Sunday, December 31, 2017
මල් සුවඳ...
ඇද කුද නැති තනි ඉරක් වගේ ජීවිතේ හදා ගන්න ඕන...වැරදි..අතපසු වීම්..වැටීම් නැගිටීම් එක්ක...ශක්තිමත්ව
2017 වගේම ගෙවුන හැම අවුරුද්දක්ම අපිට වැදගත්..එක්තරා සංදිස්ථානයක්....අතීතය තමා හොඳම ගුරුවරයා..ආපස්සට හැරිලා බැලුවොත් අපිට පුදුම පාඩම් ගොඩක් කියලා දෙන...
ගෙවුන හැම අවුරුද්දේම අපි අපිට නොගැලපෙන දේවල් කොයි තරම් කරන්න ඇද්ද....සමහර විට හිත හොඳ නිසාම...එපා...මින් ඉදිරියට එන එක දවසක්වත් එවන් වු මෝඩකම් වලට ඉඩ දෙන්න එපා...
ලද අත්දැකීම් එක්ක අපි හැමෝම වෙනස් වෙන්න ඕන... හොඳ විදිහට..සමහර විට ඒ වෙනස් වීම් තව කෙනෙක්ට දරා ගන්න බැරි වෙයි..ඒත් කමක් නැ ඒ යහපත් වෙනසින් ලස්සන හෙට දවසක් ලැබේවි...
පුළුවන් නම් ජීවිත කාලයම බොරු නොකියා ඉන්න උත්සහා කරන්න..තැන තැන කේලාම් ඕප දූප කීමෙන්....අනුන්ට අපහාස කිරිම්..අනුන්ගේ දේවල් හොරකමට ගැනිමෙන් වැලකිමෙන් වඩා යහපත් ජීවිතයක් ලැබෙනු නියතයි....
හිනා වෙන්න...මට නම් ලෝකෙන්ම ලස්සන රිඇක්ට් එක හිනාව..හැබැයි හදවතින් එන හිනාවක්...ඒකයි පුංචි දරුවන්ගේ හිනාවට හිත පිරෙන්නේ...
මුලින්ම ඔබ ඔබට ආදරේ කරන්න...ඊට පස්සේයි අනික් අය...ආදරය ..කරුණාව..දයාව බෙදා හරින්න මුළු ලෝකේටම...
ජීවත් වෙන්න ඕන හිමිදිරිය වගේ...මල් සුවඳ වගේ....
ආදරණීය මල්.....
Saturday, December 30, 2017
මම ඇතුළු හැමෝම ලැහැස්ති 2017 අවුරුද්දට සමු දෙන්න...ඒ එක එක අලුත්ම සැලසුම් එක්ක...අලුත්ම විදිහට...වෙනස්ම විදිහට....
හැම අවුරුද්දේම වගේ මේ අවුරුද්දේත් කාගෙත් බලාපොරොත්තුව ගිය අවුරුද්දේ කල මෝඩ වැඩ මේ අවුරුද්දේ නොකරන්න...ඇත්තටම වෙන්න ඕනෙත් ඒක..නැත්නම් ආයෙත් ඊට වඩා මෝඩ වැඩ ඊලඟ අවුරුද්දේත් කරනවා...
බලාපොරොත්තු තමා අපිව ජීවත් කර වන්නේ.....ගිය අවුරුද්දේ ඉටු කර ගන්න බැරි වුන දේවල් මේ අවුරුද්දේදි කර ගන්න ඕන...ටික ටික..
හිත රිදිම් අමනාපකම් ඕන තරම් තියෙන්න ඇති...සම සිතින් දරා ගෙන ඉන්නත් ඇති....තරහ වෙන්නත් ඇති...කිසිම තරහක්..ක්‍රෝදයක් ඔබ අරන් නොයනවා නම් හොඳයි..ඒ ඔබේම හිත සුවය පිණිස....වැරදි කරපු අයට හිතින් සමාව දෙන්න පුළුවන්...ඔබ ඔබට වැරදි කළ පහත් මිනිස්සුන්ගේ ගොඩට වැටෙන් එකක් නැ....
එකම පරමාර්තය සතුටින් ඉන්න එක....අත් වැරදිම් වලක්වා ගැනිම....තව කෙනෙකගේ හිත නොරිදවන එක...හෙමින් තමුන්ගේ ගමන යෑම....
පහු ගිය වැරදි කිසිවක් අරන් යන්න එපා..එතකොට ඊළඟ කිසිම අවුරුද්දකදි කිසිම වරදක් නැති කෙනෙක් වෙන්න පුළුවන් ...
හොඳම දේ අරන් යන්න හොඳම දේ ලැබේවි...
මල්...

#හොඳමයාළුවා#
මට හිතෙන්නේ හොඳම යාළුවෙක් හැමෝටම ඉන්නවා...හොඳම යාළුවෙක් හැම විටම සවන් දෙන්නෙක්..කිසිම චුරු චුරුවක් නැතිව...කොන්දේසියක් නැතිවම...
සමහර වෙලාවට මුළු ජීවිත කාලෙම කෙනෙක්ට ඉන්නේ එකම හොඳ යාළුවෙක්...ඕන තරම් යාළුවො උන්නත් තමුන්ගේ හැමදේම කියන්න බැ ඒ හැමෝටම...අන්න එහෙම වෙලාවට තෝර ගන්නේ වඩාත්ම විශ්වාසවන්ත පුද්ගලයාව...
හොඳ යාළුවෙක් හැම වෙලාවෙම හොඳ දරා ගන්නෙක්....මොන තරම් කාර්ය බහුල වුනත් යාළුවෙක් වෙනුවෙන් සියලු රාජකාරි පසෙක තියන්නෙක්....හිත හදන්නෙක්....නොමඟ නොයවන්නෙක්....
සතුටේදි වගේම දුකේදිත් කිසිම වෙනසක් නැතිව එකම හිනාවෙන් ලඟින් ඉන්න පුළුවන් හොඳම අවංක යාළුවෙක්ට විතරයි....
ඒකයි කියන්නේ freind in need is friend indeed කියලා....
මල්..

Friday, December 22, 2017
ජීවිතේ හරියට ලියලා ඉවර කරන්න බැරි පොතක් වගේ...හැමදාම අළුත් පරිච්ඡේදයකින් පටන් ගන්නවා...සමහර වෙලාවට එක පරිච්ඡේදයක් ඉවර කරන්නත් ඉස්සෙල්ලා තවත් පරිච්ඡේදයක් පටන් ගන්නවා...
හැම සිදු වීමක්ම සිද්ධ වෙන්න පටන් ගන්නේ වංගුවකින් හැරෙද්දිම...කාරණා කාරණා සිද්ධ වෙන්නේ කොක් හඬලා හිනා වෙන්න හරි අඬන්න හරි නෙමි....පාඩම් ඉගෙන ගන්න..අකමැත්තෙන් හරි අපිට සිද්ධ වෙනවා ඒ පාඩම් ඉගෙන ගන්න...සමහර සිද්ධ වෙන දේවල් දරා ගත නොහේ..නමුත් දරා ගත යුතුයි..ජීවිතේ දිනන්න නම්....
මල්......

Subscribe to:
Posts (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා...1 දවසක්...මට මුණ ගැහෙනවා හරි අපූරු කෙනෙක්...ඒ හරි අහම්බයකින්...සමහර වෙලාවට අහඹු හමු වීම් අපේ ජීවිත පුදුම විදිහට වෙනස් කර...