Friday, May 18, 2018

Life is beautiful ...



ඔබේ ජීවිතය ලස්සන කර ගන්න පුළුවන් ඔබටයි....කවුරු හරි ඔබට හිනා වේවි.."අපෝ ඕවා බොරු වැඩ" යැයි කියාවි..ඔබව නවතන්න හදාවි...ඔබට පුළුවන් සුබවාදි විදිහට හිතන්න..ලෝකේ දිහා ලස්සනට බලන්න....ඔබේම ඇස් දෙකෙන්....ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකේ කොහෙවත් නැ....හැමෝටම මොනම හරි ප්‍රශ්නයක් තියෙනවා...ඒත් ඒවාට බෑ අපේ ජීවිත වලට ඉස්සර වෙන්න ......be possitive and then u can live happily...ඔබේ සතුට තියෙන්නේ ඔබේ ලඟයි...

සමහර වෙලාවට සමහර කෙනෙක්ගේ ඇසුර අපිට වැදගත් වෙන්නේ ඒ ඇය/ඔහු හැසිරෙන. කතා බහ කරන විලාසයට අපේ හිත ඇදිලා යන නිසා..අපේ අදහස් හා සම වෙන නිසාත්..සැහැල්ලු බව නිසාත්..ඒ නිසාම අපි ඔවුන් හොඳ යැයි හැඟිමක් අපේ හිතට කා වද්දනවා...හැබැයි එකමෙක තප්පරයක් අැති හැමදේම වෙනස් වෙන්න...අපි හොඳයැයි අපි මවන් ඉන්න ඔවුන්⁣  එක දශමයක් හරි වෙනස් වුණොත් ඒක අපේ හිතට පුදුම දුකක්....ඒ වෙනස දරා ගන්නත් බැරි වෙනවා...ඉතිං බලන්න අපි අපේ සතුට..අපේ සැනසීම අපිම නැති කරන්..ඒකයි මම කියන්නේ අපේ සතුට තියෙන්නේ අපේ ලඟමයි..තව කෙනෙක් ලඟ නෙමේ...ඒ අයට පුළුවන් අපි ලඟින් ඉන්න විතරයි....ඒත් ඒ තාවකාලිකව....

#ජීවිතේ හැබැවටම ලස්සනයි ...නිකමට ඇස් ඇරලා බැලුවොත් ඔබටත් දැනේවි..ඔබ 👉 ප්‍රිය මනාප වෙන තරමට ..අනුන්ට උදව් කරන තරමට ....ඔබ පවින් ඈත් වෙන තරමට..ඔබ කතා කරන ප්‍රිය මනාප වචන වලට මේ හැමදේකින්ම ඔබට සතුටක් ලැබේවි..ඔබටම හිතේවි ඔබ කොයි තරම් සතුටින්ද සැහැල්ලුවෙන්ද කියලා...ඒ සතුට ඔබට ⁣මිල මුදල් වලට ගන්නත් බෑ..ඒත් 👉ඔබට පුළුවන් ඔබෙ සතුට හොයා ගන්න..හරි විදිහට..

මේ ගෙවන මොහොත..මේ දවස ආයිත් එන්නේ නැ..ඒ සේරම අතීතයට එකතු වෙන තැන්.....ලස්සන වචන කතා කරන්න...පුළුවන් විදිහට තව කෙනෙක්ට උදව් කරන්න පැකිලෙන්න එපා..හිනාවකට හිනාවකින්ම ප්‍රතිචාර දක්වන්න...ඔබ හොඳ වෙන තරමටම සතුට සැහැල්ලුව ඔබ ලඟට ඒවි...ඒවා හිතින් මවා ගන්න දේවල් නෙමේ..හැබැවටම ඔබ ඉදිරියෙම තියෙන දේවල්...ඔව් ඔබේ ඇස් ඉදිරි පිටම..හරියටම මේ විසල් අහස වගේ...



