සමහර විට ආදරේ නිසාම වෙන්නැති
නොකියා කියද්දි යන්න කියලා
දරාගෙන් හිටියේ නොගොසින්ම
ඒත් ආපහු හැරිලා බලද්දි
මට හිතෙනවා මම ඇයි
ඔයා ලඟ නැවතුනේ කියලා
ආදරේ නිසා වෙන්න ඇති...
තාමත් ඉඳ හිටක කොහෙන්දො
ඔයාගේ කට හඬ ඇහෙද්දි
මම ගැස්සෙන්නේ
ආදරේ නිසා වෙන්න ඇති
ඔයා ලඟ නැති එක පුදුම හැඟිමක් වුනත්
මම තාමත් උත්සහ කරන්නේ
අපේ හමුවීම වගේම
වෙන් වීමත් හීනයක් කියලා
හිතන්න විතරමයි ....
෴ආදරණීය මල්෴
Tuesday, September 26, 2017
මඟුල් පිංතූරයක් නැතත්
හැමදාම අළුත් වෙන ආදරයක්
අපිට තියෙනවා හැමදාම
මාල තැලි වලට අයිතිවාසිකම් නොකිවට
ඔයා මගේ හිත පුරෝලා තිබ්බෙම ආදරේ
මට කිසිම නෑයෙක් නැති කොට
මට කිසිම අඩුවක් දැනෙන්න
මොහොතක්වත් දුන් නැ ඔයා
අම්මා තාත්තා නොහඳුනන
තනි වෙච්ච ලොකේට උරුම කම් කීව
නිල් මොණර කොල වලට
විකිනෙන්න නොදි
මාව බේරගෙන එනකොටත්
මට යන්න තැනක් නැති කොට
ඒත් ආපහු හැරෙද්දි මාව
නවත්ත ගත්තේ ඔයා
එදා ඉඳලා අද වෙනකල්ම
හැමදේම අහිමි කරගෙන
මටත් දරුවන්ටත් ජිවිතේ
දරාගෙන හුස්ම දෙන්නෙත් ඔයා
ආදරේ උතුරන ඔය ඇස් ගාව
මගේ හිත හැමදාමත් ණය ගැති
මට දෙන මේ ආදරේ මිලක් නැති...
෴ආදරණීය මල්෴
හැමදාම අළුත් වෙන ආදරයක්
අපිට තියෙනවා හැමදාම
මාල තැලි වලට අයිතිවාසිකම් නොකිවට
ඔයා මගේ හිත පුරෝලා තිබ්බෙම ආදරේ
මට කිසිම නෑයෙක් නැති කොට
මට කිසිම අඩුවක් දැනෙන්න
මොහොතක්වත් දුන් නැ ඔයා
අම්මා තාත්තා නොහඳුනන
තනි වෙච්ච ලොකේට උරුම කම් කීව
නිල් මොණර කොල වලට
විකිනෙන්න නොදි
මාව බේරගෙන එනකොටත්
මට යන්න තැනක් නැති කොට
ඒත් ආපහු හැරෙද්දි මාව
නවත්ත ගත්තේ ඔයා
එදා ඉඳලා අද වෙනකල්ම
හැමදේම අහිමි කරගෙන
මටත් දරුවන්ටත් ජිවිතේ
දරාගෙන හුස්ම දෙන්නෙත් ඔයා
ආදරේ උතුරන ඔය ඇස් ගාව
මගේ හිත හැමදාමත් ණය ගැති
මට දෙන මේ ආදරේ මිලක් නැති...
෴ආදරණීය මල්෴
හතකටත් වඩා කිරි කල
හැමොටම දුන්න
කුස වැදු දරුවටත් විටක එය නැති වෙච්ච
තෙවෙනි දරු ගැබ බර දරන්
යන්නෙ පෝරකයට මස් වැද්දො ගෙල සිඳින
ටිකක්වත් අනුකම්පාවක් නැති
කුමට යදිනවද ජීවිතය උන් ගාව
තවත් උන් හඬ තලන කොට
උන්ට ඒ නෑසිච්ච
කුස ඇතුලේ දඟලනා මයේ කිරි පුතුනි
නොයැද ඉඳපන් ජීවිතය අපිට තහනම් ඉල්ලන්න ජීවිතය
යන ගමන එකට යමු බය නොවි ඔහොමම ඉන්න
ආයෙමත් කිසිදාක ඉපැදෙන්නේ නැතිව ඉමු
කෙලෙහි ගුණ නොදන්නා
මිනිස්සුගේ ඇස් ගාව..

