සමහර වෙලාවට ලාම ලා අඳුරක ඉන්න මම ආසයි...තනියම..ඔහේ සිතිවිලි වලට යන්න අරින්න ඕනම තැනකට සීමා මායිම් නැතිව..ඉමක් කොනක් නැතිව සිතිවිලි විසුරවන්න ආසයි...ඒක හුදෙකලාවක්....හීතලම දැනෙන වැස්ස වෙලාවක එහෙම ඉන්න එක හරිම නිදහස් හැඟිමක්...
මං වැඩියෙන්ම ආස තැනකට ආදරේම කරන තැනකට මගේ හිත හෙමින් ගිහින් තියන්න...වරුවක් වුණත් ඒ හැඟිම් එක්ක ඉන්න...හිතට හරි නිදහසක් දැනෙනවා.....
අර ඉහලම නිල් අහසේ රවුමක් ගිහින් එන්න...කුරුල්ලෙක් වගේ...ආස නැද්ද එහෙම...???
ඒ මොහොත විඳින්න ඕන....හිත හීතලම වෙන හැඟිම් විඳ ගන්න....හිතින් දොඩමලු වෙන්න....ටක්..ටක් හඬින් වැටෙන වැස්සේ සද්දේ විතරක්ම අහන් ඉන්න...මට මේ ලෝකේ වැඩියෙන්ම පහසු උර හිසට හිතින් හේත්තු වෙලා ඉන්න....උණුසුම් කෝපි කෝප්පයක් තිබුණා නම් ඒ සිතිවිලි තවත් නැවුම් වෙනවා....ඇස් දෙක පියාගෙන ඒ දුර ගමන යන්න පුළුවන් .....නිදහසේ..සැහැල්ලුවෙන් ...
#ආදරණීය_මල්
Saturday, November 10, 2018
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
අහුඹුම තැනකදි මුණ ගැහිලා අන්තීමට මෙන්න මෙහෙම අහන්න වෙයි කියලා හිතුනා නම් මම කවදාවත් ඔයා ලඟ නතර වෙන් නැ....නමක් නැති හිත් වල විතරක්ම තියෙන ආදරේ හරි සුන්දර වුණාට ඒක හරි පස්සේ කාලෙක වෙන් වෙලා යන්න වුණාම දරන්න බැරි තරම් දුකක්.....
"දෙතොල් සලා මුදු සිනහ නගනවා
දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නේ
හදවත් ගැහෙනා රිද්මය අතරේ
හිතින් ගතින් එක් තැන් වී ඉන්නෙම්"
ජීවිතේ එක කඩ ඉමකදි මට ඔයාව අහම්බෙන් මුණ ගැහෙද්දි මම හිතන්නේ මම පුදුම විදිහට සතුටු වුණා....ඒත් පුංචි බයක් හිතේ හංගන් හිටියා..මොකද පුංචිම දේවල් වලින් ගොඩක් ස හිත රිදව ගත්තට පස්සේ හදා ගන්න අමාරු හංදා....කිසිම කොන්දේසියක් නැතිව අපේ කතන්දරේ ලිය වෙද්ද....මම එක දෙයක් දන්නවා මගේ හිත නිවෙන තැනක් ඇත්නම් ඒ ඔයා ලඟම තමා කියලා...ඔයාගේ ඇස් දෙක ලඟ කියලා.....පුංචි පුංචි දේවල් වලින් හිත රිදුනත් ඒ රිදෙන්නම රිදෙන්න ඕන තැන් කියලා හිත හදා ගෙන මට ඔයා දීපු ආදරේ එක්ක ජීවත් වෙන්නත් පුළුවන් .....
"ප්‍රේමය ගොළු වී හඬා වැටීලා
ඔබ හද මා හද රිදවන මොහොතේ
ජීවිතයට හිමි පැරදුම හමුවේ
නොදොඩා ගොළු වී බලා සිටින්නෙමු"
හමු වීමක් නම් වෙන් වීම ඉබේ ලියවෙන තැනක අපේ හිත් අනන්ත රිදවෙන්න පුළුවන් ...ඒවා දරා ගන්නත් අපිට හයිය තියෙන්න ඕන....ජයත් පැරදුමත් සම සිතින් දරා ගෙන..ඒත් කිසිම පසු තැවීමක් හිත් වල තියා ගන්න හොඳ නෑ...අපේ හිත් වල ආදරයක් කියලා එකක් තිබුණා නම් ඉවසා දරාගෙන වෙන් වෙන තැනදි ඒත් මට අඬන්න එපා කියලා නම් කියන්න එපා..එකමෙක ඉසිඹුවක් මට ඉඩක් හදන්න ඔය උරහිසේ ඉස්සර වගේම ගිමන් හරින්න....