#ආදරණීය_මල්

No more wars

යුද්දේ නම් ලෝකේ කොහේ වුණත් මම නම් අකමැතිම මාතෘකාවක්...එකා පිට එකා මැරෙන..ලේ ගංගාවල් හැදෙන අවසානේ පලි ගැනීම් ..වෛරය...දුක් කඳුළු විතරක්ම ඉතිරි කරන කාළකන්නිම දේ තමා යුද්ධයක් කියන්නේ.. ...


පහු ගිය වසර තිහක් තිස්සෙම ශ්‍රී ලාංකිකයන් හැටියට අපි අමිහිරිම අත්දැකීම් වලට මුහුණ දුන්න ඇත්ත ඒ කාලවකවානුවේ උන්න අයට හොඳට මතක ඇති...කිසිම රජයකට නවත්තන්න උවමනාවක් නොතිබිච්ච යුද්දෙන් වැඩි පුරම බැට කෑවේ අහිංසක මිනිස්සු ....සිංහල ⁣..දෙමල..මුස්ලිම් කියලා වෙනසක් නැතිව එකා පිට එකා මැරුණ කාලයක්...බයෙන් ජීවත් වුන කාලයක්....

සිංහල දෙමාපියන්ට සිංහල දරුවෝද..දමිල දෙමාපියන්ට දමිල පුත්තුද..මුස්ලිම් දෙමාපියන්ට මුස්ලිම් දරුවන්ද ආදි වශයෙන් දරුවන් අහිමි වුණ කාලයක්....ඒ සේරම හරි..ඒ නැති වුණේ මනුස්ස ජීවිත කියලා තාමත් අමතක කොටසක් ඉන්නවා...යුද්ධයක් යළිත් වරක් ඕන කියලා ව්‍යංගයෙන් කියන..යුද්දේ ඉවර වුණේ අපරාදේ වගේ හැඟිමක් තියෙන රැඩිකල් යැයි පවසන මහ නිවට නියාලු කොටසක් මේ අදටත් අපි අතරේ ඉන්නවා....

යුද්ධයක් කියන්නේ සාපයක්...ත්‍රස්තවාදය මුළු ලෝකෙන්ම තුරන් කරන්න ඕන දෙයක්...ලෝකේ සමහර රටවල් නම් ඉතිං ලොකෙන් ත්‍රස්තවාදය තුරන් කරන්න දෙන් නැ..ඒක තමා ඇත්ත...

යුද්ධයක් කියන්නේ දෙපැත්තකම මිනිස්සු මැරෙන එකක්....ප්‍රභාකරන් කියන්නේ ආයුධ අතට අරන් මිලෙඡ්ච යුද්ධයක් කරපු කෘෘරම ත්‍රස්තවාදී නායකයෙක්..ඔහු නිසා සියක් දහස් ගණනින් මිනිස්සු මැරුණා....ප්‍රභාකරන් මැරුණාම මිනිස්සු සතුටු වුණේ ආයිත් ලේ වැගිරිම් නොවෙන නිසා....බයක් නැතිව පාරක තොටක යන්න පුළුවන් නිසා..ගෙදරින් උදේට ගිය අය ගෙදර එනකල් පන බයේ උන්න කාලේ ඉවර වුන නිසා මිස මිනිස්සු මැරුණ නිසා නෙමේ...

යුද්දේ ඉවර වෙලා අද මේ වෙද්දි අපේ හමුදාව මිනි මරුවෝ ගානට දාලා අට පාස් ආමිකාරයෝ කියන නම දීලා ගිරිය පුප්පන් කෑ ගහන කාටවත් මතක නැ එයාලත් පණ බයේ හිටපු හැටි....ලෝකෙටම හිස රදයක් වෙච්ච ප්‍රභාකරන් මැරුණ එකට පුදුම සෝකාලාප තියන මිනිස්සු කල්පනා කරනවද ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදීයා නිසා කියක් ජීවිත හානි වුණාද කියලා...අදටත් අම්මලා අඬා වැටෙන්නේ ප්‍රභාකරන් නිසා මිස අපේ හමුදාව නිසා නෙමේ කියන තැන මම ඉන්නවා...

