Saturday, December 8, 2018


අපි දෙන්නා..


ඔබට ඇහෙනවද මගේ හදවත ගැහෙන හඬ. .
ඒ හදවත ගැහෙන්නෙම ඔබේ නමටයි
ඔව් මේ දෝංකාර දෙන්නේ ඒ හදවතේ හඬමයි
සොඳුරිය ඔබ මගේමැයි
පායා එන්න සොඳුරිය මගේ හිත් අහසට...
===============

හමන හැම සුලඟකම පාවි එන්නේ හිතවත ඔබේ හුස්මක සුවඳමයි
අපි අපේම වග අපිට දැනෙන හොරවන්
මේ ගෙවි යන්නේ

=============

අද විතරක් නෙමේ පෙර ආත්ම වලත්
ඔබ මගේම වෙලා ඉන්න ඇති
මේ අහස..මේ පොළව සාක්කි කියාවි
⁣මේ ගහ කොල පවා
සොඳුරිය මේ අහන්න
ජීවිතේ තියෙන තුරාවට මගෙන් නොමිදුන මැනවි
සැනින් මේ හුස්ම නවතිවි
මේ නිල් අහසේ තරුවක් තරුවක් ගානේ
ලියා තියමු අපේ කතාව
ඔබ මගේමයි..

==================

හදවත කැටපත් පවුරක් නම් මා එහි ලියා තබමි
ඔබේ නම කිසි දිනෙක නොමැකෙන ඇති
මම ඔබේ විතරමයි හිතවත..දිවුරමි

ඔබ හමු වුණ දා සිටම
මගේ නින්ද අහිමි වූ බව දනිමි
ඇහි පියන් යට ඔබ සැරි සරන බැව් දනිමි
ඔබේ උණුසුම්  පපුව මත හිස තියා නිවෙමි
ලොව් තුරා නිවන එහි ඇති බැව් හඟිමි

ඔබේ තුරුලේම මිය යන්න
ඉඩ දෙනු මැනවි හිතවත
කිසිදාක හැර නොයන්න
මගේ හැම හුස්මකම ඔබව රඳවමි
ලෝකය කොයි හැටි නපුරු වුණත්
මගේ හිමිකම් ඔබටමයි හිතවත

======================

සොඳුරිය ඔබේ දෙඇස් ලඟ නිවෙමි සැනසෙමි
ඔබේ ආදරණීය බැල්මෙන් මා සනසන්න

================
මලක් වි ඔබේ දෙනෙත් ලඟ නවතිමි
කිසි දිනෙක පරවි නොයමි
දිවි ඇති තුරාවට සැනසීම ඔබම පමණකි..

#ආදරණීය_මල්

ප.ලි...මේ සිංදුව ඇහෙන කොට මට මේ වගේමයි හිතෙන්නේ.....සිංදුවේ අර්ථය අහලකවක් නැත...




හිමි වීමම ආදරේ
විතරක්ම නොවෙන්නත් ඇති
මගේ හැම කවියකම
නුඹ හිනැහෙන කොට
හිමි වීමම ඒකත් වෙන්න ඇති
සංසාර පුරුද්දට ...

ආදරණීය මල්

Friday, December 7, 2018


සමහර පුරුදු තියෙනවා මොනවා කරලත් නැති කර ගන්න බැරි....සමහර පුරුදු නැති කර ගත්තත් සමහර පුරුදු නම් නැති කර ගන්න තියා හිතන්නවත් බැ...ඒවා පුදුම ඇබ්බැහියක් ....හැබැයි එ්කෙන් කාටවත් කරදරයක් වෙන් නැත්නම් ප්‍රශ්ණෙකුත් නෑනේ....

