනා ගරුත්වයක්...හැමවිටම..
ReplyDeleteවිශේශයෙන්ම ගැහැණියකට...
මේ සටහන...එවන් නිර්මාණයක්...අගෙයි...
හ්ම්..ගෞරවය දුන්නොත් ගෞරවය ලැබෙයි..ස්තුතියි සිහින....
Delete