ඉස්සර දවස් කීයක් නම් ගෙවුනද
අපිට විතරක්ම වෙන් වුන..
අපිට අපි නැතිව බැරි වුන
සවස් කියක් ගෙවුනද ..
එකම හිනාවක් නැතිව
කට හඬ පවා නෑසෙන මොහොත
කොයි තරම් අසීරුද මඟ අරින්නම
බැරි වුන
හමු වුනායින් පසුව
ලෝකයම අමතක වෙන
හුස්මක හඬ පවා ඇසුන
ඇස් වලින් කතා කල ඒ දවස්
ජීවිතේ සතුටුම දවස් ...එහෙමයි නේද
අත් පටලන් ඔහේ මඟක හසරක් නොදැන
කොයි තරම් ඇවිද්දද නුවර වැව රවුමෙම...
හති වැටෙද්දි අපිට ටිකක් මඟ නතර වි
ආයෙමත් යන්න යද්දි නුඹ එක්ක
නැවතෙන්න විරාමයක් එයි කියා මේ වගේ
හිතුනේම නැ නේද දෙන්නටම...
~~
Thursday, March 30, 2017
Sunday, March 12, 2017
ආදරණීය නුඹට....
ලොව් තුරා හිත නිවෙන
මගෙ හිස බර දරන
නුඹෙ පුළුලැල් උරහිස තරමටම
නොවේ කිසි තැනක සැප
මගේ හිත ගිම් නිවෙන
ගෙවා යොදුන් ගනන්
නුඹ පසු පසම එන්නැති
පතා නුඹෙ සෙනෙහසම
නුඹ මටත්...නුඹට මා මුණ ගැසු
මඟ ලකුණු සොයන්නැති....
නුඹෙ හුස්මක සුවඳ
දැවටිලා හිත ලඟම
රැගෙන විත් මේ භවෙත්
දමා හැර යන්න බැරි
බැඳිමක පැටලිලා
නුඹෙ දෑතෙහි රැඳුන
උණුසුමට මගේ හිත පතුලේම
නුඹ තවත් දැවටිලා..
~~~~ආදරණීය මල්~~~~
Friday, February 24, 2017
හ්ම්...
නුඹ එක්ක පිය නගපු
හැම තැනම හිස් තැනක්
කඳුලකින් බොඳ කරපු
අතීතෙක තනිකමක්...
තනි හිතක මේ තරම්
දුක් කඳුළු උහුලන්න
පුළුවන්ද මේ හැටිම...
ඒ කඳුළු උඩින් නුඹ
යද්දි මං පහු කරන්
අරන් තව දෑතක පහස
ගිනි ගත්තේ මේ හිතයි...
කමක් නැ යන්න නුඹ
තනිය මට උරුම වුන
අරන් තුරුලට හැරෙමි
මට අහිමි මේ පාර....
ඈවරයි...
අහා. ...එහෙනම් වරද
කෙස් රොද මුදුනට බැඳිමද
එහෙනම් සබඳ
නඩුවක් ගොනු කරනු මැන
වරදකරු නුඹම බව
නඩුකාරයත් කියාවි
බැලුවේ මොකද යුශ්මතා
කෙස් වැටිය උඩ බැන්දාම
ඇට්ටර නොවි ඉන්නම තිබුණාම
හිතිවිල්ලට පවා....
අහා...ලැහැස්තිද දැන්
දඩුවම් නියමිතයි....
කෙස් රොද මුදුනට බැඳිමද
එහෙනම් සබඳ
නඩුවක් ගොනු කරනු මැන
වරදකරු නුඹම බව
නඩුකාරයත් කියාවි
බැලුවේ මොකද යුශ්මතා
කෙස් වැටිය උඩ බැන්දාම
ඇට්ටර නොවි ඉන්නම තිබුණාම
හිතිවිල්ලට පවා....
අහා...ලැහැස්තිද දැන්
දඩුවම් නියමිතයි....
Sunday, February 12, 2017
පැතුමක පහස...
එතෙර නොවුනොත් සසර
ඉපදෙනා හැම ආත්මෙම
ඔබෙම විතරක් වෙන්න
අාදරණීය පැතුමක
හුස්ම වැටෙන හෑම මෙහොතෙම
නුඹ විතරක් සිහියට ගනිමි
හෙමින් නුඹ සිප ගත්ත
මගෙ දෑතට වැටුණ
නුඹෙ හුස්මක රස්නෙ
තාමත් එහෙමයි
නුඹ රකින මගෙ පන
ගියපුදාකට අහසක් උසට
කඳුළු නම් එපා ඔන්න
මම බලන් ඉන්නවා
සංසාර දොරකඩ ඉඳන්
මං මඟ අරින්නෙපා....
Sunday, February 5, 2017
අම්මලාට....