Friday, September 22, 2017
මගේ පොත් කියවිල්ලයි..කුරුටු ගෑවිල්ලයි ඒ දවස් වල එයාට පුදුම හිසරදයක්...පොත් වල ඇලි ගැලි ඉද්දි ගෑවි නොගෑවි වේගෙන් එහා මෙහා යයි..ඒත් මම පොතේය...ලියවිල ගැනත් එසේමැයි..
බලන් ඉඳලා බැරි තැනක එයා පොත් ගේන එක නැවැත්තුවා ..හොරෙන්ම පුස්තකාලයට බැඳිලා කොට්ටේ යට තියන් කිවද්දි අහු වුනාම බය වෙලා මම බලන් ඉද්දි..එයා හෙමින් ඔළුව අත ගාලා ගියා..තහනම ඉවතට එතැන් සිට...
ලියවිල්ල..ඒ ගැන කිසිම රසන්‍යතාවයක් එයාට නැ...එයාට ලියපු කවි කොල සේරම ඒ ආකාරයටම මට අහු වුනේ මාව කැන්දන් ආවට පස්සේ...මුංදැට අායේ කවි ලියන්නැ කියලා තරයේම හිතට ගත්තා..
ඉතාම හොඳ ස්වාමිපුරුෂයෙකු වෙච්ච එයා ගැන නොලියාම බැරි වුන සමහර අවස්ථාක මම ලිව්වා....
දැන් සියල්ල කනපිටය..මට වඩා මගේ ලියවිල්ල ගැන එයා විමසිලිමත් වෙද්දි පුදුම වුනත් නොහඟවා සතුටු වෙමි...පොත් ලබන අවුරුද්දේ කරමු...සියළු බැර පැන ඔහු දරනු ඇත..කඳුළු අතරින් සිනාසීමි.....මේ සැරේ පොත් ගන්න යන්න බැරි වුන එක ගැන දුක් වෙද්දි සල්ලි දෙන්න හදද්දි මම එපා කිවේ තව දේවල් කර ගන්න තියෙන නිසාමයි..එහෙනම් ලබන පාර වෙද්දි අපි ප්ලෑන් එකකට වැඩේ කරමු පොත් ගොඩක් ගන්න...කාලයාගේ ඇවැමෙන් ඔහු වෙනස් වි ඇත..ඒ මා වෙනුවෙන්ය...
ඉතිං ඔහු වෙනස් කලේ මමය....

Sunday, September 17, 2017
Thursday, September 14, 2017
හරියටම මතකයි එදා.... හොඳටම වැස්ස දවසක්...මම බස් එකෙන් බැහැලා එද්දි නුවර ටවුන් එකේදි එයා මගේ පස්සෙන් ඇවිත් කීවා..
ප්ලිස්..මට කතා කරන්න ඕන ..
මට තෙරේනවා මගේ කම්මුල් රතු වෙලා..ලේ බහිනවා රස්නෙට..මහ වැස්සේ මම දාඩියෙන් නෑවිලා..බලෙන් මගේ කුඩේ අස්සට ඇවිත්..දවසයි වෙලාවයි කිවා....
හරියටම ඒ දවසේ ඒ වෙලාවේම පුරුදු බස් හොල්ට් එකේ මහා වැස්සක අපි මුණ ගැහුණා....ඊට පස්සේ ගියේ වයිට් හවුස් එකට...
අපි ගියා....ඉඳ ගත්තා...මූණෙන් මූණ බලන් ඉන්නවා කතා නැ...එයා ඕඩර් කලේ ඒ හීතලම දවසේ හීතලම හීතල ලෙමන් ජූස්...🙂
මම බය වෙලා බලන් ඉද්දි එයා මගේ අතක් අරන් එයාගේ අත් දෙකටම මැදි කර ගත්තා..ඒ අත් හරිම උණුසුම්...
ඊට පස්සේ අපි කතා කලා ..ඒත් මම එයා අහපු ප්‍රශ්න වලට උත්තර දීපු එක් විතරයි කලේ..
එයා හිනා වෙනවා..
ඒ වැස්සේ...ඊට පස්සේ අපි ආවා එළියට...එකම කුඩේ ඇතුලේ....ඉස් ඉස්සෙල්ලාම..එයා මාව ලඟට අරන් තුරුල් කරන් යන ගමන්..හෙමින් මගේ නලල සිප ගත්තා තමා...
෴ආදරණීය මල්෴
Subscribe to:
Posts (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා...1 දවසක්...මට මුණ ගැහෙනවා හරි අපූරු කෙනෙක්...ඒ හරි අහම්බයකින්...සමහර වෙලාවට අහඹු හමු වීම් අපේ ජීවිත පුදුම විදිහට වෙනස් කර...