ඔව් ...මඟැරෙන්නට යන හැම තැනම හොඳින් පිරික්සා බැලිය යුතුයි
වෙන් ඕනම නම් හේතු ඇති
සොයා බැලිය යුතුමයි
මොකද මගේ හිතේ
වෙන් වෙන්න සේයාවක්
තිබුණේම නැති නිසා...
ඉස්සර මට ලියපු
හැම කවියක්ම
අද ලියවෙන්නේ කා නමටදැයි
සොයා බැලිය යුතුයි
ගැලවෙන්නට බැරි තැනක
'මම ආදරෙයි' කියලා එවන
කෙටි පණිවිඩෙිකට මගේ හිත
දැන් පිරෙන්නේ නැති වග කිව මනාමැයි
බේරෙන්නට බැරි තැනක
ඉතාම කෙටි ඇමතුම්
ඉඳ හිට ලැබෙන
ගණන් මිණුම් ඇතිව
මට කියන්න පුළුවන්
ආ...කාලෙකින් එකමෙක විනාඩියකට
මුණ ගැහුණාම
මගේ ඇස් දිහා නොබලා
කතා නොකරන්නේ මංදැයි
මට හේතු ඇතිව කිව යුතුමයි
හමු වීම් වෙන්විම් ලඟ
අපි මහ අරුමයක් නොවුණත්
හිමිදිරිය වගේ අරුමැසි ම ප්‍රේමය
ඔබට එපා වීමට හේතුවද
කියන්න හිතවත
වෙන්වීම රිදිමක් වුව
සමුගෙන යා හැක
අතින්වත් නොඅල්ලා...
෴ ආදරණීය මල්෴
Monday, December 11, 2017
ඔබ කිසිම දවසක නොදුටු
අහස පුරා පායපු තරු ගොන්නේ
පායලා හංගිලා උන්නු
පුංචිම තරුව මම...
ඔබ කිසිම දවසක
දැක බලා ගන්න
උත්සහයක් නොගත්
තනියම ඔබ එක්ක හිනැහුන
ඒ තරුව මම....
ඔව් ...ඔබ අදත් බලන් ඉන්නවා
පේනවා මට ඈතටම ...
ඒත් මම ඉන්නවා
ඔබට පේනම දුරින්
ඔබ හඳුනා නොගත් මම...
ඔබ නිදන හැම රෑම
ඔබේ නලලත් සිප
කඳුළින්ම සමු ගමි
මට අහිමි සෙනෙහසින්......
෴ ආදරණීය මල්෴
අහස පුරා පායපු තරු ගොන්නේ
පායලා හංගිලා උන්නු
පුංචිම තරුව මම...
ඔබ කිසිම දවසක
දැක බලා ගන්න
උත්සහයක් නොගත්
තනියම ඔබ එක්ක හිනැහුන
ඒ තරුව මම....
ඔව් ...ඔබ අදත් බලන් ඉන්නවා
පේනවා මට ඈතටම ...
ඒත් මම ඉන්නවා
ඔබට පේනම දුරින්
ඔබ හඳුනා නොගත් මම...
ඔබ නිදන හැම රෑම
ඔබේ නලලත් සිප
කඳුළින්ම සමු ගමි
මට අහිමි සෙනෙහසින්......