#ආදරණීය_මල්
Sunday, June 24, 2018
ගමන් මඟක් තිබුණා ද...?
හිතා මතා නොවුණත් අපි මුණ ගැහිලා....ඒක සතුටක් කියලා අපි දෙන්නම දන්නවා...ඒත් ආපු දුරත් එක්ක විඩාවක් දැනෙනවා.....සමු ගන්න බැරි බැඳිම් ලඟ හිත නතර වෙන එක දුකක්ද කියලා මට තාමත් හරි හැටි අවබෝධයක් නැ..ඒ තාම අපි අපිට ඉන්න නිසා....ලඟක නැතත් මගේ හිත පුරවාවට ඔයා ඉන්නවා....
ගමන් මඟක් තිබුණා ද මේ ප්‍රේම චාරිකාවේ
ගිමන් හලක් හමු විද මේ ප්‍රේම චාරිකාවේ ...
ජීවිතේ කිසිම දෙයක් ස්තීරවම අපි ලඟ රැදෙන් නැ කියලා මම දන්නවා..ඉර හඳ දිවුරලා දෙන පොරොන්දු ලඟ සමහර වෙලාවට අපි අසරණ වෙනවා...නොයෙකුත් නොගැලපීම් එක්ක සමහර බැඳීම් වලින් අපිට සමු ගන්න සිද්ධ වෙනවා...කොයි තරම් ආදරෙන් උන්නත්....ඒත් ආදරේ කියන්නේ හිමි වීමම නෙමේ.....අාදරය කියන්නේ කැප කිරිමක්...කොටින්ම නිදහස් කිරිමක්....දුකින් වුණත් එකමෙක ප්‍රශ්ණ කිරිමක්වත් නැතිව යන්න දෙන්නත් පුළුවන් වෙන්න ඕන....ඒකට මම අමාරුවෙන් වුණත් හිත හදාගෙන ඉන්න බව ඔයා දන්නවා...
නෙතින් ගැලු කඳුළින් මිදෙන්නට
හිතේ සුසුම් ගිනි දැල් නිවා
ඔබයි මමයි හැමදා හිඳින්නද
ඉරයි හඳයි මියෙනා තුරා
අපේ පෙම් ලෝකයේ....
යන්නේ කොහෙද නැවතුමක් කොහෙද කියලා හරියටම දන් නැතිව බලන්න අපි ඇවිත් තියෙන දුරක තරම....මුලා වුණා කියලා හිතන්න ලෝබකමක් තියෙනවා.....කිසිම පොරොන්දුවක්...සපත කිරිමක්..සැකයක් නැතිව මේ තරම් දුරක් ආව අපි දෙන්නා කොයි තරම් නම් ආදරේද කියලා තේරෙන්න ගත්තේ වෙන් වෙන්න ඕනයි කියලා ඉඟි ලැබෙන කොටද...එකට එකතු හිනා වෙලා පිස්සුවෙන් වගේ හිටපු ඒ දවස් අමතක කරන්න තරම් අකාරුණික වෙලා නෑ අපි දෙන්නම...
ගමන් මඟක් විසා බලන්නට
කෙනෙක් නොමැත නෙත් මානයේ
ඔබත් මුලාවිය මමත් මුලා වුණි
ඉමක් කොනක් නැති මාවතේ
විරහා පෙම් මාවතේ....
