#අපි_දෙන්නා 3
හ්ම්ම්...කියනවා නම්..අහන් ඉන්නවා නම් කොච්චර දේවල් තියෙනවද කියන්න......මට ඕන ඔයා ලඟට වෙලා හැමදේම කියන්න....මට තිබුණ ..මට දැණුන ..මම ආසම කරපු හුදකලාවෙන් මම මිදිලා වගේ හැඟිමක් දැනෙනවා..මගේ දකුණු පැත්තෙන් මට ඔයා ඉන්නවා වගේ හැඟිමක් දැනෙනවා...
ඔයා කවුද කින්ද මංද කියන එක මායිම් නොකර මම ඔයාට ආදරේ කරන්න ගත්තේ ඔයා මට ආදරේ කරන්න අරන් ටිකක් කාලෙකට පස්සේ තමයි...ඒත්...මට දැන් ඔයාව දැනෙනවා...සමහර විට හැම තත්පරේම....සමහර විට ජීවිත කාලෙම මට දැනේවි...ඒ..මම මේ තරම් ලං වුණ එකම පිරිමි පරානේ ඔයා නිසා වෙන්න ඇති....
මට ආදරේ වග මම දන්නවා....ඔයා මහ නාහේට අහන් නැති ජීවියෙක්...හැමදේම සිද්ධ වෙන්නේ වුණේ ඔයාට ඕන විදිහට...මම ඒකට කැමති.....ආදරේදැයි ඇහුවම
"පිහියක් ගනින් පපුව පලලා පෙන්නන්න"
ඒවා මහ අමුතු කතා...මට හිනා යනවා...
"ඇයි බං ආදරෙයි කියලා හැම තිස්සේම කියන්න ඕනද"
මම සද්ද නැතුව ඉන්නවා...හරි අමුතු චරිතයක්...මට හුරු වෙන්න තවත් කල් යාවි...සමහර විට හදිසියේ හරි මට මැරෙන්න වුණොත් මට එ්කවත් මට ඕන විදිහට කර ගන්න බැරි වෙයි..
"මාව දාලා මැරෙන්න"
මාව බය කරන වචන...ඒත් අපි හැමදේටම ලැහැස්ති වෙන්න ඕන..නිකමට හිතන්න මාව දාලා දවසක ඔයාට යන්න වුණොත්..හ්ම්ම් ..ඔව් මම පුරුදු වෙනවා බිම බලාගෙන හැමදේම දරා ගන්න...ඒත් ආදරේ නම් හැමදාම තියේවි....ඒක ටික දවසකින් ඇති වුණ ආදරයක් වුණත් මම පුදුම තරම් ආදරෙයි....සමහර විට කිසිම කෙනෙක් ඒ වගේ ඔයාට ආදරේ කරන එකකුත් නෑ...හැබැයි යන්න ඕන නම් කියලා යන්න...මොකද මඟැරීම් වල තියෙන්නේ හරි භයානකකමක්...
මම කැමතිම ඔයා එක්ක ඉද්දි හරි හෙමින් වෙලාව ගත වෙනවා නම්....මොකද කාලෙකින් හමු වෙලා ඉක්මනින් වෙන් වෙන්න ලොබයි...එකට හිනාවෙවි ඉන්න පුංචිම වෙලාවක් වුණත් හරිම ආදරණීයයි..දන්නවද....
හුදෙකලාවල් .........අහු මුළු වල ගැවසෙන්න ආස මම දැන් කැමති ඔයත් එක්ක ඉන්න....මම කියන්නම් දෙයක්....පිරිමියෙක් කියන්නේ බොහොම රළු කෙනෙක්...ඔයා වැඩියෙන් එහෙමයි...ඒත් ඔයා මට දක්වන මුදුකමට මම ලෝබයි...මාව හිනස්සන කරන වැඩ වලට ලෝබයි...තිස්සේම ඇඟේ දැවටෙනවට ලෝබයි..
"සදාකාලිකව ඔබගේ හදවත හිමි නැත
ටික කලෙකට හෝ මට එහි ලොව්තුරු සුව ඇත"
ඔයා කවුද..කොහෙන් ආවද..ඔය කිසි දෙයක් මට වැදගත් නෑ....මට යන්න කියනකල් මම ලඟින් ඉන්නම්...මට තව කාටවත් දෙන්න හිතක් තව ඉතිරි වෙලා නෑ....ඔයා සින්නක්කරවම ඒ හිත ලියාගෙන ඉවරයි...