෴ ආදරණීය මල්෴
දුවෙක් කියන්නේ ලෝකයක්. ඇස් මානේම තියන් රැක බලා ගන්න ඕන...මම රස්සාව දාලා ගෙදර නැවතුනේ (කොයි තරම් ආර්ථික ප්‍රශ්න තිබුණත්) මගේ ලොකු දුව නිසා..මෙහෙකාරියන්ට නතු කරනවට වඩා මගේ ඇස් ලඟ එයා හැදෙනවා වැඩෙනවා බලන්නයි මට ඕන වුනේ...මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා දැන්..එ් එක්කෙනෙක්වත් මම කවදාවත් වැඩකාරියින්ට පැවරුවේ නැ..තාමත් ඔවුන් තුන් දෙනාගෙම හැමදේම කරන්නෙ මම
මට මෙහෙම ලියන්න හිතුනේ ඊයේ උදේ මම චූටි දුවව ඉස්කෝලේ අරන් යද්දි දැකපු සිද්ධියක් නිසා...දෙක වසරේ වගේ චූටි දුවෙක් බස් එනේ තනියම ඉඳන් උන්නා..ඇය හුරතල් දරුවෙක් නිසා මම ඇය දිහා බැලුවා..අැය ලස්සනට හිනා වුනා...ඉස්කෝලේ ලං වුනාම ඇය නැගිටලා දොර ගාවට ගියා..බස් එක බ්‍රේක් කල පාර ඇය වැටෙන්න ගියා..මම එයාව අල්ල ගත්තා ..වට පිට බැලුවේ මේ දරුවා එක්ක වැඩිහිටි කවුරුත්ම ඉන්නවද බලන්න...බහිදදිත් මම පරිස්සමින් බැස්සුවා..එතකොටයි ඔන්න දරුවගේ බාරකාරයෙක් පිටි පස්සෙන් බැස්සේ...ඒ .ඒ දරුවාගේ සීයා..එයාට මේ ලෝකේ සිහියක් නැ..."ආ..ඔයාට තනියෙන් ඔය ටික යන්න පුළුවන්නේ" කියලා අර මනුස්සයා ගියා...මම මගේ දුවත් අතින් අල්ලන් එයාවත් අල්ලන් ඉස්කෝලේට දාලා ආවා ..
ආදරණීය අම්මේ..කාටත් ප්‍රශ්න තියෙනවා..නැත්තේ නැ...ඒත් දරුවන්ට පලවෙනිම තැන දෙන්න...සල්ලි හම්බ කරලා මොකටද දරුවන්ට මොනා හරි වුනොත්...අද කාලේ ඇහෙන කතාත් එක්ක දරුවාව තියා ගන්න ඕන ඇස් දෙකේ...පස්සේ මොනා හරි වුනාම පොළවේ පස් කාලා වැඩක් නැ....
මල්.....
වරදවා වටහා ගන්න එපා මේ ලියවිල්ලේ තියෙන්නේ සමහර දරුවන්ටග් අනාරක්ෂිත බව මිස මව්වරුන් ගෙදර නවතින්න කියලා නෙමි...😊
Thursday, November 30, 2017
ගිනි බිදිද්දි නුඹව මානා
කෙනෙහිලුන් ඇද වද දෙනා විට
ඉවසගෙන අහකට බැලු
නුඹ යවපු හුස්මයි සකි සඳ
හුළඟක් වෙලා මේ පාව යන්නේ...
ඒ සාපයයි...
හිසත් හාරා දල ගනිද්දි
රිදුන තැන් පිරිමදිනු බැරිවට
ඇස් පලාගෙන බිමට වැටුණේ
උණු කඳුළු විතරයි
වැහි වගේ මේ පොළව හාරා වැටෙන්නේ..
ඒ සාපයයි...
උපන් දා සිට නොකළ වරදට
රිදි රිදි ඇදුමක් ඇදෙන විට
මව් මතක් වි හිත කීරි ගැහිලා
බිම වැටි හඬනා හැඬිල්ලයි
අකුණු ලෙස පුපුරා වැටෙන්නේ..
ඒ සාපයයි....
තිරිසනෙකු වි උපන් පාපෙට
විඳපු දුක් කඳ උහුලනා බැරිවට
පපුව පැලිලා පොළව මත පුපුරා වැටෙද්දි
තුමුල උස් කඳු දෙදරා වැටෙන්නේ..
ඒ සාපයයි......
෴ ආදරණීය මල්෴
කෙනෙහිලුන් ඇද වද දෙනා විට
ඉවසගෙන අහකට බැලු
නුඹ යවපු හුස්මයි සකි සඳ
හුළඟක් වෙලා මේ පාව යන්නේ...
ඒ සාපයයි...
හිසත් හාරා දල ගනිද්දි
රිදුන තැන් පිරිමදිනු බැරිවට
ඇස් පලාගෙන බිමට වැටුණේ
උණු කඳුළු විතරයි
වැහි වගේ මේ පොළව හාරා වැටෙන්නේ..
ඒ සාපයයි...
උපන් දා සිට නොකළ වරදට
රිදි රිදි ඇදුමක් ඇදෙන විට
මව් මතක් වි හිත කීරි ගැහිලා
බිම වැටි හඬනා හැඬිල්ලයි
අකුණු ලෙස පුපුරා වැටෙන්නේ..
