Sunday, October 1, 2017

සතුට හා දුක-------------

එකිනෙකාගෙන් වෙනස් වන සතුට හා දුක...කෙනෙක් සතුටින් සිටයදි අනෙකා දුකින්ද කල් ගෙවයි....සතුටත් දුකත් ඒ ඒ කෙනාගේ මනස අනුව බෙදි යයි....සමහර මිනිස්සුන් ඉතාම පුංචි දෙවල් වලින් පවා ඔවුන් උපරිම සතුටු වන පුද්ගලයින්ය...ගොඩක් වෙලාවට ඔවුන් ඉතා ප්‍රිය මනාප පුද්ගලයින්ය ... ඇතැමුන් කිසිම දේකින් තෘප්තියක් නොලබන මිනිසුන්ය....

ජීවිතය කියන්නේ පුදුම තැනක් ...හැමදාම කෙනෙක්ට සතුටක් නැති වෙන්න වෙන්න පුළුවන් ..ඒත් උත්සහ කරන්න ඕන තමුන්ගේ හිතට සතුට ලං කර ගන්න..සතුට තමුන්ව හොයා ගෙන එන් නැ..ඔබේ හිතට පුළුවන් සතුට  ඇතිකර ගන්න..ඔබ දුකින් නම් හිතන්න ඇයි ඔබ දුකට පත් වුනේ..ඔබේම වරදක්ද.හිතන්න....වැරදි වලට ඉඩ දෙන්න එපා...හිත රිදුනේ ඔබේ වරදකින් ඒ වරද නිවැරදි කර ගන්න පුළුවන් ..නැවත නැවත එකම වරද වෙන්න දෙන්න එපා.....




ඔබම තීරණය කරන්න..ඔබ තොර ගන්නේ සතුටද දුකද..එය රදා පවතින්නේ ඔබේ  අතේ ඔබේ තීරණය මත...

සතුටින් ඉන්න උත්සහ කරන්න....ඒක සරලයි..ඔබ දුකින්නම් දුක නැති කර ගන්න  ඔබට පුළුවන් සිංදුවක් අහන්න.....එහෙමත් නැත්නම් චිත්‍රපටියක් බලන්න..කවියක් ලියන්නත් පුළුවන්....නැත්නම් හිත මිතු⁣රෙක් එක්ක කතා බහක යෙදෙන්න...

හිතන්න තනියම..දුක කොයි  තරම් කටුකද කියලා
ඔබ ඔබම වෙන්න..ඔබේ සතුට ඔබේ ලඟයි..ඔබම තීරණය කරන්න.....ඔබ තීරණය ගන්න....


මල්...


පුංචි හිතක හීන ගොඩක්
රෑ වෙලා එළිවෙන හැමදාම
නිමාවක් නැති අහසක් තරම්
තියෙනවා මේ හිත අරා....

තටු සලා ඉගිලිලා යන්නට
වරම් නැතිවද හිත පුරා
ඇස් පියාගෙන පියඹමි
සුළඟ විඳගෙන හී සැරේ

නිල්ල නිලනා කෙත් වතු මැදින්
හීයේ වේගෙන් දිව යමි
කවුරුවත් නොදකිනා සතුටත් අරන්
හීතලට තටු විහිදමි

ගඟක ඇල දොලක සිහිලස
කන්දේ හැපෙනා හිරු රැස් මතින්
හිනැහි හිනැහි පාවෙමි
මුළු ලොවම ලඟ යැයි හැඟි...



෴අදරණීය මල්෴

Tuesday, September 26, 2017

නොනවතවා වැටෙන මහ වැස්ස
කියන්නේ ජීවිතය තවත්
බර වැඩි වග
හැල්මේ දුවන්නට ඉඩ හසර ඇහිරෙන කොට

තෙමිගෙන කපුටන් ගානට
කුඩයකින් ඇති වැඩක් නැති
කිටි කිටියේ හිර වෙච්ච බසයට පැන්නේ
ජීවිතය තියාලා පරදුවට

තෙමුන ඇඳුමෙන් අස්සේ
ඉන්නේ තව ගැහැණියක්
මඟ බලා ඉන්න පොඩි වුන් සිප ගන්න
ඇස් යටින් බල බලා
තෙමි නැහැවුන ඇඟ දිහා
එපා ගිනි ගන්න හිතවත

ජීව්තේ කටුක බර
උහුලන්නේ දරාගෙන
වැස්ස නුඹටත් මදිද
අපේ ගින්න තාමත්
බුර බුරා ඇවිලෙන..