#
#ආදරණීය_මල්❤❤
Sunday, December 8, 2019
#අපි_දෙන්නා -2
"මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින් මගේ විතරද කියනව නම්"... ඔයා කොච්චර ඉක්මනට මාව අයිති කර ගත්තද....මං දන් නැ ඒක වුණෙ කොහොමද කියන්න...එච්චර විශ්වාසයක් ගොඩ නැගුනේ කොහොමද..ඒ කිසි දේකට උත්තර හොයන විදිහ මම දන් නැ...ඒ ගැන මම හිතන් නැ....ඒත් මම ඔයාට ආදරේ කරනවා...ඒත් ඔයා මට යම් තරමින් ආදරේ කරනවද ඒ ලඟටවත් මට කිට්ටු වෙන්න බැරිව ඇති.... "මට ඔයා නැතිව ඉන්න බැරි වෙයි" ඔයා එහෙම කියන කොට මම බයයි..මොකුත් නිසා නෙමේ...මේ ලෝකේ කිසිම දෙයක් සදාකාලික නෑ....මාව දාලා යන්න එපා කියන්න හරි...මාව අමතක කරන්න එපා කියන්න හරි මට අයිතියක් නෑ...එහෙම කියන එකත් හරි නෑ....ඒත් මම වෙන අය හොයන් නෑ...කවදා හරි ඔයාට යන වෙන දාක ඔයාට යන්න පුළුවන් විදිහට මම පාර හදලා තියෙන්නේ ....මම හේතු අහන් නෑ...හෙට ගියත්....හේතු කියන්නත් එපා....ඒක මේ ආදරේට ගැලපෙන් නැ....කවදා හරි ඔයා යන දවසට මම ඉවසන් ඉන්න හැටි පුරුදු වෙන්න ඕන...ඒක කරන හැටි මම දන් නැ...එකමෙක කඳුළක්වත් වට්ටන් නැතිව ඉන්න මම පුරුදු වෙන්න ඕන...සුබ පතලා පුංචි හාදුවක් කම්මුල් දෙකටයි නලලටයි තිබ්බම ඇති.... ජීවිතේ හරි පුදුමයි....හිතා ගන්න බැරි දේ්වල් සිද්ධ වෙනවා..ඔයාත් මගේ ජීවිතේට ආපු පුදුමයක්...කිසිම කෙනෙක් ගැන බලාපොරොත්තු තියන් නොහිටපු මට ඔයාව මුණ ගැහෙනවා...එහෙම දවස් තුන හතරකින් ආදරයක් ඇති වෙනවද ඇහුවම "මම දන්නැ...මට එහෙම වුණා" ඔයා දීපු උත්තරේ ඒක...මම තාමත් පුදුම වෙනවා...අහඹු මුණ ගැස්සිම් ජීවිත වෙනස් කරන හැටි....ඔයා මාව පුදුම කරවන හැටිත් පුදුමයි... #මනමාලඇස්.. මාව අමාරුවේ දාන...සැරින් සැරේ මා දිහා බල බල... "මං ආදරෙයි" කියන කොට..මට හිතෙන්නේම කොහේ තියෙන ආදරයක්ද මේ...ඒ ඇස් වල බොරුවක් ලියවිලා නෑ කියලා මට තේරෙනවා...ඒත් බයක් තියෙනවා...දෙයියනේ මොන පිරිමියටද එහෙම ආදරේ කරන්න පුළුවන් ...මං දන් නෑ...ඕවා මම හිතන්න කැමති නෑ...මම ආසම මගේ අත අර ගෙන තදින් අල්ලගෙන පොඩි ලමෙක්ව අල්ල ගන්නවා වගේ ඒ පොඩි එකා පැනලා දුවයි කියන බයට පුදුම විදහට ආරක්ෂා සහිතව තියා ගන්නවා වගේ ලඟම තියා ගන්න විදිහට...මගේ අත ඉවරයක් නැතිව ඉඹලා ඉඹලා..සුවඳයි කියන කොට ඇත්තටම ඔයා පව්.. වැඩ රාජකාරි මහ ගොඩක් තියා ගෙන..මාව බලන්න ඇවිත්.. ආපහු යන්න යද්දි මම නොපෙනි යනකල් බලාගෙන ඉඳලා යන..කොටින්ම මේ සා ලොකු ආදරයක් මට වෙන කාගෙන්ද ලැබුණේ....මම ඒ ආදරේට ආදරෙයි....ඒ ආදරේට ලෝබකම් කරන්න මම ලෝබයි....ඒත් ලඟින් ඉන්න කල් ඔයාගේ විතරක් වෙලා ඉන්න ඕන...දවසක අන්තිම දවස උදා වුණත් මුළු ජීවිත කාලෙම මම ඔයාගේ විතරක්ම වෙලා ඒ මතක එක්ක හැමදාම මැරෙනකල් ජීවත් වේවි.. ඇයි දන්නවද.. නුඹ තරම් මට පෙම් බැඳි නුඹ තරම් මගේ හිත බැඳුණු තවකෙක් මේ මිහිමත නැති නිසා..