යුද්දෙ ඉවරයි..ආයේ යුද්දේ එපා ..යුද්ධයකට ඉව අල්ලන ලේ ගඳ ගහන මිනිස්සුනේ ටිකක් පැත්තකට වෙලා හිතලා බැලුවා නම් තේරෙයි යුද්දේ කොච්චර රිදෙනවද කියලා තාමත්....තමුන්ගේ අඩුපාඩු තවත් ගිණුම් වලට හලන් නැතිව..ත්‍රස්තවාදේ ලංකාවෙන් තුරන් කලාට සතුටු වෙන්න බැරි කුහක මිනිස්සු ඉන්න සමාජෙක ජීවත් වීමත් දුකක්...මතක තියා ගන්න අපි කවුරුත් මැරෙන මිනිස්සු ...එතකල්  අපි හැමෝම ඉන්න ඕන මේ රටේ...ඒක දෙකට කඩන්න බැ කියලා..මේ අපි හැමොගෙම රට..

 #මල්

මතක...

#මතක

සමහර මතක හරි ලස්සනයි .....මතක් වෙන සැරේටම හිත හිනස්සන....තනියෙන් වුණත් හිනා යන...ඒ මතක වල වේදනාවක් නෑ...සතුට විතරමයි...

ඉස්සර ඉස්කෝලේ යද්දි තමා ඉතිරි වුණ ⁣හොඳම මතක තියෙන්නේ...ඕනම වෙලාවක මතක් වුණාම හිනා වෙන්න පුළුවන් ...ඉස්සර ඉස්කෝලේ යද්දි කරන හොඳම විහිළුව තමයි යාළුවන්ගේ කුඩ අස්සට කොල කෑලි පුංචියට කඩලා දාන එක...ඕක ඉතිං කවදාම හරි සෙනඟ මැද දිග ඇරියම කරපු කෙනා හොයා ගන්න බැරුව ලත වෙනවා...සීන් එක කියන කල් අපි බලන් ඉන්නවා ...

ඉස්සර වැඩට යද්දි මගේ යාළුවෙක් හිටියා චන්දිමා කියලා...දවසක් මම තව කොල්ලෙක් එක්ක එකතු වෙලා පැන්සලක් ඉවර වෙනකල් කටර් එකෙන් ගාලා චන්දිමාගේ කුඩේ අස්සට දානවා කොල කෑලිත් එක්ක..මොකද මම දන්නවා මෙයා වැස්සේ නැතත් බියුටිය අවුල් වෙයි කියලා පොඩි අව්වටත් කුඩේ ඉහලනවා...වැඩේ හරි ගිහින්..office එකෙන් එළියට බැස්ස ගමන් මෙයා කුඩේ ඉහලලා..සසරේ...අර රොඩු සේරම ඔළුවේ දාන් කුඩෙත් අරන් පරල වෙලා ආයිත් office එකට ආපු කැත..මැවිලා පේනවා....මට කුඩෙන් එක ගුටියයි..මම අහිංසකයිනේ...අර කොල්ලට ගැහුවා ගැහිලක් ඇඩ්රස් නැති වෙන්න..පව් ඉතිම්..මගේ කුප්ප අදහස් වලට මට එයා උදව් කලා විතරයි....පස්සේ ඒ කොල්ලා මං ගාවට ඇවිත් නාහෙන් ඇඬුවම මම කිවේ..


"මිනි මැරුවත් එකයි...අනුබල දුන්නත් එකයි"😏😏😏



හරි ලේසි තියරියක් වුණාට මාත් එක්ක ඒ කොල්ලා තරහ වුණ දුක වාව ගන්න බැරිම තැන මම තීරණය කරලා හිටියේ මූද ලඟ නිසා පනින්න....ඒත් මගේ අහිංසක බැල්ම දරා ගන්න බැරුව එයාම ඇවිත් යාළු වුණා...හම්මේ ඔය වගේ ඒවා හරි ගොඩක් තියෙනවා මතක හැටියට...ඒවා මාරම ලස්සනයි ..තාමත් හිනා වෙන්න පුළුවන්..

