Thursday, September 14, 2017
හරියටම මතකයි එදා.... හොඳටම වැස්ස දවසක්...මම බස් එකෙන් බැහැලා එද්දි නුවර ටවුන් එකේදි එයා මගේ පස්සෙන් ඇවිත් කීවා..
ප්ලිස්..මට කතා කරන්න ඕන ..
මට තෙරේනවා මගේ කම්මුල් රතු වෙලා..ලේ බහිනවා රස්නෙට..මහ වැස්සේ මම දාඩියෙන් නෑවිලා..බලෙන් මගේ කුඩේ අස්සට ඇවිත්..දවසයි වෙලාවයි කිවා....
හරියටම ඒ දවසේ ඒ වෙලාවේම පුරුදු බස් හොල්ට් එකේ මහා වැස්සක අපි මුණ ගැහුණා....ඊට පස්සේ ගියේ වයිට් හවුස් එකට...
අපි ගියා....ඉඳ ගත්තා...මූණෙන් මූණ බලන් ඉන්නවා කතා නැ...එයා ඕඩර් කලේ ඒ හීතලම දවසේ හීතලම හීතල ලෙමන් ජූස්...🙂
මම බය වෙලා බලන් ඉද්දි එයා මගේ අතක් අරන් එයාගේ අත් දෙකටම මැදි කර ගත්තා..ඒ අත් හරිම උණුසුම්...
ඊට පස්සේ අපි කතා කලා ..ඒත් මම එයා අහපු ප්‍රශ්න වලට උත්තර දීපු එක් විතරයි කලේ..
එයා හිනා වෙනවා..
ඒ වැස්සේ...ඊට පස්සේ අපි ආවා එළියට...එකම කුඩේ ඇතුලේ....ඉස් ඉස්සෙල්ලාම..එයා මාව ලඟට අරන් තුරුල් කරන් යන ගමන්..හෙමින් මගේ නලල සිප ගත්තා තමා...
෴ආදරණීය මල්෴
Thursday, September 7, 2017
මම පිළිවෙලක් කියලා දෙයක් ඉගෙන ගත්තා නම් ඒ අපේ අම්මාගෙන්ම තමයි...ඈ ඉතාමත් මනා පිළිවෙලකින් යුත් කාන්තාවක්..ඇයත් රැකියාවක් කළ තැනැත්තියක්...ඒත් කිසිම දවසක ඇය ගෙදර කැළැවට යන්න දුන්නැ...වැඩට ගියෙත් සේරම කරලා...මට හොඳට මතකයි..උදේම නැගිටලා අම්මයි අප්පච්චියි දෙන්නම උයනවා..උදේට වෙනම කෑම හදලා දවල්ටත් උයනවා..යුද්ධයක් වගේ..ඒ අතරතුර ගෙවල් සුද්ද කරනවා..අයියලා නම් ටිකක් ලොකු නිසා එයාලා තනියම ලෑස්ති වෙනවා ඉස්කෝලේ යන්න..අප්පච්චි මාව ලෑස්ති කරනවා..ලේසි නෑනේ දරුවො හතරක් ඉස්කොලේ යවලා හැමදේම කරලා වැඩටත් යන එක..
චුට්ටක් තේරෙන වයසට ආවාම අම්මාගේ මේ වික්‍රමය ගැන මම කල්පනා කලා...දවසක මට පුළුවන් වෙයිද අම්මා වගේ වෙන්න මේ සා විශාල කොටසක් මගේ ජීවිතේට ඈද ගන්න පුළුවන් වෙයිද...අම්මා නම් හරි පුදුමයි..ඇගේ පිළවෙල..රටාව මේ හැමදේම මට නම් පුදුමයි තාමත්..
මට මතක ඇති කාලේ ඉඳලාම අම්මා මාව සූක්ෂම විදිහට හැසිරෙව්වා..පිළිවෙල කියා දෙන්න..බැනුම් අහපු..ගුටි කාපු..අඬපු අවස්ථා එමටයි..ඉස්සර ඒ දවස් වල මට අම්මාව හරිම වදයක්..හමුදාවෙන් වගේ කාමරෙට කඩා පාත් වෙද්දි මට සේරම වෙලා ඉවරයි..හැම අහු මුල්ලක්ම පරික්ෂාවට ලක් වෙද්දි මම මුල්ලකට වෙලා බලන් ඉන්නවා ඊළඟ වටේ ගුටි කන්න හරි බැනුම් කෝටියක පූජාවට මම ලක්වෙන බව දන්න නිසාම...ඒ බයටම මමත් ගෙදර හැමෝමත් පිළිවෙල පුරුදු වුනා...හැම අතින්ම..
අම්මා කියා දීපු පිළිවෙල මට ආභරණයක් වුනේම මම කොළඹ රස්සාවට ඇවිත් බොඩින් වුනාම...හැම දේම කර ගන්න වුනේ තනියෙම..නුහුරු පරිසරයක..ජීවිතේ
ඉදිරි ගමන යන්න පෙර හුරුවක් ලැබුණ හොඳම තැන..බොඩිමේ ඇන්ටි එයාගේ දරුවෙක්ට වගේ ආදරේ කරද්දි..මගේ පිළිවෙල අගය කරද්දිි මට මතක් වුනෙ අම්මාව....මා ඒ තැනට ගෙනාපු...