#අපි_දෙන්නා...1
දවසක්...මට මුණ ගැහෙනවා හරි අපූරු කෙනෙක්...ඒ හරි අහම්බයකින්...සමහර වෙලාවට අහඹු හමු වීම් අපේ ජීවිත පුදුම විදිහට වෙනස් කරනවා...මම මේ කියන පුද්ගලයත් හරි අපූරු කෙනෙක්..ටිකක් විතර වෙනස් කෙනෙක්....
අහම්බෙන් මුණ ගැහුණ මේ කෙනා දවසක් මට හදිසියේම කියනවා මට ආදරෙයි කියලා...මම සමච්චල් හිනාවකින් ඔහුට ප්‍රතිචාර යැවුවම වුණත් ඔහු එය වැඩිය ගානකට ගත්ත බවක් පේන්න තිබුණේ නෑ...ඔහු මට අහන්න සලස්සනවා සිංදු..ඒවා මම කලින් අහලා තිබුණ ඒවා වුණත්..මම එයාට හොරෙන් ඒ සිංදු රස විඳින කොට මට ඒ හැම සිංදුවකම ඔය මනුස්සයා පේන්න ගත්තා...නමුත් මම ඒ වගක් පෙන්නන්නේ නැතිව ඉන්න උත්සාහ කලා....
ඔහු..මට නිතරම කිව දෙයක් තිබ්බා
"ඔයා දවසක දුක් වෙයි දවසක හොඳ කෙනෙක් නැති කර ගත්තා කියලා"
මම තනියෙන් හැම තිස්සේම කල්පනා කලා මේ මනුස්සයා මොනාද කියන්නේ කියලා...ඒත් මම කිසිම හිත් උණු වීමකින් තොරව වචන පාවිච්චි කලාම ඔහුගේ හිත රිදුනම මම මහ කුරිරු සතුටක් ඇත්තටම ලැබුවා...මම එහෙම වුණේ කොහොමද කියන්වත් මම දන්නැ....දවසක් මගේ වචනයකින් හොඳටොම හිත රිදව ගත්ත ඔහු යන්නම යන වග මට පණිවිඩයකින් තියලා ගියා...
ඇත්ත...මම කලබල වුණා...ඒත් ඇයි...මට හිතා ගන්න බෑ...මම හිත ඇතුලෙන් ඔහුගේ සමාගම ප්‍රිය කලා..ඇත්තටම ඔහු හිතෛෂී පුද්ගලයෙක් ....මගේ එකදු කෙටි පණිවිඩයකටවත් උත්තර නොදුන් ඔහු අඩුම තරමේ මගේ ඇමතුම් වලටවත් උත්තර නොදි හිටියා...
මගේ හිතේ කොහේදො තැනක් රිදෙන්න ගත්තා...මට පාළුවක් දැණුනා ...මම සමාව ඉල්ලුවත් ඔහු නොසැලි හිටියා...මම පරාද වුණ හැඟිමකින් පෙලෙමින් හිටියා..ඔහු අහිමි වීමේ දුකක් මගේ හිතේ පැල පදියම් වෙලා...