ඔන්න ඔය වගේ මතක අලුත් කරන සිද්ධි ආයිත් වුණාම සේරටම වඩා හිනා යනවා...මහා වැස්සේ මහ පාරේ කුඩේ දිග අරිද්දි කොල වැස්සක් වැටුණම කොහොමද සනීපේ....ආපහු හැරිලා ඇවිත් කරපු කෙනාට "මෝඩයා" කියලා බැනලා කුඩේ දිග ඇරන් තෙමිතෙමි හිනාවෙවි යන රටක් මේක...

ඒ මොනා වුණත් ඒවා සුන්දර මතක හැටියට මතක අස්සේ ගොනු වෙනවා..ඒ මතක වලට ඒ අර කලින් මතක වලට වගේම ආදරෙයි...
❤️❤️❤️එහෙම මතක හදන කෙනාටත් ආදරෙයි....

#මල්

මල් කියන්නේ කාට කාට...

#මේ ලෝකේ හැම දරුවම මට නම් මගේ දරුවන් හා සමානය....ඔවුන්ට අවැඩක් වෙනවට මම කැමති නැහැ....හෙට රට බාර ගන්නා ඔවුන්ට හරියටම ඉලක්කය පෙන්විය යුත්තේ දෙමාපියන් විසින්මය....නැත්නම් ඔවුන්ගේ මඟ වැරදෙන්නට
පුළුවන් ..



මට මතක හැටියට ඒ දවසේ වෙලාව රාත්‍රි 7,30 විතර ඇති....ඒ ගිය සතියේ දවසක..මමයි චූටියි ටවුමට ගිහින් බස් එකෙන් බහිද්දිත් හොඳටම වැස්ස...අපි වැස්සෙම පාර පනින්න ඉද්දි මගේ චූටිගේ වයසම වගේ පුතෙක් බයිසිකලේකින් ඇවිත් ලොක්කා වගේ වාහන වලට අත දාලා පාර පැන්නා බයිසිකලෙන්ම....ඊට පස්සේ පාර මැද්දේ අපි හිටන් හිටියා අනික් පැත්තට පනින්න...වැස්ස හොඳටම...කොළඹ පැත්තේ ඉඳලා නුවර පැත්තට වාහන නොනවත්වාම එනවා...මේ දරුවා බයිසිකලේ ඉස්සරහා රෝදේ ගැට්ටෙන් පාරටම දා ගෙන පාර පනින්න තදියම...වාහන අයිනෙන්ම එනවා...මට පුදුම තරහක් ආවේ...මම බැන්නා හොඳටම මේ දරුවට...ඒ බැරිම තැන...

"පුතා...මැරෙන්නද හදන්නේ...ගන්නවා සයිකලේ උඩට...ඔයාව පේන් නැ වාහන වල මිනිස්සුන්ට " 😡😡

මේ දරුවා බය වෙලා මගේ දියා බලන් හිටියා...ඊළඟ මොහොතේ මම එයාවත් එක්කගෙන පාර පැන්නා...

මම හිතින් දහස් වාරයක් බැන්නේ ඒ දරුවාගේ අම්මලාට..මේ තරම් රෑ වෙලා..මේ පුංචි දරුවා ..වැස්සේ ..සෙරප්පුත් නැතිව....හොයන්නේ බලන්නේ නැද්ද හිතුනා..ජීවිතේ අවදාන⁣මේ කියලා නොදන්න දරුවෝ..අම්මලා වග කියන්න ඕන....මොනා හරි වුණා නම් 😞😞..මේක මහ නරකම කාලයක්..