රෑ කීයට නිදා ගන්න ගියත් කවි පොතයි පෑනයි අනිවාර්යයෙන්ම ඉහ ඉද්දර තියෙන්න ඕන...ඒක නැති වුණාම දැනෙන්නේ මහ මූසල හැඟිමක්....ඉස්සරම මේ කවි පොත හංදා හිත  රිදුන අවස්ථාත් අඬපු අවස්ථාත් එමටයි...කොට්ටේ අස්සේ පොත හංගන් ඉඳිම මහත් අපරාදයක් සේ හිතා මං නැති වෙලාවක පොත් බිමට විසි කර තිබිමත් ජීවිතේ නැති කර ගැනීමට එයම තරම් කාරණාවක් බව මට දැණුන අවස්ථා වල ජංගය නිහඬ කොට මැරෙනවාමැයි හිතා එළියට බැස්ස අවස්ථා ද නැතිවම නෙමේ...ඊට පස්සේ තහනම් නියෝග සියල්ල  බල්ලට දාලා "කැමති විදිහට ඉඳපම්" යැයි කියා මට පාඩුවේ හිඳින්නට අවසර දුන්නාය...

ඒක එහෙම වෙද්දි එදා ඉඳලාම තියෙන සිංදු පිස්සුව...ඉස්සර කොළඹ ඉඳලා වැඩ ඇරිලා සිකුරාදා හවස ගෙදර ගියහම රෑට නිදා ගන්න යද්දි කැසට් යන්ත්‍රය කාමරේට අරන් යනවා...ඊට පස්සේ නින්ද යනකල් සිංදු අහන්නවා....මහ රෑ..කළුවරේ ජනෙල් කර්ට්න් එක මෙහාට කරලා අහස දිහා බලන් ඉන්න පුදුම ආසයි..තරු දිහා බලන් ඉන්න ආසයි..අර සිංදු ටික හෙමිහිට ඇහෙද්දිම.....හැම තිස්සෙම ලව් සිංදු අහනවා කියලා අප්පච්චි හින්ට් ගැහුවට මම නොසැලි හිටියේ අප්පච්චි මාව හොඳට අඳුනන හංදා....අප්පච්චිත් ඉස්සර සිංදු වලට ආසයිනේ..මට මතකයි...

දුක හිතුනාම...සතුටක් දැණුනාම....නිදහසේ ඉන්න වෙලාවට..උයද්දි සිංදු අහන්න ඕන....උයද්දි සිංදු අහන එක වෙනම සතුටක්...වැඩ කරන ගමන්..ආස සිංදුවක් නම් මතක තියාගෙන ඉඳලා පස්සේ සිංදු ගොඩට දා ගන්නවා ඒකත්..

නිදිය ගන්න ගියාම තමා සිංදු අහන්න ආසම..earphones දාන් ආසම සිංදුවක් අහන්න තියේ නම් 💗💗💗ඊටත් වඩා ආසම කරන ආදරේම කරන කට හඬකින් ලඟම ඉන්නවා වගේ හිතෙන හැඟිමෙන් අහන්න තියෙනවා නම් ඒකත් වෙනමම හැඟිමක්....ඒ හැඟිමට වෙන් කරන්න වචන නෑ...ආදරේම මිස..

#ආදරණීය_මල්

Saturday, November 10, 2018

සමහර වෙලාවට ලාම ලා අඳුරක ඉන්න මම ආසයි...තනියම..ඔහේ සිතිවිලි වලට යන්න අරින්න ඕනම තැනකට සීමා මායිම් නැතිව..ඉමක් කොනක් නැතිව සිතිවිලි විසුරවන්න ආසයි...ඒක හුදෙකලාවක්....හීතලම දැනෙන වැස්ස වෙලාවක එහෙම ඉන්න එක හරිම නිදහස් හැඟිමක්...

මං වැඩියෙන්ම ආස තැනකට ආදරේම කරන තැනකට මගේ හිත හෙමින් ගිහින් තියන්න...වරුවක් වුණත් ඒ හැඟිම් එක්ක ඉන්න...හිතට හරි නිදහසක් දැනෙනවා.....