හිතට ලොකු දුකක් දැණුනා ..මේ දවස් වල මහ සද්දෙට යන වීඩියෝව දැකලා..තාමත් ඒ කම්පනේ හිතේ තියෙනවා..දුවලා ඉන්න අම්මෙක් විදිහට..මගේ දරුවන්ටත් එහෙම වුනොත් කියලා හිතුනා..මගෙ දරුවන් තරමටම මේ ගෑණු දරු දෙන්නා ගැන දුකක් කේ්න්තියක් ඇති වුණා.....තරුණ වයසට පත් වෙද්දි නොයෙකුත් වෙනස්කම් දරුවන්ට සිද්ධ වෙනවා..මේ ගැන සැළකිලිමත් වෙන්න ඕන දරුවන්ගේ අම්මා...ගෑණු දරුවෙකුට ආත්ම ගෞරවය රුකගෙන ජීවත් වෙන විදිහ කියා දෙන්න ඕන..අම්මලාට සෘජුවම ඇඟිල්ල දික් කරනවා මම...මුල් ගුරුවරිය අම්මා....
දියණියක් තේරෙන වයසක ඉඳලාම අම්මා ඇයව දැනුවත් කළ යුතුයි..හොඳ නරක..කවදාම හරි දවසක සුදුස්සා ලඟට එනකල් ජීවත් වෙන විදිහ කියා දිය යුතුයි....
අපේ කාලේ මෙහෙමයි කියලා සාධාරණය කරන්න බෑ මේ සිද්ධිය..මේ වීඩියොව මහා අසභ්‍ය විදිහට අන්තර් ජාලය පුරාම විහිදුවා හරිනවා..මේක අපරාධයක්..ජීවිත හානියක්...ඒ කාලේ මේ කාලේ කියලා චරිතයට වෙන හානිය කොහොමද නවත්තන්නේ....පාසැල් නිල ඇඳුම යටින් ඉන්නේ මේ තමුන්ගෙ සහොදරිය..අම්මා කියලා හිතන්න බැරි වුනෙ ඇයි..ඒ පිරිමි ලමයි දෙන්නට කම්මුලට ගහලා මේ ගෑණු දරුවො දෙන්නා අයින් නොවුනේ ඇයි..ප්‍රසිද්දියෙ තමුන්ගේ චරිතයට කැලලක් වෙන්න යද්දි අයින් වෙනවා නම් අයින් වෙන්න අවස්තාව තියෙද්දි අයින් නොවුනේ ඇයි....සිප වැලද ගැනිම් ඒ තරම් වැදගත්ද තමුන්ගේ ගෞවරවයටත් වඩා....
ලෝකේ වෙනස් වෙන්න ඕන මෙහෙම නෙමේ....තාක්ෂනය මොකටද ආත්මය කෙලසන...අම්මලා දරුවන් ලඟ සිටිය යුතුයි හෙවනැල්ලටත් වඩා ලඟ තැනක..ඇහි පිය වෙන සැනෙන් සිදුවිය හැක්කේ ඛේදවාචකයක්..පාසල ඇතුලට දරුවා ඇතුල් කරලා එහෙමත් නැත්නම් පෞද්ගලික පංතියක දොරෙන් දරුවා අැතුලට දැම්මට සැනසුම් සුසුම් හෙලන්නට අපිට බැරි අද ලෝකේ විනාස වෙලා හංදා...අම්මා තාත්තා වගේ කවුරුත් නැති නිසා කිසි කෙනෙ විශ්වාසෙට ගන්නෙ නෑ මම නම්....පාසැල ඇතුලේ විනය විරොධි දෙයක් දෙයක් වෙනවා නම් වග කිව යුත්තො සියළුම ගුරුවරුන්....මෙවැනි ක්‍රියා වලක්කන්න දෙපැත්තම කෙලින් උන්නෙ නැත්නම්......???
දුවෙක්ගේ ආදරණීය හොඳම යෙහෙළිය විය යුත්තේ අම්මා......!......!
ජීවිතය දැන්...
මා දමා හැරදා නොයන්නෙමි
මතකදැ නුඹ පෙර කිව් කතා
තනි තනිව නොව අපි එකට යමු
අමතකද දැන් ඒ කතා
මෙහෙම තනියම මා දමා නුඹ
යනනේ කොහොමද
හිතෙනවද යන්නට දමා
නුඹට පෙරාතුව යන්නයි උන්නේ මම
තනිය තනි මඟ මට නුහුරුම නිසා
නුඹ නැතිව දැන් ජීවිතය හිස්
දැන් ඇහෙන් නෑ ඒ පෙර කතා
සංසාර දොරකඩ නැවතිලා ඉඳපන්
නොවරදා මං එනතුරා...
Subscribe to:
Posts (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා...1 දවසක්...මට මුණ ගැහෙනවා හරි අපූරු කෙනෙක්...ඒ හරි අහම්බයකින්...සමහර වෙලාවට අහඹු හමු වීම් අපේ ජීවිත පුදුම විදිහට වෙනස් කර...