#මල්

❤️❤️❤️

උඹේ මහ බර හුස්මක
මට දැනෙන්නෙම ආදරය..
පපුව පසාරු කරගෙන යන
උඹේ සුවඳ
මම පරිස්සම් කර ගන්නෙම
දවසක උඹ මට නැති වුණ කාලෙක
තනියට පැත්තකින් තියා ගන්න...
උඹේ ඇඟිලි තුඩු වලින්
හෙමින් හිස පිරි මදින කොට
නලලට වැටුණ කෙහෙ රොදක්
එහාට මෙහාට කරන කොට
පපුවට දැනෙන්නෙ සැහැල්ලුවක් ...
උඹේ එක හිනාවකට පුළුවන්
මගේ හිත නිවා දමන්න....
උඹ දන්නවද අයිතිවාසිකම් නොකියන
ආදරේක පාට මොකද්ද කියලා
හරියටම දේදුන්නක් වගේ...
නැහැදිච්චකමක් මට පෙන්නැති
උඹේ හිනාවෙන ඇස් දෙකට
මම ආදරෙයි..




#ආදරණීය_මල්

දරුවෝ ඇති අම්මාලා....

කසාද බැන්ඳට පස්සේ එකම හීනේ තමා දරුවෙක්....පෙරුම් පුරලා පුරලා දරු හීනේ හැබැ කර ගන්නවා....අම්මලා තාත්තලා ඉරයි හඳයි වගේ පායලා දරුවන්ගේ ලෝකේ පුළුවන් විදිහට උපරිමෙන් එළිය කරනවා...දරුවා තනියෙන් කෙලින් හිට ගන්න කල්ම පුදුමාකාර ශක්තියක්⁣ වෙලා පුදුම කැප කිරීම් කරලා දරුවෝ හදනවා....

ඔය සේරමත් හරි දරුවාව පුදුම සටනක් කරලා ඉස්කෝලේකටත් දා ගන්නවා...එතැන ඉඳලා අම්මලාට ගැලවීමක් නැ...


ඊයේ චූටි කියනවා...

"අම්මි රෙජිස්ටරේ පිලිවෙලට අම්මලා කීප දෙනෙක්ව තෝර ගත්තා පංති සුද්ද කරන්න..මගේ නම තියෙන්නේ පස් වෙනියට..ඉතිං අම්මිටත් හෙට එන්න වෙනවා අම්මි"

කෙල්ල කීවේ දුකින්...මොකද එයා දන්නවා මම මේ ටිකේම අතේ අමාරුවක් හංදා අත බැන්ඩේජ් කරාන ඉන්නවා කියලා...කෙල්ලගේ හිත රිදවන්න බැරි නිසා ..

"හරි පැටියෝ මම එන්නම්" 😊😊😊

ඉතිං මම ගෙදර ඇවිත් දස අතේ කල්පනා කලා මොකද කරන්නේ...නොගියොත් ලෙඩක්...දරුවා අපහසුතාවයට පත් වෙනවා..මම ඉතිං එයාට කතා කරලා නාහෙන් ඇඬුවා...

"නොයා බෑ අනේ...ප්‍රශ්නයක් වෙයි..දන් නැද්ද ගුරුවරු..දහසක් දේ කියයි..

එයා ඉතිං අහන් ඉඳලා..

"හ්ම්.. වෙන කරන්න දෙයක් නෑනේ ..අත බැන්ඩේජ් කරන් යන්න" සහනයක් ගන්න පුළුවන් වෙයි"

අැත්තටම මමත් හිතුවා ඒක පිලිසරණක් වෙයි කියලා...


මම ඉතිං අද (ඒ කියන්නේ 2018 මැයි 18 වෙනිදා) ඉස්කෝලේ අරින වෙලාවට ගියා...එන්න කියපු අම්මලා හය දෙනාගෙන් අපි හතර දෙනයි ඇවිත් හිටියේ..අනික් පංති වලත් අම්මලා හිටියා ටීචර්ස්ලා ඇවිත් අපිට ඕඩර් එක දුන්නා..