අර ඉහලම නිල් අහසේ රවුමක් ගිහින් එන්න...කුරුල්ලෙක් වගේ...ආස නැද්ද එහෙම...???

ඒ මොහොත විඳින්න ඕන....හිත හීතලම වෙන හැඟිම් විඳ ගන්න....හිතින් දොඩමලු වෙන්න....ටක්..ටක් හඬින් වැටෙන වැස්සේ සද්දේ විතරක්ම අහන් ඉන්න...මට මේ ලෝකේ වැඩියෙන්ම පහසු උර හිසට හිතින් හේත්තු වෙලා ඉන්න....උණුසුම් කෝපි කෝප්පයක් තිබුණා නම් ඒ සිතිවිලි තවත් නැවුම් වෙනවා....ඇස් දෙක පියාගෙන ඒ දුර ගමන යන්න පුළුවන් .....නිදහසේ..සැහැල්ලුවෙන් ...

#ආදරණීය_මල්


කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ

අහුඹුම තැනකදි මුණ ගැහිලා අන්තීමට මෙන්න මෙහෙම අහන්න වෙයි කියලා හිතුනා නම් මම කවදාවත් ඔයා ලඟ නතර වෙන් නැ....නමක් නැති හිත් වල විතරක්ම තියෙන ආදරේ හරි සුන්දර වුණාට ඒක හරි පස්සේ කාලෙක වෙන් වෙලා යන්න වුණාම දරන්න බැරි තරම් දුකක්.....

"දෙතොල් සලා මුදු සිනහ නගනවා
දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නේ
හදවත් ගැහෙනා රිද්මය අතරේ
හිතින් ගතින් එක් තැන් වී ඉන්නෙම්"

ජීවිතේ එක කඩ ඉමකදි මට ඔයාව අහම්බෙන් මුණ ගැහෙද්දි මම හිතන්නේ මම පුදුම විදිහට සතුටු වුණා....ඒත් පුංචි බයක් හිතේ හංගන් හිටියා..මොකද පුංචිම දේවල් වලින් ගොඩක් ස හිත රිදව ගත්තට පස්සේ හදා ගන්න අමාරු හංදා....කිසිම කොන්දේසියක් නැතිව අපේ කතන්දරේ ලිය වෙද්ද....මම එක දෙයක් දන්නවා මගේ හිත නිවෙන තැනක් ඇත්නම් ඒ ඔයා ලඟම තමා කියලා...ඔයාගේ ඇස් දෙක ලඟ කියලා.....පුංචි පුංචි දේවල් වලින් හිත රිදුනත් ඒ රිදෙන්නම රිදෙන්න ඕන තැන් කියලා හිත හදා ගෙන මට ඔයා දීපු ආදරේ එක්ක ජීවත් වෙන්නත් පුළුවන් .....

"ප්‍රේමය ගොළු වී හඬා වැටීලා
ඔබ හද මා හද රිදවන මොහොතේ
ජීවිතයට හිමි පැරදුම හමුවේ
නොදොඩා ගොළු වී බලා සිටින්නෙමු"

හමු වීමක් නම් වෙන් වීම ඉබේ ලියවෙන තැනක අපේ හිත් අනන්ත රිදවෙන්න පුළුවන් ...ඒවා දරා ගන්නත් අපිට හයිය තියෙන්න ඕන....ජයත් පැරදුමත් සම සිතින් දරා ගෙන..ඒත් කිසිම පසු තැවීමක් හිත් වල තියා ගන්න හොඳ නෑ...අපේ හිත් වල ආදරයක් කියලා එකක් තිබුණා නම් ඉවසා දරාගෙන වෙන් වෙන තැනදි ඒත් මට අඬන්න එපා කියලා නම් කියන්න එපා..එකමෙක ඉසිඹුවක් මට ඉඩක් හදන්න ඔය උරහිසේ ඉස්සර වගේම ගිමන් හරින්න....

#ආදරණීය_මල්

Sunday, June 24, 2018

ගමන් මඟක් තිබුණා ද...?

