Saturday, April 1, 2017
නුඹ..
ජීවිතේ මේ තරම් මිහිරිද
නුඹ නමට සෙනෙහින් පිරු
දුරක උනත් හිත ලඟම නුඹ
මගේ තනි හිත රකින දා
හිමිකමක අරුතක් නැතත්
නුඹේ හිත මට හෑමදා
සතුට මිස මට දුකක් කොයිවෙද
මගේ හිත නුඹ රකින දා...
නුඹේ නමට කවිකම් කරන්නට
නැතිය වත්කම් හිත පුරා
රකින්නම් මම නුඹ දුන්න හිත
මියෙන තුරු මගේ හද පුරා...
Thursday, March 30, 2017
තනි ගමන් තනියම...
හිත රිදෙනා තරමට
අඬන්න අවසර නැති කලක
ඉතිං මොටදැයි කඳුළු
ඇසේ කඳුළුට වඩා
හිතේ කඳුළු බර වැඩි
ආයෙමත් කියන්නැ....
ඉඳ හිටක වෙලාවක
තනියෙමත් හිනාවෙන
උණුසුමට ලංවෙන්න
නුඹ ලඟට ආවාම
හූල්ලා නුඹ හැරෙද්දි වෙනතකට
පපුව කඩන් වැටෙන වග
ආයෙමත් කියන් නැ....
එදා නුඹ හිත ඉඩක් නෑරම
මට දුන්න
අහුරලා වග දැනුනාම
නෝක්කාඩු වලින් කිම
තැවි තැවි පිච්චෙන තරම
දන්නෙම මං තමයි...
ජීවිතේ අවසන් මොහොත
නුඹෙ පපුවට වාරුවෙන්
ගත වෙන්න
පතපු හැම පැතුමම
සුන් වෙලා
ඉතිං තරහක් නැ
ආදරේ එහෙමමයි
ඉතිං මං නැතිවාට
තනියකුත් නැ නේද
හිත දරන් දුක් කන්ද
යන්න අවසරද මට
නොඑනා ගමනට ඉතිං...
නැවතුම
ඉස්සර දවස් කීයක් නම් ගෙවුනද
අපිට විතරක්ම වෙන් වුන..
අපිට අපි නැතිව බැරි වුන
සවස් කියක් ගෙවුනද ..
එකම හිනාවක් නැතිව
කට හඬ පවා නෑසෙන මොහොත
කොයි තරම් අසීරුද මඟ අරින්නම
බැරි වුන
හමු වුනායින් පසුව
ලෝකයම අමතක වෙන
හුස්මක හඬ පවා ඇසුන
ඇස් වලින් කතා කල ඒ දවස්
ජීවිතේ සතුටුම දවස් ...එහෙමයි නේද
අත් පටලන් ඔහේ මඟක හසරක් නොදැන
කොයි තරම් ඇවිද්දද නුවර වැව රවුමෙම...
හති වැටෙද්දි අපිට ටිකක් මඟ නතර වි
ආයෙමත් යන්න යද්දි නුඹ එක්ක
නැවතෙන්න විරාමයක් එයි කියා මේ වගේ
හිතුනේම නැ නේද දෙන්නටම...
~~
අපිට විතරක්ම වෙන් වුන..
අපිට අපි නැතිව බැරි වුන
සවස් කියක් ගෙවුනද ..
එකම හිනාවක් නැතිව
කට හඬ පවා නෑසෙන මොහොත
කොයි තරම් අසීරුද මඟ අරින්නම
බැරි වුන
හමු වුනායින් පසුව
ලෝකයම අමතක වෙන
හුස්මක හඬ පවා ඇසුන
ඇස් වලින් කතා කල ඒ දවස්
ජීවිතේ සතුටුම දවස් ...එහෙමයි නේද
අත් පටලන් ඔහේ මඟක හසරක් නොදැන
කොයි තරම් ඇවිද්දද නුවර වැව රවුමෙම...
හති වැටෙද්දි අපිට ටිකක් මඟ නතර වි
ආයෙමත් යන්න යද්දි නුඹ එක්ක
නැවතෙන්න විරාමයක් එයි කියා මේ වගේ
හිතුනේම නැ නේද දෙන්නටම...
~~
Sunday, March 12, 2017
ආදරණීය නුඹට....
ලොව් තුරා හිත නිවෙන
මගෙ හිස බර දරන
නුඹෙ පුළුලැල් උරහිස තරමටම
නොවේ කිසි තැනක සැප
මගේ හිත ගිම් නිවෙන
ගෙවා යොදුන් ගනන්
නුඹ පසු පසම එන්නැති
පතා නුඹෙ සෙනෙහසම
නුඹ මටත්...නුඹට මා මුණ ගැසු
මඟ ලකුණු සොයන්නැති....
නුඹෙ හුස්මක සුවඳ
දැවටිලා හිත ලඟම
රැගෙන විත් මේ භවෙත්
දමා හැර යන්න බැරි
බැඳිමක පැටලිලා
නුඹෙ දෑතෙහි රැඳුන
උණුසුමට මගේ හිත පතුලේම
නුඹ තවත් දැවටිලා..
~~~~ආදරණීය මල්~~~~
Friday, February 24, 2017
හ්ම්...
නුඹ එක්ක පිය නගපු
හැම තැනම හිස් තැනක්
කඳුලකින් බොඳ කරපු
අතීතෙක තනිකමක්...
තනි හිතක මේ තරම්
දුක් කඳුළු උහුලන්න
පුළුවන්ද මේ හැටිම...
ඒ කඳුළු උඩින් නුඹ
යද්දි මං පහු කරන්
අරන් තව දෑතක පහස
ගිනි ගත්තේ මේ හිතයි...
කමක් නැ යන්න නුඹ
තනිය මට උරුම වුන
අරන් තුරුලට හැරෙමි
මට අහිමි මේ පාර....
ඈවරයි...
අහා. ...එහෙනම් වරද
කෙස් රොද මුදුනට බැඳිමද
එහෙනම් සබඳ
නඩුවක් ගොනු කරනු මැන
වරදකරු නුඹම බව
නඩුකාරයත් කියාවි
බැලුවේ මොකද යුශ්මතා
කෙස් වැටිය උඩ බැන්දාම
ඇට්ටර නොවි ඉන්නම තිබුණාම
හිතිවිල්ලට පවා....
අහා...ලැහැස්තිද දැන්
දඩුවම් නියමිතයි....
කෙස් රොද මුදුනට බැඳිමද
එහෙනම් සබඳ
නඩුවක් ගොනු කරනු මැන
වරදකරු නුඹම බව
නඩුකාරයත් කියාවි
බැලුවේ මොකද යුශ්මතා
කෙස් වැටිය උඩ බැන්දාම
ඇට්ටර නොවි ඉන්නම තිබුණාම
හිතිවිල්ලට පවා....
අහා...ලැහැස්තිද දැන්
දඩුවම් නියමිතයි....
Subscribe to:
Posts (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා...1 දවසක්...මට මුණ ගැහෙනවා හරි අපූරු කෙනෙක්...ඒ හරි අහම්බයකින්...සමහර වෙලාවට අහඹු හමු වීම් අපේ ජීවිත පුදුම විදිහට වෙනස් කර...