අන්තිමට මම තීරණය කලා...මම ඔහුට ආදරය කරන බව කියන්න...ඇත්තටම මම කෙලින්ම නොවුණත් මම ඔහුට ප්‍රේම කරන බව දැන්නුවා..අවසානයේ ඔහු සියලු සිදුවීම් අතැරලා ආයිමත් මං ලඟ නතර වෙනවා...
මට ඔහුගේ තේරුම් ගන්න බැරි තැන් කීපයක් තිබ්බා..ඒ ඔහු පිස්සුවෙන් වගේ මට කරන ආදරය ගැන..."ඔය බොරුවක් වෙන්නැති" කියන මහ සහාසික හැඟිම මගේ හිතේ තිබ්බා...ඔහුව මට පලවෙනි වතාවට මුණ ගැහෙනකල්ම...
ඔහු ඇත්තටම මහ ගොඩක් ලස්සන අර කියන කඩවසම් කෙනෙක් නෙමේ....හැබැයි මම ඔහුව මගේ ඇස් වලට තදින් ග්‍රහණය කර ගත්තා...සාමාන්‍යයෙන් ගැහැණියෙක්ගේ හිත එවන් අය කෙරෙහි බැදෙනවා අඩු බව මම දන්නවා...නමුත් මගේ හිත ඔහු ලඟ නිසොල්මනේ නැවතුන බව හැබැවක්...මම ඔහු ලඟින් ඉඳ ගත්තම ඔහු මුලින්ම කීව වචන ටික
"ඔයා ඇත්තටම ලස්සනයි"
ඒ කිවේ මගේ රූපේ ගැන..ඒක මම දන්නවා...මහා ලොකු ලස්සනකට උරුම නැතත් ඔහු ඔහුගේ ඇස් දෙකෙන් මාව ලස්සනට දකින්න ඇති..මට ඔහුව පෙනුනා වගේ......ඒත් මම ආසා වුණේ මගේ හිතේ ලස්සන ඔහු දකිනවා නම්..
ඔහු මගේ දිහා බලන් ඉද්දි අපහසුතාවයට පත් වෙච්ච මම කිවෙම
"ඔහොම බලන්න එපා මගේ දිහා"
"ඇයි..මගේනේ"
මම හිනා වුණා..
"කොහෙද දැන් යන්නේ"
"පාර තියෙන්නේ ඔහේ යමු"
සැරින් සැරේ ඔහු මගේ දිහා බලන කොට මහ අමුත්තක් මට දැණුනා..නුපුරුදු ගතියක්..ඔහු විහිළු කරනවා හිනා වෙනවා ඉවරයක් නෑ...
මගේ අත අරගෙන පපුවට තියාගෙන තදින් හුස්ම ගන්න ගමන් හෙමින් හෙමින් කී පාරක් මගේ අත ඔහු සිප ගත්තද...මේ හැමදේම මට නුහුරුයි...මට ඔහුව වඩාත් ඉක්මනින් දැනුනේ ඒ කිසි දෙයක් නිසා නෙමේ...මගේ අත අරන් පපුවට අත් දෙකින්ම තද කරන්
"දැනෙනවද මගේ පපුව ගැහෙනවා" ඇහෙනවද"
ඔහු කියවනවා..මගේ දිහා බලන් නැතිව..
ඇත්තටම මට මහ දුකක් දැනුනා..
මං ගැන කිසි දෙයක් නොදැන මම ඔයාට ආදරේ නෑ කියන තැනට එන්න එපා...මම ඔහුට කිව්වා...
එක තැනක ඔහු කාර් එක නවත්තනවා..අපි කතා කරනවා..හිනා වෙනවා...
ඇත්තටම කැත මිනිස්සු ලෝකේ නැ..ඉන්නේ හිත් කැත මිනිස්සු ...මේ මනුස්සයා කොච්චර හොඳද....මම බලන් ඉඳලා කිව්වා..
"මෙහ් ඔයාගේ ඇහි බැමි ලස්සනයි ..හදලා වගේ"
එයා හිනා වෙවි කන්නාඩ්ය පහත් කරලා බලනවා..
"ඇස් දෙක නම් මහ මනමාල පාටයි"
එහෙම කීවම එයා මහ හයියෙන් හිනා වුණා...