හිතා මතා නොවුණත් අපි මුණ ගැහිලා....ඒක සතුටක් කියලා අපි දෙන්නම දන්නවා...ඒත් ආපු දුරත් එක්ක විඩාවක් දැනෙනවා.....සමු ගන්න බැරි බැඳිම් ලඟ හිත නතර වෙන එක දුකක්ද කියලා මට තාමත් හරි හැටි අවබෝධයක් නැ..ඒ තාම අපි අපිට ඉන්න නිසා....ලඟක නැතත්  මගේ හිත පුරවාවට ඔයා ඉන්නවා....

ගමන් මඟක් තිබුණා ද මේ ප්‍රේම චාරිකාවේ
ගිමන් හලක් හමු විද මේ ප්‍රේම චාරිකාවේ ...

ජීවිතේ කිසිම දෙයක් ස්තීරවම අපි ලඟ රැදෙන් නැ කියලා මම දන්නවා..ඉර හඳ දිවුරලා දෙන පොරොන්දු ලඟ සමහර වෙලාවට අපි අසරණ වෙනවා...නොයෙකුත් නොගැලපීම් එක්ක සමහර බැඳීම් වලින් අපිට සමු ගන්න සිද්ධ  වෙනවා...කොයි තරම් ආදරෙන් උන්නත්....ඒත් ආදරේ කියන්නේ හිමි වීමම නෙමේ.....අාදරය කියන්නේ කැප කිරිමක්...කොටින්ම නිදහස් කිරිමක්....දුකින් වුණත් එකමෙක ප්‍රශ්ණ කිරිමක්වත් නැතිව යන්න දෙන්නත් පුළුවන් වෙන්න ඕන....ඒකට මම අමාරුවෙන් වුණත් හිත හදාගෙන ඉන්න බව ඔයා දන්නවා...


නෙතින් ගැලු කඳුළින් මිදෙන්නට
හිතේ සුසුම් ගිනි දැල් නිවා
ඔබයි මමයි හැමදා හිඳින්නද
ඉරයි හඳයි මියෙනා තුරා
අපේ පෙම් ලෝකයේ....


යන්නේ කොහෙද නැවතුමක් කොහෙද කියලා හරියටම දන් නැතිව බලන්න අපි ඇවිත් තියෙන දුරක තරම....මුලා වුණා කියලා හිතන්න ලෝබකමක් තියෙනවා.....කිසිම පොරොන්දුවක්...සපත කිරිමක්..සැකයක් නැතිව මේ තරම් දුරක් ආව අපි දෙන්නා කොයි තරම් නම් ආදරේද කියලා තේරෙන්න ගත්තේ වෙන් වෙන්න ඕනයි කියලා ඉඟි ලැබෙන කොටද...එකට එකතු හිනා වෙලා පිස්සුවෙන් වගේ හිටපු  ඒ දවස් අමතක කරන්න තරම් අකාරුණික වෙලා නෑ අපි දෙන්නම...

ගමන් මඟක් විසා බලන්නට
කෙනෙක් නොමැත නෙත් මානයේ
ඔබත් මුලාවිය මමත් මුලා වුණි
ඉමක් කොනක් නැති මාවතේ
විරහා පෙම් මාවතේ....

අපි කිසිම කෙනෙක්ගෙන් පාර ඇහුවේ නෑ තමා..අපි දෙන්නා ඔහේ ඇවිදගෙන ගියා...ඉමක් කොනක් පේන් නැති පාළු මාවත් වල....ආපහු හැරෙන්න ඕන කමක් නැති වුණත් එක තැනකදි අපි දෙන්නටම නතර වෙන්න වෙන බව අපි දැනන් හිටියා...අපි කාටවත් දොස් නොකියා බලන් හිටියා..ඒ සමු ගන්න ලෝබකමට....ඒත් මේක තමයි වෙලාව..මේක තමයි තැන දොසක් නොපරවා සමු ගන්න....හැම දුකක්ම හිතේ තද කරන්...එක දෙයක්...සමු අරන් යද්දි මම ආපහු හැරිලා බලන් නැ.....මම දන්නවා මට යන්න බැරි වෙයි ඔයාව දාලා.....