අපි කිසිම කෙනෙක්ගෙන් පාර ඇහුවේ නෑ තමා..අපි දෙන්නා ඔහේ ඇවිදගෙන ගියා...ඉමක් කොනක් පේන් නැති පාළු මාවත් වල....ආපහු හැරෙන්න ඕන කමක් නැති වුණත් එක තැනකදි අපි දෙන්නටම නතර වෙන්න වෙන බව අපි දැනන් හිටියා...අපි කාටවත් දොස් නොකියා බලන් හිටියා..ඒ සමු ගන්න ලෝබකමට....ඒත් මේක තමයි වෙලාව..මේක තමයි තැන දොසක් නොපරවා සමු ගන්න....හැම දුකක්ම හිතේ තද කරන්...එක දෙයක්...සමු අරන් යද්දි මම ආපහු හැරිලා බලන් නැ.....මම දන්නවා මට යන්න බැරි වෙයි ඔයාව දාලා.....
හැමදාම ඔයා ඉඳිිවි මගේ හිතේ හොඳම තැන පරිස්සමට ....
ආදරණීය මල් ......
ගමන් මඟක් තිබුණා ද මේ ප්‍රේම චාරිකාවේ
ගිමන් හලක් හමු විද මේ ප්‍රේම චාරිකාවේ ...
ජීවිතේ කිසිම දෙයක් ස්තීරවම අපි ලඟ රැදෙන් නැ කියලා මම දන්නවා..ඉර හඳ දිවුරලා දෙන පොරොන්දු ලඟ සමහර වෙලාවට අපි අසරණ වෙනවා...නොයෙකුත් නොගැලපීම් එක්ක සමහර බැඳීම් වලින් අපිට සමු ගන්න සිද්ධ වෙනවා...කොයි තරම් ආදරෙන් උන්නත්....ඒත් ආදරේ කියන්නේ හිමි වීමම නෙමේ.....අාදරය කියන්නේ කැප කිරිමක්...කොටින්ම නිදහස් කිරිමක්....දුකින් වුණත් එකමෙක ප්‍රශ්ණ කිරිමක්වත් නැතිව යන්න දෙන්නත් පුළුවන් වෙන්න ඕන....ඒකට මම අමාරුවෙන් වුණත් හිත හදාගෙන ඉන්න බව ඔයා දන්නවා...
නෙතින් ගැලු කඳුළින් මිදෙන්නට
හිතේ සුසුම් ගිනි දැල් නිවා
ඔබයි මමයි හැමදා හිඳින්නද
ඉරයි හඳයි මියෙනා තුරා
අපේ පෙම් ලෝකයේ....
යන්නේ කොහෙද නැවතුමක් කොහෙද කියලා හරියටම දන් නැතිව බලන්න අපි ඇවිත් තියෙන දුරක තරම....මුලා වුණා කියලා හිතන්න ලෝබකමක් තියෙනවා.....කිසිම පොරොන්දුවක්...සපත කිරිමක්..සැකයක් නැතිව මේ තරම් දුරක් ආව අපි දෙන්නා කොයි තරම් නම් ආදරේද කියලා තේරෙන්න ගත්තේ වෙන් වෙන්න ඕනයි කියලා ඉඟි ලැබෙන කොටද...එකට එකතු හිනා වෙලා පිස්සුවෙන් වගේ හිටපු ඒ දවස් අමතක කරන්න තරම් අකාරුණික වෙලා නෑ අපි දෙන්නම...
ගමන් මඟක් විසා බලන්නට
කෙනෙක් නොමැත නෙත් මානයේ
ඔබත් මුලාවිය මමත් මුලා වුණි
ඉමක් කොනක් නැති මාවතේ
විරහා පෙම් මාවතේ....
අපි කිසිම කෙනෙක්ගෙන් පාර ඇහුවේ නෑ තමා..අපි දෙන්නා ඔහේ ඇවිදගෙන ගියා...ඉමක් කොනක් පේන් නැති පාළු මාවත් වල....ආපහු හැරෙන්න ඕන කමක් නැති වුණත් එක තැනකදි අපි දෙන්නටම නතර වෙන්න වෙන බව අපි දැනන් හිටියා...අපි කාටවත් දොස් නොකියා බලන් හිටියා..ඒ සමු ගන්න ලෝබකමට....ඒත් මේක තමයි වෙලාව..මේක තමයි තැන දොසක් නොපරවා සමු ගන්න....හැම දුකක්ම හිතේ තද කරන්...එක දෙයක්...සමු අරන් යද්දි මම ආපහු හැරිලා බලන් නැ.....මම දන්නවා මට යන්න බැරි වෙයි ඔයාව දාලා.....
හැමදාම ඔයා ඉඳිිවි මගේ හිතේ හොඳම තැන පරිස්සමට ....