"මේවා ප්‍රිංසිපල් මැඩම්ගේ නියෝග...මේ හතර වටේට බිත්ති  වල මේ ලමයිගේ අඩි පාරවල්..ඒවා සේරම සෝදලා මැදලා දාන්න ඕන..පංතිය අතු ගාලා මොප් කරන්න ඕන"

😞😞😞

"දෙයියනේ මගේ අත"

මොනා කරන්නද අපි සේරම වැඩ කලා...මමත් තනි අතින් වැඩ කලා..කොඳු රිදෙනවා..ඇඬෙන සයිස් මට නම්..ඒත් අපි බඩු හොයා ගෙන වැඩ කලා...

"ඉක්මන් කරන්න අපි යන්න ඕන..වැස්සක් එනවා"

ඒ ටීචර් කෙනෙක්...
දෙයියනේ අපි වහල්ලුද මේ...

"දරුවෝ හදලා අපි මේ හැටිම දුක් විඳිනවා"

ඒ අම්මා කෙනෙක්....මට අැස් වලට කඳුළු ආවා..ඒත් අපි වැඩ ඉවර කලා...ඒ අපේ දරුවෝ වෙනුවෙන්...
හැමදාම එන අම්මලා ටික...දරුවෝ 45ක් ඉන්න පංතියක අම්මලා හතර දෙනෙක් විතරක් වැඩ...මුළු ඉස්කෝලේම එහෙමයි..

මම එළියට  ආවේ කළකිරීමෙන්...අවුරුද්දට දීපු සති දෙකේ නිවාඩුව ඉවර වෙද්දි පංතිය සුද්ද කරන්න එන්න කිවම ඒ ගියෙත් මම විතරමයි...

මැඩම් තනිකරම හිට්ලර්වරියක්...අම්මලාව මෙහෙකාර සේවයේ යොදවන දරුණු චරිතයක්...පලිගැනිම් අකුරටම කරන්නියක්....කටක් අැරලා මොකුත් කියන්න බැරි දරුවා නිසා...ඒත් මම ඉස්කෝලෙන් එළියට ආවේ අදාල ඉහල තැන් වලට දන්වන බවට හිතින් සපත කරන්...

තමුන්ගේ මානසික ප්‍රශ්න අම්මලා හා දරුවන්ගේ පිට යවන මෙවන් ගුරුවරු මොකටද...ඉස්සර අපේ ගුරුවරු කොච්චර හොඳද...අම්මලා නම් වැඩට ආව වගක් මතක නැ..එක්කෝ අපි කලා..නැත්නම් කාට හරි කරන්න බාර දෙනවා...අනේ මංදා මෙහෙව් කාලෙක මෙහෙව් ගුරුවරු අරහන්...අහෝ...



#මල්


Wednesday, May 9, 2018

හිතත් හරි පුදුම තැනක්....





කොටුවට ගිහින්  නුවර යන ඉන්ටසිටි කෝච්චියේ  නැග්ගේ හිතේ කොතැනක හරි බරක් තියාගෙන..ඒ බර හැමදාටම රිදුණ එකක්...මම හැමදාම බලන් ඉන්නේ ඒ බර බිම තියලා නිදහස් හුස්මක් දෙන්න අහසට...

මම මට අදාල නොම්බරය හිමි තැන ඉඳ ගත්තා...පුංචි කාලේ ඉඳන්ම මම ආස බස් එකේ ගියත් ජනේලයක් ලඟ යන්න....කොහොම හරි අඬලා ඒ තැන මම ගන්නවා.....ජනේලයක් ලඟ කියන්නේ ගොඩක් ඈතට යන්න පුළුවන් තැනක්...හිතන්න පුළුවන් තැනක්....මගේ කවි පොත පිරෙන තැනක්....

ඒ මොහොත මම ටික ටික ගෙවුණ හැමදේම මතක් කල එකම මොහොතක්.....මම ඉඳන් හිටපු තැනම අනික් ආසනයේ කවුරු හරි ඇවිත් ඉඳ ගත්තා....මම චුට්ටක් ඔළුව හරවලා බැලුවා....මම බලනවා දැක්කම ඔහුත් මගේ දිහා බලලා හිනා වුණා...අවුරුදු 35ක විතර ප්‍රිය මනාප මහත්මයෙක්....මමත් පෙරලා හිනා වෙලා එළියේ ඈතට ඇස් යැව්වා....

