Sunday, February 12, 2017

පැතුමක පහස...


එතෙර නොවුනොත් සසර
ඉපදෙනා හැම ආත්මෙම
ඔබෙම විතරක් වෙන්න
අාදරණීය පැතුමක
හුස්ම වැටෙන හෑම මෙහොතෙම
නුඹ විතරක් සිහියට ගනිමි
හෙමින් නුඹ සිප ගත්ත
මගෙ දෑතට වැටුණ
නුඹෙ හුස්මක රස්නෙ
තාමත් එහෙමයි
නුඹ රකින මගෙ පන
ගියපුදාකට අහසක් උසට
කඳුළු නම් එපා ඔන්න
මම බලන් ඉන්නවා
සංසාර දොරකඩ ඉඳන්
මං මඟ අරින්නෙපා....


Sunday, February 5, 2017

අම්මලාට....

හිතට ලොකු දුකක් දැණුනා ..මේ දවස් වල මහ සද්දෙට යන වීඩියෝව දැකලා..තාමත් ඒ කම්පනේ හිතේ තියෙනවා..දුවලා  ඉන්න අම්මෙක් විදිහට..මගේ දරුවන්ටත් එහෙම වුනොත් කියලා හිතුනා..මගෙ දරුවන් තරමටම මේ ගෑණු දරු දෙන්නා ගැන දුකක් කේ්න්තියක් ඇති වුණා.....තරුණ වයසට පත් වෙද්දි නොයෙකුත් වෙනස්කම් දරුවන්ට සිද්ධ වෙනවා..මේ ගැන සැළකිලිමත් වෙන්න ඕන දරුවන්ගේ අම්මා...ගෑණු දරුවෙකුට ආත්ම ගෞරවය රුකගෙන ජීවත් වෙන විදිහ කියා දෙන්න ඕන..අම්මලාට සෘජුවම ඇඟිල්ල දික් කරනවා මම...මුල් ගුරුවරිය අම්මා....

දියණියක් තේරෙන වයසක ඉඳලාම අම්මා ඇයව දැනුවත් කළ යුතුයි..හොඳ නරක..කවදාම හරි දවසක සුදුස්සා ලඟට එනකල් ජීවත් වෙන විදිහ කියා දිය යුතුයි....

අපේ කාලේ මෙහෙමයි කියලා සාධාරණය කරන්න බෑ මේ සිද්ධිය..මේ වීඩියොව මහා අසභ්‍ය විදිහට අන්තර් ජාලය පුරාම විහිදුවා හරිනවා..මේක අපරාධයක්..ජීවිත හානියක්...ඒ  කාලේ මේ කාලේ කියලා චරිතයට වෙන හානිය කොහොමද නවත්තන්නේ....පාසැල් නිල ඇඳුම යටින් ඉන්නේ මේ තමුන්ගෙ සහොදරිය..අම්මා කියලා හිතන්න බැරි වුනෙ ඇයි..ඒ පිරිමි ලමයි දෙන්නට කම්මුලට ගහලා මේ ගෑණු දරුවො දෙන්නා අයින් නොවුනේ ඇයි..ප්‍රසිද්දියෙ තමුන්ගේ චරිතයට කැලලක් වෙන්න යද්දි  අයින්  වෙනවා නම් අයින් වෙන්න අවස්තාව තියෙද්දි අයින් නොවුනේ ඇයි....සිප වැලද ගැනිම් ඒ තරම් වැදගත්ද තමුන්ගේ ගෞවරවයටත් වඩා....


ලෝකේ වෙනස් වෙන්න ඕන මෙහෙම නෙමේ....තාක්ෂනය මොකටද ආත්මය කෙලසන...අම්මලා දරුවන් ලඟ සිටිය යුතුයි හෙවනැල්ලටත් වඩා ලඟ තැනක..ඇහි පිය වෙන සැනෙන් සිදුවිය හැක්කේ ඛේදවාචකයක්..පාසල ඇතුලට දරුවා ඇතුල් කරලා එහෙමත් නැත්නම් පෞද්ගලික පංතියක දොරෙන් දරුවා අැතුලට දැම්මට සැනසුම් සුසුම් හෙලන්නට අපිට බැරි අද ලෝකේ විනාස වෙලා හංදා...අම්මා තාත්තා වගේ කවුරුත් නැති නිසා කිසි කෙනෙ විශ්වාසෙට ගන්නෙ නෑ මම නම්....පාසැල ඇතුලේ විනය විරොධි දෙයක් දෙයක් වෙනවා නම් වග කිව යුත්තො සියළුම ගුරුවරුන්....මෙවැනි ක්‍රියා වලක්කන්න දෙපැත්තම කෙලින් උන්නෙ නැත්නම්......???

දුවෙක්ගේ ආදරණීය හොඳම යෙහෙළිය විය යුත්තේ අම්මා......!......!

ජීවිතය දැන්...



මා දමා හැරදා නොයන්නෙමි
මතකදැ නුඹ පෙර කිව් කතා
තනි තනිව නොව අපි එකට යමු
අමතකද දැන් ඒ කතා
මෙහෙම තනියම මා දමා නුඹ
යනනේ කොහොමද
හිතෙනවද යන්නට දමා
නුඹට පෙරාතුව යන්නයි උන්නේ මම
තනිය තනි මඟ මට නුහුරුම නිසා
නුඹ නැතිව දැන් ජීවිතය හිස්
දැන් ඇහෙන් නෑ  ඒ පෙර කතා
සංසාර දොරකඩ නැවතිලා ඉඳපන්
නොවරදා මං එනතුරා...