ආදරණීය මල් ......
Monday, June 18, 2018
බස් කතා බස්
චූටිව පංති දාලා ලංගමේකට නැග්ගා...ඉන්න බෑ නිදිමත...ඇස් පියා ගත්තොත් ඉවර නිසා යාන්තමට ඔළුව චුට්ටක් තියා ගත්තා ජනේලට....දන්නෙම නැතිව ඇස් පිය වෙද්දි
සද්දයක් ආව නිසා මමත් ඉතිං ඔළුව ගසලා ඒම වට පිට බැලුවා...මේක හිස්ම හිස් බස් එකක්..පිනුම් ගහන්න වුණත් අවුලක් නැ...
මට ඉස්සරහින් සීට් එකේ ඉන්න වයස අම්මා කෙනෙක් එහා පැත්තේ සීට් එකේ ගෑණු කෙනාට සද්දෙට බනිනවා...
බැලින්නම් අර ගෑණු කෙනාට අර අම්මාගේ කකුළ පෑගිලා....බුදාම්මෝ සොරි කියන්න කියන්න බනිනවා....පස්සේ අර ගෑණු කෙනාත් බනිනවා..දෙන්නම බැන ගන්නවා...
කොන්දොස්තර උන්නැහේ අර ගෑණු කෙනාට කිවා කීවා මොකුත් නොකියා ඉන්න කියලා..
අර අම්මා බනිනවා ඉවරයක් නැ...අර ගෑණු කෙනා කියනවා..
"සල්ලි ඕනද බෙහෙත් දා ගන්න"
"අනේ උඹේ සල්ලි"
😱😱😱
"එහෙනම් යමු බෙහෙත් දාන්න"
අනේ මගේ කට..මම කියන් නෑ උඹට"
සිද්ධිය දුර යන නිසා මමත් අතින් සන් කරලා කිවා අර ගෑණු කෙනාට කට පියන් ඉන්න කියලා...
හප්පේ අර අම්මා බනිනවා...ටිකකින් විනෝද වටය වගේ ...සේරම හිනා වෙනවා අර අම්මාගේ කතා වලට...
මම බහින්න ලඟ නිසා ටිකක් එහාට ගියා..ආයි බනිනවා අර මනුස්සයාට..මම අහක බලන් හිනා වුණේ මගේ දත් ටික බඩට යවයි කියන බයටමයි...
"හහ් මෙිකි වැරැද්ද කරලා තව කට ගහනවා...අම්මේ මගේ කකුල...උඹ සමාවෙන්න කිවේ නැ..ඔව් කිවේ නැ සමාවෙන්න කියලා.."
මලාහ්....ඇයි අර සමා වෙන්න කිවේ...
මම බස් එකෙන් බැහැලා දස අතේ කල්පනා කලා..ඇයි අර ගෑණු කෙනා කිවේ දහ පාරක් විතර...සොරි කියලා...
සන්තෝ...පස්සේ මතක් වුණේ ටක්කෙටම අර අම්මට තෙරුන්නැ "සොරි" කියපු එක..එහෙමයි කියලා බස් එකේ ඉංග්‍රීසි පංති දාලා ගුටි කන්න යැ...😬😬
මම ආවා එන්න...
මීට පස්සේ කාගේ කකුළක් ඒම පෑගුනාට මම නම් "සොරි" කියන්නැ...."සමාවෙන්න" හොඳා..අර ආකාර බැනුම් වලට වඩා....
හප්පේ වයසට ගියාම යන තරහා 😱😱😱
ඇත්ත කතා ඇ....
මල්....
Thursday, June 7, 2018
නමක් නැති කතාවක්....
අම්මාගේ මල ගෙදර එන අය හිතනවා ඇති මං හරිම හිතක් පපුවක් නැති එකියක් කියලා....ඒ මගේ ඇහින් කඳුළක් වැටෙනවා තියා එක ඉකියක්වත් වැටෙන් නැති හංදා..
දොරකඩ හිටගෙන කාගෙවත් මූණක් බලන්නේවත් නැතිව ඉද්දි..