අන්තිමට බලහත්කාර හාදු වැස්සකින් ඔහු මාව තෙමනවා......"මගේ විතරක් වෙයන්"
අන්තිමට ඔහු කියනවා
ජීවිතේ මොන විදිහට කෙලවර වුණත් ආදරෙන් ගෙවුන එක මොහොතක් වුණත ජීවිත වලට හිනාවක් ගේනවා...එහෙම කතා ඕන තරම් ලෝකේ තියෙනවා ..ගොඩක් කතා හැංගිලා තියෙන්නේ ....එහෙම තමා ලස්සනම...
ලොව නිසසල වි නවතින මොහොතේ
යටි හිත් මතු කොට සිනා සලා
ලොව දොඩමළු ව් නෙත් මානන කල
අපි දෙදෙනා ඉමු තරහා වෙලා..
එහෙම කිවේ ඒකයි.... .....
#ආදරණීිය_මල්❤❤
Friday, March 8, 2019
#නිදහස🐾️🐾️
මට ඕන නිදහසේ ඉන්න...ගොඩක්ම නිශ්ශබ්ද තැනක...මට විතරක්ම ඉන්න පුළුවන් තැනක..මට හැමදෙයක්ම අමතක වෙන තැනක....
හැමෝම නැති වෙච්ච දේවල් ගැන...නැති දේවල් ගැන හිත හිත දුක් වෙද්දි..මට ඕන මට ලැබුණ දේවල් ගැන හිතන්න...ඒ ගැන හිතලා හිත පුරව ගන්න...හොඳ හුස්මක් ගන්න...
🐾️🐾️🐾️🐾️🐾️🐾️
එදා ඉඳලා අද වෙනකල්ම ජීවිතේ හිමි වීම් වලට වඩා වැඩියෙන් තියෙන්නේ අහිමි වීම්...සමහර වෙලාවට ජීවිතේ තියෙන්නේ අහිමි දේවල් වල්...සමහරදාකට තනියෙන් හිත හිතා අඬපු දවස් තිබ්බා...මට ඕන වුණේ කාගෙත් අවධානය මගේ පැත්තට හරව ගන්න...එහෙම බැරි වුණාම එහෙම නැති වුණාම මම දන්නෙත් නෑ ඇස් වලට කඳුළු එනවා...ඒ ගැන වැඩි පුරම දන්නේ මගේ කොට්ටේ...රැයවල් එළි වෙනකල් මගේ කඳුළු වලට හේතු අහලා උත්තර දෙන්න හැදුවේ මගේ කොට්ටේ ..
🐾️🐾️🐾️🐾️
මම වැඩියෙන් ආදරේ කරපු අය ජීවිතෙන් පලා යද්දි මම මානසිකව වැටෙද්දි මම කලේ යන්තම් කළුවර වැටිගෙන එද්දි එළියට ඇවිත් පඩි පෙලේ ඉඳන් ඉන්න එක...හීතලම හීතල පරිසරයත් එක හිත බැඳෙන කොට පින්න වැටි ගෙන එන කොට තණ කොල වලින් එන සුවඳට සනීපෙට මම ආස කලා...සෙරප්පු දෙක ගලවලා තියලා ඒ හීතලේම මම හෙමින් ඇවිදිනවා....චුට්ටක් නැවතිලා අහස දිහා බලන් ඉද්දි තැනින් තැන තනි වෙච්ච තරු ඕන තරම් තියෙනවා...ඒ අතරින් මම මාව හොයන්නත් පුරදු වුණා...හඳ තියෙන හවස් යාම වල මම වැඩි පුර එළියට වෙලා හිටියා...සමහර දාක නිදා ගනිද්දි මම ජනෙල් රෙදි මෙහාට කරලා හඳ දිහා බලන් ඉන්නවා...ලා නිල් පාටින් හඳ එළිය ජනේලෙන් කාමරේ පිරෙද්දි මං අාසයි..නින්ද යනකල් සිංදුවක් අහන්න පුරුදු වුනේ එහෙම...අදටත් මම ආසා එහෙම..
පොත් කියවන එක..පුංච් පුංච් කොල කෑලි වල කුරුටු ගාන්නත් පුරුදු වුණා...ඒවා අනික් පැත්තට විසි කලේ කවුරුත් දකි කියලා බයට
🐾️🐾️🐾️
🐾️🐾️🐾️🐾️
මම මට නැති වෙන දේවල් වලින් හිත හදා ගන්න පුරුදු වුණේ එහෙම...ඒ දේවල් ගැන දුක් වෙවි හිටිය කාලේ අපරාදේ කියලා හිතෙන තරමටම මම ඒ දේවල්👆👆👆 වලට ඇබ්බැහි වුණා...අදටත් මම ආසා නිහඬ ..නිසසල හුදෙකලා බවට...