ඒ සාපයයි....
තිරිසනෙකු වි උපන් පාපෙට
විඳපු දුක් කඳ උහුලනා බැරිවට
පපුව පැලිලා පොළව මත පුපුරා වැටෙද්දි
තුමුල උස් කඳු දෙදරා වැටෙන්නේ..
ඒ සාපයයි......
෴ ආදරණීය මල්෴
Sunday, October 1, 2017
සතුට හා දුක-------------
එකිනෙකාගෙන් වෙනස් වන සතුට හා දුක...කෙනෙක් සතුටින් සිටයදි අනෙකා දුකින්ද කල් ගෙවයි....සතුටත් දුකත් ඒ ඒ කෙනාගේ මනස අනුව බෙදි යයි....සමහර මිනිස්සුන් ඉතාම පුංචි දෙවල් වලින් පවා ඔවුන් උපරිම සතුටු වන පුද්ගලයින්ය...ගොඩක් වෙලාවට ඔවුන් ඉතා ප්‍රිය මනාප පුද්ගලයින්ය ... ඇතැමුන් කිසිම දේකින් තෘප්තියක් නොලබන මිනිසුන්ය....
ජීවිතය කියන්නේ පුදුම තැනක් ...හැමදාම කෙනෙක්ට සතුටක් නැති වෙන්න වෙන්න පුළුවන් ..ඒත් උත්සහ කරන්න ඕන තමුන්ගේ හිතට සතුට ලං කර ගන්න..සතුට තමුන්ව හොයා ගෙන එන් නැ..ඔබේ හිතට පුළුවන් සතුට ඇතිකර ගන්න..ඔබ දුකින් නම් හිතන්න ඇයි ඔබ දුකට පත් වුනේ..ඔබේම වරදක්ද.හිතන්න....වැරදි වලට ඉඩ දෙන්න එපා...හිත රිදුනේ ඔබේ වරදකින් ඒ වරද නිවැරදි කර ගන්න පුළුවන් ..නැවත නැවත එකම වරද වෙන්න දෙන්න එපා.....
ඔබම තීරණය කරන්න..ඔබ තොර ගන්නේ සතුටද දුකද..එය රදා පවතින්නේ ඔබේ අතේ ඔබේ තීරණය මත...
සතුටින් ඉන්න උත්සහ කරන්න....ඒක සරලයි..ඔබ දුකින්නම් දුක නැති කර ගන්න ඔබට පුළුවන් සිංදුවක් අහන්න.....එහෙමත් නැත්නම් චිත්‍රපටියක් බලන්න..කවියක් ලියන්නත් පුළුවන්....නැත්නම් හිත මිතුරෙක් එක්ක කතා බහක යෙදෙන්න...
හිතන්න තනියම..දුක කොයි තරම් කටුකද කියලා
ඔබ ඔබම වෙන්න..ඔබේ සතුට ඔබේ ලඟයි..ඔබම තීරණය කරන්න.....ඔබ තීරණය ගන්න....
මල්...

පුංචි හිතක හීන ගොඩක්
රෑ වෙලා එළිවෙන හැමදාම
නිමාවක් නැති අහසක් තරම්
තියෙනවා මේ හිත අරා....
තටු සලා ඉගිලිලා යන්නට
වරම් නැතිවද හිත පුරා
ඇස් පියාගෙන පියඹමි
සුළඟ විඳගෙන හී සැරේ
නිල්ල නිලනා කෙත් වතු මැදින්
හීයේ වේගෙන් දිව යමි
කවුරුවත් නොදකිනා සතුටත් අරන්
හීතලට තටු විහිදමි
ගඟක ඇල දොලක සිහිලස
කන්දේ හැපෙනා හිරු රැස් මතින්
හිනැහි හිනැහි පාවෙමි
මුළු ලොවම ලඟ යැයි හැඟි...
෴අදරණීය මල්෴
Subscribe to:
Posts (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා...1 දවසක්...මට මුණ ගැහෙනවා හරි අපූරු කෙනෙක්...ඒ හරි අහම්බයකින්...සමහර වෙලාවට අහඹු හමු වීම් අපේ ජීවිත පුදුම විදිහට වෙනස් කර...