"මේකි නම් අමරාගේ කුසින් ඉපිදුන එකියක් වෙන්න බෑ"
හෙමින් කීවත් උන් දන් නැ මට ඒවා ඇහෙනවා කියලා...ඕන එකක් කියන්න ඇරලා මම නෑහුණා වගේ ඉන්නවා...
අම්මාව තනියෙන් සොහොනේ තියලා ගෙදර එද්දි මම දරාගෙන හිටියේ පුදුම අමාරුවකින්...පුංචි හීතලකවත් දරා ගන්න බැරි මගේ අම්මා...අර පොලවෙ යටම පස් වල හීතල කොහොම දරා ගනිද කියලා හිතද්දි මටත් පනින්න හිතුනේම ඒ වලටම අම්මාට තුරුල් වෙලා නිදා ගන්න..
**********************************
අම්මාගේ දිලිසෙන නිල් පාට ඇස් දෙක මට තිස්සෙම මතක් වෙනවා...අම්මා හරි ලස්සනයි ...ඒ ලස්සනවත් ..ඒ පාටවත් මට කොහොමත්ම තිබ්බේ නැ...
උප්පැන්නේ තාත්තාගේ නම තිබ්බේ නැති වුණාට මම කවදාවත් අම්මාගෙන් ඇහුවේ නැ මගේ තාත්තා කෝ කව්ද කියලා
එහෙම අහලා මං නිසා මේ සා විශාල දුක් කන්දක් විඳින අම්මාගේ හිත පාරන්න ඕන වුනෙත් නැ මට තාත්තා කව්ද කියලා දැන ගන්න උවමනාව මගේ හිතේ තිබ්බට...
අම්මා ලඟින් අවේ හරිම අමුතු සුවඳක්...මම හිතන්නේ මම හුස්ම ගත්තේ ඒ සුවඳින්මයි...උදේ පාන්දර නැගිටලා තියෙන දෙයක් තම්බලා තියලා මම නිදන් හිටියොත් මගේ නලල ඉඹලා අම්මා යනවා....ඒ යන්නේ රබර් වත්තේ කිරි කපන්න...
ඉස්කෝලේ ඇරිලා මමත් යනවා ඔට්ටුපාල එකතු කරන්න...මමත් පුරුදු වුණා කිරි කපන්න....අම්මා ඒවා කියලා දුන්නේ මට බැන බැන..
" මේවා උඔට බෑ බං කෙල්ලේ....උඹේ අත මේවට හුරු නෑ...අනික උඹ මේ රස්සාව කරන්න ඕන නැ...උඹ හොඳට ඉගෙන ගනින්"
පුළුවන් වුණ හැම දවසකම මම ගියා අම්මා එක්ක කිරි කපන්න...එකක් මට අම්මා නැතිව ඉන්න බැ...අනික මට අම්මාගේ සුවඳ විඳින්න ඕන...අම්මාගේ පපුවෙන් ආවේ අමුතු සුවඳක්...දාඩිය ගඳක් මට කවදාවත් දැණුනෙ නෑ....
"අහකට පලයන් බං කෙල්ලේ දාඩිය වැක් කෙරෙනවා"..ගඳයි"
"මයේ අම්මා මට සුවඳයි"
එහෙම කීවම අම්මාගේ ඇස් වල කඳුළු පිරෙනවා...
*******************
අම්මා නැතිව මම ගෙදර ඉන්න පලවෙනි දවස මේක....මට ඕන කෑ ගහලා අඬන්න...එළියට ආවේ නැති කඳුළු වල ඉකි වල කොයි තරම් ආදරේ තියෙනවද...ඒක කාටවත් පේන්නේවත් ..දැනෙන්නේවත් නැ...
"අම්මේ"
මට කෑ ගැස්සුනේ ඉබේටම වෙන්න ඇති....මල ගෙදරට ඇවිත් හිටපු අයගෙන් කීපදෙනෙක් ඉතිරි වුණා මල බත කන්න...ඒ කෑ ගැහිල්ලට කවුරුත් කන එක නතර කලා.....
කවුද ගෑණු කෙනෙක් මගේ ලඟට ඇවිත් ඔළුව අත ගානවා වගේ දැණුනා..