෴ආදරණීය මල්෴


සමහර විට ආදරේ නිසාම වෙන්නැති
නොකියා කියද්දි යන්න කියලා
දරාගෙන් හිටියේ නොගොසින්ම

ඒත් ආපහු හැරිලා බලද්දි
මට හිතෙනවා මම ඇයි
ඔයා ලඟ නැවතුනේ කියලා
ආදරේ නිසා වෙන්න ඇති...

තාමත් ඉඳ හිටක කොහෙන්දො
ඔයාගේ කට හඬ ඇහෙද්දි
මම ගැස්සෙන්නේ
ආදරේ නිසා වෙන්න ඇති

ඔයා ලඟ නැති එක පුදුම හැඟිමක් වුනත්
මම තාමත් උත්සහ කරන්⁣නේ
අපේ හමුවීම වගේම
වෙන් වීමත් හීනයක් කියලා
හිතන්න විතරමයි ....

 ෴ආදරණීය මල්෴



මඟුල් පිංතූරයක් නැතත්
හැමදාම අළුත් වෙන ආදරයක්
අපිට තියෙනවා හැමදාම

මාල තැලි වලට අයිතිවාසිකම් නොකිවට
ඔයා මගේ හිත පුරෝලා තිබ්බෙම ආදරේ

මට කිසිම නෑයෙක් නැති කොට
මට කිසිම අඩුවක් දැනෙන්න
මොහොතක්වත් දුන් නැ ඔයා

අම්මා තාත්තා නොහඳුනන
තනි වෙච්ච ලොකේට උරුම කම් කීව
නිල් මොණර කොල වලට
විකිනෙන්න නොදි
මාව බේරගෙන එනකොටත්
මට යන්න තැනක් නැති කොට
ඒත් ආපහු හැරෙද්දි මාව
නවත්ත ගත්තේ ඔයා

එදා ඉඳලා අද වෙනකල්ම
හැමදේම අහිමි කරගෙන
මටත් දරුවන්ටත් ජිවිතේ
දරාගෙන හුස්ම දෙන්නෙත් ඔයා

ආදරේ උතුරන  ඔය ඇස් ගාව
මගේ හිත හැමදාමත් ණය ගැති
මට දෙන මේ ආදරේ මිලක් නැති...

෴ආදරණීය මල්෴



තුඩ තුඩ හඬ නඟා
අනෙකාගෙ දොස් පරොස්
හිතින් මවා ගෙන
වඩා ඔද තමුන් හරියැයි
නොදැන හරි යමක්
දොඩයි වරු ගණන්
තමන්ටත් වැඩක් නැති
අනුන්ටත් වැඩක් නැති
තොසා කිවත් ඕපාදූපයන්
නොහදුනනා තම දොසා
මෙවන් මිනිසුන් කෙරෙන් ඇත්තෙ
අනුන් සිත් බිඳින
විස දලක්මැයි

෴ආදරණීය මල්෴





හතකටත් වඩා කිරි කල
හැමොටම දුන්න
කුස වැදු දරුවටත් විටක එය නැති⁣ වෙච්ච
තෙවෙනි දරු ගැබ බර දරන්
යන්නෙ පෝරකයට මස් වැද්දො ගෙල සිඳින

ටිකක්වත් අනුකම්පාවක් නැති
කුමට යදිනවද ජීවිතය උන් ගාව
තවත් උන් හඬ තලන කොට
උන්ට ඒ නෑසිච්ච

කුස ඇතුලේ දඟලනා මයේ කිරි පුතුනි
නොයැද ඉඳපන් ජීවිතය අපිට තහනම් ඉල්ලන්න ජීවිතය

යන ගමන එකට යමු බය නොවි ඔහොමම ඉන්න
ආයෙමත් කිසිදාක ඉපැදෙන්නේ නැතිව ඉමු
කෙලෙහි ගුණ නොදන්නා
මිනිස්සුගේ ඇස් ගාව..

෴ආදරණීය මල්෴


ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...