🐾️🐾️🐾️🐾️
කොච්චර සෙනඟ මැදක වුණත්...බස් එකක වුණත්....කොතැනක් වුණත් මට ඕන විදිහට මට හුදෙකලා වෙන්න පුළුවන් හිතින් ...ගොඩක් මිනිස්සු කලකිරෙද්දි ..දුක් වෙද්දි මට හිත හදාගෙන පැත්තකට වෙලා ඉන්න පුළුවන් ...හැම දෙයක් දිහාම නිහඬ වෙලා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න පුළුවන් තැනට මම මගේ හිත අරන් ඇවිත්...හබා යන මිනිස්සු අතරේ සංසුන්ව මට ඉන්න පුළුවන් ...
🐾️🐾️🐾️🐾️
මට ජීවිතේ මුණ ගැහුණේ එහෙම....මම ඒ දෙවල් තනියෙන්ම හොයා ගත්ත දේවල්...මට කිසි කෙනෙක්ට වෛර කරන්න බැරිත් මම ඒ දේවල් වලින් හිත හදා ගත්ත තරමටමයි..."ඇයි ඔහොම ඉවසන් ඉන්නෙ"කෙනෙක් අහන කොටවත් මට දෙන්න උත්තර නෑ..මම හිනා වෙනවා විතරයි...😊😊😊😊
#ආදරණීය_මල්❣️❣️

මට නිතර මඟෑරෙන ඔබ
මං ආදරේ යැයි නිතර නිතර
මගේ හිත ගතු කියන
අාදරේ යැයි කියන මුත්
ඔබ මඟ හැර ගියද
ආදරේ බිඳකුදු අඩු නොවන බැව්
සපත කිරිම තරම් නොවන නිසා
ඔබ මඟ හැරි යනු බලා හිඳිමි
දුහුවිලි දුමාරයෙන් පිරුණ
දහඩියෙන් පිරුණ
මිනිස් ඔළු ගෙඩි අතර
ඔබ හිඳිදැයි විපරම් කිරිමත්
අණුවන බැව් දැනෙන මුත්
මා ඔබවම සොයමි
දුක් නොවි හිඳින්නැයි
අණ කරන අය'තර
මගේ හිත නොතේරෙන අය'තර
අසරණ වෙන බවම දැන දැන
හිඳිමි...වැලපෙමි
"ආදරේ" යැයි යළිත් වරකුදු
පැවසීමට නොඉවසිලිවන්ත වෙමි
සමා වෙන්නැයි නොයැදිමි
ආදරේ යැයි පවසමි
හිතම සුවපත් කර ගමි..
#ආදරණීය_මල්❣️❣️
මං ආදරේ යැයි නිතර නිතර
මගේ හිත ගතු කියන
අාදරේ යැයි කියන මුත්
ඔබ මඟ හැර ගියද
ආදරේ බිඳකුදු අඩු නොවන බැව්
සපත කිරිම තරම් නොවන නිසා
ඔබ මඟ හැරි යනු බලා හිඳිමි
දුහුවිලි දුමාරයෙන් පිරුණ
දහඩියෙන් පිරුණ
මිනිස් ඔළු ගෙඩි අතර
ඔබ හිඳිදැයි විපරම් කිරිමත්
අණුවන බැව් දැනෙන මුත්
මා ඔබවම සොයමි
දුක් නොවි හිඳින්නැයි
අණ කරන අය'තර
මගේ හිත නොතේරෙන අය'තර
අසරණ වෙන බවම දැන දැන
හිඳිමි...වැලපෙමි
"ආදරේ" යැයි යළිත් වරකුදු
පැවසීමට නොඉවසිලිවන්ත වෙමි
සමා වෙන්නැයි නොයැදිමි
ආදරේ යැයි පවසමි
හිතම සුවපත් කර ගමි..
