Sunday, January 22, 2017
ඉතිං සතුටෙන්ද නුඹ...
බීලා බීලා
විසි කරන
සිගරට් කොටයක් වගේ
පුළුවන්ද එහෙම උඹට
මාව විසි කරන්න..
මාව පුච්චලා පුච්චලා
උඹට ඕනේ ඕනේ විදිහට
කොහොමද උඹ මාව
විසිකරන්නේ..
කොහොමද උඹ මාව
බිම දාලා ඔය කකුළෙන්
පාගලා දාන්නේ..
උඹ අළුත් සිගරට්
එකක් පත්තු කරන්න වාගේ
මාව විසි කරලා
වෙන එකියක් ලඟට යනකොට
උඹ හිතනවද
අර උඹ බිම දාලා
පෑගුව සිගරට් කොටේ
වගේ මගේ හිතත්
නිවිලා යාවි කියලා
එහෙම කරන්න එපා බං
උඹට ඕනේ නම් මාව
විසි කරපන් ඒත්
සිගරට් කොටයක් වගේ නෙමේ
මගේ හිත නිවෙන විදිහට
ආයෙත් උඹට පත්තු කරන්න
බැරි විදිහට..
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
හිතා මතා නොවුණත් අපි මුණ ගැහිලා....ඒක සතුටක් කියලා අපි දෙන්නම දන්නවා...ඒත් ආපු දුරත් එක්ක විඩාවක් දැනෙනවා.....සමු ගන්න බැරි බැඳිම් ලඟ හිත නත...
-
මතකද එදා. නුඹ මාව ඇරලාපු ඈත් කොනක පාළු තැනක කාටත් හොරෙන් නුඹ හෙමි හෙමින් ඉකි බින්ද හැටි.. එදා.. මම අඬද්දි මගේ හිස පිරි මැද සිප ...
ලස්සනයි
ReplyDeleteස්තුතියි කමල්...
Deleteමිනිස්සු තවත් ජීවිතයකට දෙන්න ඕනා ගරුත්වයක්...හැමවිටම..
ReplyDeleteවිශේශයෙන්ම ගැහැණියකට...
මේ සටහන...එවන් නිර්මාණයක්...අගෙයි...
හ්ම්..ගෞරවය දුන්නොත් ගෞරවය ලැබෙයි..ස්තුතියි සිහින....
Delete