"මට ඕන වුණේ ඉගෙන ගෙන රස්සාවක් කරලා අම්මාව බල ගන්න...හැමදාම මාත් එක්ක දුක් වින්දා...මාව හොඳට තියන්න...මැරෙනකල්ම දුක් වින්දා...මට මොකුත් කර ගන්න බැරි වුණා මයේ අම්මේ"
***************
අම්මෙක් අප්පෙක් නැතිව ජීවිතේ කොයිරම් අමාරුද..කටුකද....කිසිම කෙනෙක් නැතිව තනි වෙන එක කොයි තරම් අසරණකමක්ද...මට අද හොඳටම දැනෙන මේ තනිය මගේ අම්මාටත් දැනෙනවා ඇති....අම්මා කොයි තරම් හොඳද..කොයි තරම් ඉවසිලිවන්තද...මාව දීලා ගිය තාත්තට කවදාවත්ම දොසක් නොකියපු මගේ අම්මා...
අම්මේ ඔයා මගේ ඇස් දෙකේ ඉන්නවා කඳුළු අස්සේ හැම තිස්සෙම...
මාව ගෙනියන්න හදපු තැනට මම හෙමින් යන්නම් අම්මේ....පාර වරදවා ගන් නැතිව...මම අම්මාගෙන් ඉගෙන ගත්තු හැමදේම හිතේ තියාගෙන..ජීවිතේ වරද්ද ගන් නැතිව යන්නම්...
අම්මේ හැමදාම මගේ ලඟ ඉන්න...මගේ තනියට....මගේ නලල ඉඹලා යන්න ඉස්සර වගේම....නිවන් නොදැක ඉන්න අම්මේ තව එක සැරයක් මට අම්මාගේ දුවම වෙන්න...
මට හරි තනි අම්මේ....
ආදරණීය මල්
Saturday, June 2, 2018
බිඳෙන බැඳුම්...
නුඹ නේන දා හිතට තනිකම
දැනෙන හැටි නුඹ දන්නේ නැ
මේ තරම් මට රිදෙන වග
මමත් දැනගෙන උන්නෙ නැ
හරි ආදරෙන් නුඹේ අතක එල්ලි
ගියපු එදවස් හීනෙකම තව තව පැටලෙනා
බැඳුන ඒ බැමි ලිහි යද්දි
හිතම තව තව රිදෙනවා...
බිඳෙන බැඳුමක තවත් යට වි
දහස් වර මම මියැදෙමි
නුඹ තුටින් නම් මටත් ඒ ඇති
නැවතිච්ච තැන මම හිදින්නම්..
ආදරණීය මල්
දැනෙන හැටි නුඹ දන්නේ නැ
මේ තරම් මට රිදෙන වග
මමත් දැනගෙන උන්නෙ නැ
හරි ආදරෙන් නුඹේ අතක එල්ලි
ගියපු එදවස් හීනෙකම තව තව පැටලෙනා
බැඳුන ඒ බැමි ලිහි යද්දි
හිතම තව තව රිදෙනවා...
බිඳෙන බැඳුමක තවත් යට වි
දහස් වර මම මියැදෙමි
නුඹ තුටින් නම් මටත් ඒ ඇති
නැවතිච්ච තැන මම හිදින්නම්..
ආදරණීය මල්
නුඹේ අරුමැසි ආදරේ...
නෙතින් නෙතකට එක්ව හා වුණ
හිතම නිවනා ආදරේ
රැගෙන දෝතින් එනතුරා නුඹ
මඟ බලන්නෙමි පාඩුවේ..
හිතක සැනසුම හදන නෙතඳර
නිබද කැටි වුණ ආදරේ
තාම උණුසුම එහෙමමයි සද
නුඹේ අරුමැසි ආදරේ...
#ආදරණීය_මල්
හිතම නිවනා ආදරේ
රැගෙන දෝතින් එනතුරා නුඹ
මඟ බලන්නෙමි පාඩුවේ..
හිතක සැනසුම හදන නෙතඳර
නිබද කැටි වුණ ආදරේ
තාම උණුසුම එහෙමමයි සද
නුඹේ අරුමැසි ආදරේ...
#ආදරණීය_මල්
Subscribe to:
Posts (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා...1 දවසක්...මට මුණ ගැහෙනවා හරි අපූරු කෙනෙක්...ඒ හරි අහම්බයකින්...සමහර වෙලාවට අහඹු හමු වීම් අපේ ජීවිත පුදුම විදිහට වෙනස් කර...