#ආදරණීය_මල්❣️❣️
Thursday, March 7, 2019
Wednesday, December 19, 2018
#සේපාලිකා
අපේ ජීවිත වලට ලැබෙන නොලැබෙන දේවල් හරි වෙනස්...සමහර දේවල් අපිට සතුටු වෙන්න පුළුවන් දේවල් ...සමහර නොලැබෙන දේවල් හරි කටුකයි..සමහර දේවල් අපි ආදරේම කරන දේවල්..ඒත් ඒ දේවල් අපිට නැති වෙනවා ඒකත් අපි නොහිත වෙලාවක....ඒත් ඒ වෙනුවට දේවල් අපිට ආපිට ලැබෙනවා ....අපි කැමති වුනත් නැතත් අපි ඒවා බාර ගන්න ඕන.....ඒකයි දෛවය....මේකත් එහෙම කතාවක්..
========================
===================
සේපාලිකා කියන්නේ මම ආසම මලක්..රෑට පිපිලා පාන්දර වෙද්දි බිමට වැටෙනවා...ඊට පස්සේ පරිස්සමින් ඇහිද ගෙන සුවඳවත් රැවින් සපිරි සේපාලිකා මල් බුදුන්ට පූජා කරනවා....සමහර වෙලාවට සමහර අය සේපාලිකා මලට විවිධ අර්ථ කථන දේවි...ඒ තමුන්ට දැනෙන විදිහට...මම ආසයි පාරිශුද්ධ කියන නම දෙන්න සේපාලිකා මලට...
මම අැයට දෙන නමත් #සේපාලිකා....ඒක එයාට ගැලපෙනම නම..මට එයාව මුණ ගැහෙන්නේ බස් එකෙදි....සේපාලිකා බස් එකට නැග්ගේ මාස පහක විතර මලක් වගේ ලස්සන දූ පැටියෙක් වඩා ගෙන..එයා මගේ ලඟින් ඉඳ ගත්තේ ලස්සනට හිනා වෙලා..
එයා හරි පරිස්සමට දූ පැටියාව තුරුල් කරන්...අම්මලා එහෙමනේ ඉතිං....මම හිනා වෙලා එයා දිහා බැලුවා එයත් පිලිතුරු හිනාවක් දුන්නා...
"දුව ඔයා වගේ"
එයා අහිංසක විදිහට හිනා වුණා...
"ගොඩක් අය එහෙම කියනවා....ඇත්ත වෙන්න අැති"
එ් මූණ පුරාම මට පෙනුනේ අහිංසකමක් විතරමයි...කම්මැලි හංදා මට චුට්ටක් එයාට කතා කරන්න හිතුනා...
"දූත් එක්ක කොහෙද ගියේ"
එහෙම ඇහුවම එක පාරට එයා මගේ දිහා දිහා බලපු විදිහට මම බය වුණා මට බනි කියලා..
"අනේ සමාවෙන්න...මම මට අදාල නැති ප්‍රශ්නයක් ඇහුවේ"
"අනෙ නැහැ...මම අපෙ අම්මාලාගේ දිහා ගියා"
"අහ්..තනියම"
"ඔව් එයා වැඩට ගියා උදේ මාව අම්මලාගේ ගෙදරින් දාලා"
"එයා එන වෙලාව අල්ලලා මම මේ යනව"
"අනේ...ෂෝක්..මමත් දුව ගන්න ක්ලාස් එකට යන ගමන්" ..මොකද්ද චූටි දුවගේ නම...
"මන්දාකිණි"
"ලස්සන නමක්...මන්දාකිණි"
"එයත් අහස වගේ..ලස්සනයි"
"මෙයා ඉතිං මගේ පන"
එහෙම කියලා සේපාලිකාව චූටියාව ඉඹිනවා....පරිස්සමට ..
"අම්මලාට ඉතිං දරුවෝ මුළු ලෝකෙමනේ"
"ලැබුණ දවසේ ඉඳලා..මටත් එහෙමයි"
එහෙම කීවම එයා හෙමින් බිම බලා ගත්තා...
"මට හතර පාරක් දරුවෝ ලැබෙන්න ගිහින් නැති වුණා....අන්තිම පාර දොස්තරලා කීවා ආයිත් මට බෑ කියලා දරුවෙක් හදන්න...හැම තැනම ගියා අපි..හරි ගියේ නැ....මම නින්දා අපහාස ගොඩක් වින්ඳා"
ඇස් වල කඳුළු පුරවගෙන එහෙම කියද්දි හරි අමාරුයි දරා ගන්න...