ඊළඟ මොහොතේ කෝච්චිය හෙමින් ගමන් ඇරඹුවා....ඉස්සෙල්ලාම ඔහු මට මුණ ගැහුණ දවස අද..ඒත් මේ කෝච්චියේදිම...මට ඉස්සරහින් ඉඳගෙන මා දිහා බලන් හිටපු ඔහු මුණ ගැසුණ මේ හැම දවසකම මම මේ කෝච්චියේම නුවර යනවා...ආපහු දවල් කෝච්චියේම එනවා...ඔහු මුණ ගැසුන දා ඉඳලාම අපි විනෝදට වගේ ⁣ඒ දවසට මෙහෙම ගියා.....ඔහු මාව දාලා ගිය දවසේ ඉඳලාම අද වෙනකල් මම මෙහෙම යනවා...තේරුමක් නැ වගේ දැනුනාට ඔහු ඉඳිවි කියලා බලාපොරොත්තුවෙන්...ඇයි එහෙම කලේ කියලා එක සැරයක් අහන්න....උත්තරයක් දුන්නත් නැතත්...

මම පියවි සිහියට ආවේ මගේ ලඟ හිටපු මනුස්සයා මට කතා කරද්දි...

"ටිකට් එක ඉල්ලනවා"

"අහ්..ඉන්න"

මම හිනා වුණා...ස්තූතියි කියන්න

එසැනින් මට ඕන වුණේ ආපහු මගේ මනෝ ලෝකෙට පිස්සුවෙන් වගේ යන්න...

ගෙදරට හොරෙන් ආදරේ කරපු...හොඳම යාළුවා විතරක්ම දැනන් හිටපු ඒ ආදරෙට අදටත් මම ආදරෙයි ....

"ගෙදරට කියමු"

කියපු හැම වෙලාවෙම එයා කිවේ

"දැන්ම එපා"

ඒ හැම පාරම මම හිත හදා ගත්තතේ

"මොනාම හරි හේතුවක් ඇති"

කියලා හිතලා.....අපි වෙන් වෙලා...නැ ..එයා මාව දාලා ගිහින් හරියටම අවුරුද්දයි...මේ වෙනකල් කිසිම ආරංචියක් නැතිව...මම මට පුළුවන් විදිහට හොයා බැලුවා..එයාට කිසිම අගෞරවයක් නොවෙන විදිහට.....මම අපි මුණ ගැහුණ හැම තැනකම රැකගෙන හිටියා..එයා කවදාවත් ඒ තැන් වලට ආවේ නැ..අඩුම ගානේ වෙන කවුරු හරි එක්කවත්...

අන්තිමට මුණ ගැහුණ දවසේ අපි ගොඩක් හිනා වුණා..කතා කලා....අන්තිමට වෙන් වෙලා යද්දි කිසි කලබලයක් නැතිව නලලේ තිබ්බ හාදුව තාමත් හීතලට දැනෙනවා ....

දන්නවා නම් දමා යන වග
යන්න දෙන්නැ ඇත්තමයි
මා සන්තකව තිබු එකම වත්කම
නුඹම පමණයි පෙර දිනේ

රිදෙන බව මේ හැටිම
දැන උන්න නම්
බැඳෙන් නැ මම
බිඳෙන බැඳුමක

නුඹේ ලඟින් හිඳ
සුසුම් ස්වරයක
බැඳි වෙහෙසව ලතැවෙමි
එන්න හිතුනොත් එන්න ආයිම
තාම මේ හිත නුඹටමයි....

*** *** *** ***
"දුකින්ද"..?

තිගැස්සුනා ඒ කට හඬට...


#ආදරණීය-මල්

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...