හැමදාම ඔයා ඉඳිිවි මගේ හිතේ හොඳම තැන පරිස්සමට ....






ආදරණීය මල්  ......



Monday, June 18, 2018

බස් කතා බස්



චූටිව පංති දාලා ලංගමේකට නැග්ගා...ඉන්න බෑ නිදිමත...ඇස් පියා ගත්තොත් ඉවර නිසා යාන්තමට ඔළුව චුට්ටක් තියා ගත්තා ජනේලට....දන්නෙම නැතිව ඇස් පිය වෙද්දි
සද්දයක් ආව නිසා මමත් ඉතිං ඔළුව ගසලා ඒම වට පිට බැලුවා...මේක හිස්ම හිස් බස් එකක්..පිනුම් ගහන්න වුණත් අවුලක් නැ...

මට ඉස්සරහින් සීට් එකේ ඉන්න වයස අම්මා කෙනෙක් එහා පැත්තේ සීට් එකේ ගෑණු කෙනාට සද්දෙට බනිනවා...

බැලින්නම් අර ගෑණු කෙනාට අර අම්මාගේ කකුළ පෑගිලා....බුදාම්මෝ සොරි කියන්න කියන්න බනිනවා....පස්සේ අර ගෑණු කෙනාත් බනිනවා..දෙන්නම බැන ගන්නවා...

කොන්දොස්තර උන්නැහේ අර ගෑණු කෙනාට කිවා කීවා මොකුත් නොකියා ඉන්න කියලා..

අර අම්මා බනිනවා ඉවරයක් නැ...අර ගෑණු කෙනා කියනවා..

"සල්ලි ඕනද බෙහෙත් දා ගන්න"

"අනේ උඹේ සල්ලි"

😱😱😱

"එහෙනම් යමු බෙහෙත් දාන්න"

අනේ මගේ කට..මම කියන් නෑ උඹට"

සිද්ධිය  දුර යන නිසා මමත් අතින් සන් කරලා කිවා අර ගෑණු කෙනාට කට පියන් ඉන්න කියලා...

හප්පේ අර අම්මා බනිනවා...ටිකකින් විනෝද වටය වගේ ...සේරම හිනා වෙනවා අර අම්මාගේ කතා වලට...

මම බහින්න ලඟ නිසා ටිකක් එහාට ගියා..ආයි බනිනවා අර මනුස්සයාට..මම අහක බලන් හිනා වුණේ මගේ දත් ටික බඩට යවයි කියන බයටමයි...

"හහ් මෙිකි වැරැද්ද කරලා තව කට ගහනවා...අම්මේ මගේ කකුල...උඹ සමාවෙන්න කිවේ නැ..ඔව් කිවේ නැ සමාවෙන්න කියලා.."

මලාහ්....ඇයි අර සමා වෙන්න කිවේ...

මම බස් එකෙන් බැහැලා දස අතේ කල්පනා කලා..ඇයි අර ගෑණු කෙනා කිවේ දහ පාරක් විතර...සොරි කියලා...

සන්තෝ...පස්සේ මතක් වුණේ ටක්කෙටම අර අම්මට තෙරුන්නැ "සොරි" කියපු එක..එහෙමයි කියලා බස් එකේ ඉංග්‍රීසි පංති දාලා ගුටි කන්න යැ...😬😬

මම ආවා එන්න...

මීට පස්සේ කාගේ කකුළක් ඒම පෑගුනාට මම නම් "සොරි" කියන්නැ...."සමාවෙන්න" හොඳා..අර ආකාර බැනුම් වලට වඩා....

හප්පේ වයසට ගියාම යන තරහා 😱😱😱

ඇත්ත කතා ඇ....

මල්....

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...