"එතකොට මෙයා"
එයා චූටි පැටියා දිහා බලලා දිගම දිග හුස්මක් ගත්තා..
"මෙයාව හදා ගන්න ගත්තා...දුප්පත් අම්මා කෙනෙක්ගෙන්"
මම ටිකක් වෙලා ඔහේ බලන් හිටියා..
"නීත්‍යානුකූලවද"
"ඔව් කීව විදිහට හැමදේම කලා"
"ඔයාට අමුත්තක් නැද්ද..?මෙයා ඔයාගේ නෙමේ කියලා"
"අනේ මට කිරි එරුනේ නැති එක විතරයි....මේ මට අහිමි වුණ එක දරුවෙක් වෙන්න ඇති ...ආපහු මා ලඟටම ආවේ.....මෙයා ලොකු වුණාම වෙනස් වෙයිද....අපිව නොසලකා හරිද කියලා මට හිතෙන් නෑ...මම මටවත් ඉතිරි කර ගන්නේ නැතිව මෙයාට සේරම ආදරේ දෙනවා..අපිට ජීවිතේ දුන්නේ මෙයා..අපේ හැමදේම මෙයා"
ආදරේ ඇස් දෙකේ පුරෝගෙන එයා කියවනවා...ඇත්තටම ගැහැණියක් කියන්නේ පුදුම නිර්මාණයක් ......හිතා ගන්නවත් බැරි තරම්...තමුන්ගේ කුසින් බිහි නොකලාට අඩුවක් නැතිව හදා ගන්න දරුවාට දෙන ආදරේ ....එහෙම කරන්න පුළුවන්ද හිතෙන තරමට පුදුම ආදරයක්..
මට "නෙල්සන් වාස්ගේ" සිංදුවක් මතක් වුණා..
වදනා අම්මලාද
හදනා අම්මලාද
පැහැදුවේ අම්මා අරුතේ.....
ඒත් මම පුදුම වෙන් නැ..කීප දෙනෙක් ඇරුණාම ලංකාවේ ගැහැණු හරිම මානුෂියයි ...
මට කියන්න ඉතිරි වුණේ..
"අනේ ඔයා හරිම හොඳයි"
කියලා විතරමයි...මට ඇඬුණා...
===========================
==================
ඊට අවුරුදු එකහමාරකට විතර පස්සේ මම බස් එකට නැගලා ඉඳ ගන්න යද්දි මම දැක්කා හුරු පුරුදු මූණක්...හඳක් වගේ ලස්සන චුටි දුවෙක් එක්ක....අනේ මට මතක් වුණා..එයත් මා දිහා බලන් හිටියා...අපි එකටම හිනා වුණා...
"මතකද මාව..අනේ මැණික දැන් ටිකක් ලොකුයි"
"ඔව්..මගේ පන මේ"..
"දන්නවද වැඩක්...මම අායෙත් අම්මා කෙනෙක් වෙන්න යනවා..දැන් මාස හතරක්...මෙයා තමා ඒ වාසනාව ගෙනාවේ...කවුරු ආවත් මගේ මැණිකගේ වටිනානම එහෙමමයි..මගේ ලොකු දුව"
එදා වගේම ආයෙමත් මට ඇඬෙනවා....සතුටට...සතුටට වැඩිකමට..
ඇත්තමයි ඇය සේපාලිකා මලක්මැයි.... පුංචි දූ පැටියා අහසක්මැයි...සුන්දරයි....❣️❣️
ප.ලි..ගැහැණියක් කියන්නෙම දරාගෙන දරා ගැනිමක්මයි....හරියටම අහසයි පොලවයි වගේම...මම ලංකාවේ ගැහැණුන්ට ආදරේම ඒකයි....ඒ වගේ අය ලොවෙත් නෑ...

Subscribe to:
Posts (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා...1 දවසක්...මට මුණ ගැහෙනවා හරි අපූරු කෙනෙක්...ඒ හරි අහම්බයකින්...සමහර වෙලාවට අහඹු හමු වීම් අපේ ජීවිත පුදුම විදිහට වෙනස් කර...