Thursday, February 2, 2017

රස්තියාදුකාරි....





මටත් තියෙනවා හිටි ගමන් රස්තියාදුවෙ යන හිතක්...සමහර වෙලාවට ඉස්කෝලේ පංති කාමරේ...කරපු පිස්සු වැඩ...ගුරුවරියක් නැති වෙලාවක් බලලා..පිටි පස්සට සෙට් වෙලා බ්ලේඩ් එහෙකින් බිත්තිය හූරලා ඒ වැටෙන හුණු කුඩු නිය පොතු උඩට දාගෙන ලේන්සුවකින් පොලිෂ් කරනවා.දිලිසෙනවා තමා ඒත් එක මොහොතක් ඒකෙන වෙන හානිය ගැන හිතුවේ නැ....එහෙමත් නැත්නම් සීසන් ටිකට් එක සාක්කුවෙ දාගෙන කෙල‍ේලො සෙට් එකත් එක්ක රේල් පාර දිගේ පයින් යනවා නුවර ස්ටේශන් එකට...ඊට පස්සෙ ගෙදරින් ගුටි කනවා..වෙලාවකට යනවා තමා හිත ඒ ඈතම කාලෙට......

මගේ අම්මාට හැමදේම පිලිවෙලට ඕන....එයා කඩා පනින හමුදාවෙන් වගෙ එක පාරට කාමරේට කඩා වදින කොට සිද්ධ වෙන විපර්යාසේ කියන්නේ මොකටද ඉතිං....ඒත් ඒ පිලිවෙල මගෙ ජීවිතේ පිලිවෙලට පෙල ගස්සලා තියෙනවා...

අපේ අත්තම්මා පොත් කියවන්න රුසියෙක්..එයා පොත් කියවලා ඒවා අපි හතර දෙනා රෑට වටේට ඉන්දලා අපිට ඒවා කියා දෙනවා..පුදුම තරම් පොත් එයා පුස්ථකාලෙන් ගෙනත් කියෙව්වා....එයාගේ සුවඳ ගහන බුලත් විට විශේෂයි..කටේ තියෙන එක ඉල්ලනවා...පොත් කියවන ඒ අභාෂේ වෙන්න ඇති මටත් තියෙන්නේ..

අප්පච්චි..එයා ලඟින් එන්නෙ අපූරු සුවඳක්....මම ආසම එයා ඉඳ ගත්තම සරමේ හැදෙන වලේ ඉඳ ගන්න....
මේ යන්න බැරි තැන් වලට හිත රස්තියාදුවෙ යනවා තමා...ඒ රස්තියාදුව හරි සුන්දරයි.......


Wednesday, February 1, 2017

පමා නැති වසත් කල...

පමා වි හමු වූ වසන්තේ
මල් පිපි හිනැහෙයි තුරෙන් තුර
රොබරෝසියා ඇතිරුන
මල් පාර නැතිවාට
ගී ගයන සියොත් කැල
නිහඬ වි සිටියාට
අමාවක මහ රෑක
හැංගුනත් හඳ ගිහින්
පමා වූ වසන්තය
යළි ඇවිත් හිැහෙන්න..
හීතල දෙතොල් තෙරපගෙන
ඇස් වලට ඇස් තියා
ලංවෙලා උණුසුමට
අපි මුණ ගැහුණ මේ
ජීවිතේ සැඳැ කළ වසන්තේ
හිනැහිලා විඳ ගනිමු
පමා වී පැමිණි වසත් කල....


හ්ම්....



ඉතිං මසුපෙම්වත
මට ආදරේ දුන් පෙරදාක
වැහි ලිහිණි ඉගිලෙද්දි
කළු වලාකුළු වලට පහලින්
හීන් හීතලකින් ඇඟ බරවෙද්දි
හිනැහි බලා නුඹ මා තුරුල් ගත් හැඳැවම
අවසන හමුව වේයැයි හිතන්නද මම
නුඹ එව් කෙටිම කෙටි පණිවිඩය
විදුලියක් හිත මත කෙටුව..


Tuesday, January 31, 2017

නුඹයි ප්‍රේමය මා දැරුව....



ඉස්සරත් මේ මේ වගේම
මේ වගේ හුරු ගමන්
ගියා මතකයි හීනෙන් වගේ
නුඹම මා ලඟින් ඉඳ
දිවි දී පන දී 
නුඹෙන්මයි ඉපදුනේ මියැදෙද්දි කටොර මඟ දිග
හිත් පිඩා දරා ගෙන
නුඹෙ හෙවනට  එද්දි  මම
නුඹේ නොවෙනස් හිනාවෙන්
බොරුවක් ඇසකවත් නොගැටුනු
අනේ නුඹෙන්මයි ජීවිතය දැක්කෙ මම
ආදරෙන් ලඟට විත්
හිස අතගා සිප ගනිද්දි නලල
සත්තමයි නිව්නේම සරතැස...


ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...