ඊට පස්සේ විවාහ වුනාම..මාත් රැකියවට යද්දි මම මට පුළුවන් තරමින් මගේ අම්මාව අනුගමනය කලා..ඊට පස්සේ දැන් මගේ දරුවො...මගේ අම්මා වගේ සැරට නැතත් පිලිවෙලදි මම එයාලට අනිවාර්යයෙන් තදින් ඉන්නවා...හැබැයි ආදරෙන්..මොකද මම දන්නවා ආදරෙන් කියද්දි දරුවො එකවරම අහන්නේ බයට නෙමේ කියලා...ඒ මොනා වුනත් අම්මාට මම ණය ගැති හැමදේටම...

ආදරණීය ආදරය..
.....
කයිරාගේ තිබුණ කලබලකාරි හැසිරීම් දිහා බලන් ඉද්දි මට කයිරාත් එක්ක ඇති වුනේ කේන්තියක්..ඇය අම්මා තාත්තා ඉස්සරහා හැසිරෙන විදිහ කතා කරන විදිහ පුදුමයි..මම කල්පනා කලේම අැයි ඇය එහෙම කරන්නේ කියලා....කයිරා..ඒත් මම ඇගේ සමහර දේවල් වලට කැමති..සමහර තැන් ඇය දරා ගන්න විදිහ..දෙමාපියන්ගේ ඈත් වීම්...ඇය ප්‍රේමයෙන් පරාජිත වෙද්දි නොවැටි ඉන්න ඇය ගන්න උත්සහය වගේම ඇගේ පෙම්වතාගෙන් ඇයම සමුදි යන තැනදි..කයිරාට එහෙම කරන්න හේතුවක් තිබ්බා....ඇය ඔහුට ඒක මූණටම කියනවා...
ඒත් එකම එක තැනකදි ඇය වඩාත් සංවේදි වුණ තැනක් තිබ්බා....එතැන් සිටම ඇය මගේ හදවතේ තාම ජීවත් වෙනවා...ඈ වෙනුවෙන් ආපු හැම කඳුළම මම බය නැතිව මුදා හැරියා...ඒ කඳුළු වල තෙතමනය තාමත් මගේ හදවතේ තියෙනවා....කයිරා ඇය සුන්දර කෙල්ලෙක්..
ඇය තමාගේ මානසික වෛද්‍යවරයා ලඟ දිග හරින අැගේ ජීවිත පොත...ඇඟේ හැම කඳළකටම සාධාරන හේතුවක් තිබ්බා...කලබලකමට..ආවේගශීලි කමට හේතුවක් තිබ්බා....කුඩා කල සිටම ඇයව දෙමාපියන් විසින්ම හිතා මතා ගෙදරින් ඈත් කර මිත්තනිය ලඟ තැබිම...ඇය කෙරෙහි අවධානය නොදිම...ආදරය නොදිම මේ හැමදේම ඇගේ වෙනස් හැසිරීම් වලට හේතු...
කාලෙකට පස්සෙ නැවත ඇය ඇගෙ ගෙදරට ගියත් ඇයව පිලගන්න ආදරේ කරන්න කවුරුත් නැ..කයිරා ...තව දුරටත් ඇය ගෙදර සමාජිකයෙක් නොවන්නේ එතැන් සිට....
නමුත් ඇගේ මානසික වෛද්‍යවරයා ඇයට ඇහුමකම් දීලා..ඈට ඉතාමත් ඉවසිමෙන් ඉඩ දීලා ඇයව තැනකට ගෙනවා..දෙමාපියන්ට වෛර නොාකර ඇයට ඔවුනගේ ආදරය දිනා ගන්නම පුළුවන් තැනට ගෙනාවා..ඇය අපූරුවට ඒක කලා..
Dear zendagi චිත්‍ර පටිය කාලෙකින් බැලුව චිත්‍ර පටියක්...දරුවන්ව ඈතට කරලා බලන් ඉන්න දෙමාපියන්ට ලස්සන පණිවිඩයක් අධ්‍යක්ෂවරයා විසින් ලොකෙට දෙනවා...කයිරාගේ වෛද්‍යවරයා අන්තිමට දෙන අවසාන අවවාදේ තමයි මේ..ඔය තියෙන්නේ....මට තාමත් ඇහෙනවා වගේ දැනෙන...

Wednesday, August 23, 2017
සඳ මැණික..
තාමත් නුඹේ ලඟ
ඉස්සර උණුසුමයි
කරුණාව එහෙමමයි
දයාපිරි මුහුණමැයි
ඉස්සර විඩාවට
ඉර බහින ජාමෙට
ආවාම නුඹ ලඟට
දෙන පුංචි හිනාවට
මගේ සරතැස නිවුන
මව් සෙනෙහෙ පුරෝ ගෙන
දරා ගෙන දුක් කන්ද
දුක් සුසුම් සේරෝම
නුඹ දුන්නේ අහසට
මුට්ට කර ගහපු මට
දුන්න නම නාටාමි
ඒත් නුඹ මට දුන්න නම
දෙවියොමයි හැමදාම
ඇදුම් කන පිට දිගේ
නුඹේ දෑත සීරුවට
තෙල් ගගා මැතිරුවේ
සුව වෙන්න වෙිදනා
දරු මල්ලො නැති අපිට
අපිමයි අපේ හෙවනැල්ල
නුඹේ හෙවනේ මියැදෙන්න
විතරමයි දැන් පැතුම
ඉපදෙනා හැම භවයේ
එකම එක වතාවක්
සොඳුර මට මව් වෙයන්
වඳින්නට නුඹේ දෙපා
෴ආදරණීය මල්෴
Subscribe to:
Posts (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා...1 දවසක්...මට මුණ ගැහෙනවා හරි අපූරු කෙනෙක්...ඒ හරි අහම්බයකින්...සමහර වෙලාවට අහඹු හමු වීම් අපේ ජීවිත පුදුම විදිහට වෙනස් කර...