Sunday, June 24, 2018

ගමන් මඟක් තිබුණා ද...?

හිතා මතා නොවුණත් අපි මුණ ගැහිලා....ඒක සතුටක් කියලා අපි දෙන්නම දන්නවා...ඒත් ආපු දුරත් එක්ක විඩාවක් දැනෙනවා.....සමු ගන්න බැරි බැඳිම් ලඟ හිත නතර වෙන එක දුකක්ද කියලා මට තාමත් හරි හැටි අවබෝධයක් නැ..ඒ තාම අපි අපිට ඉන්න නිසා....ලඟක නැතත්  මගේ හිත පුරවාවට ඔයා ඉන්නවා....

ගමන් මඟක් තිබුණා ද මේ ප්‍රේම චාරිකාවේ
ගිමන් හලක් හමු විද මේ ප්‍රේම චාරිකාවේ ...

ජීවිතේ කිසිම දෙයක් ස්තීරවම අපි ලඟ රැදෙන් නැ කියලා මම දන්නවා..ඉර හඳ දිවුරලා දෙන පොරොන්දු ලඟ සමහර වෙලාවට අපි අසරණ වෙනවා...නොයෙකුත් නොගැලපීම් එක්ක සමහර බැඳීම් වලින් අපිට සමු ගන්න සිද්ධ  වෙනවා...කොයි තරම් ආදරෙන් උන්නත්....ඒත් ආදරේ කියන්නේ හිමි වීමම නෙමේ.....අාදරය කියන්නේ කැප කිරිමක්...කොටින්ම නිදහස් කිරිමක්....දුකින් වුණත් එකමෙක ප්‍රශ්ණ කිරිමක්වත් නැතිව යන්න දෙන්නත් පුළුවන් වෙන්න ඕන....ඒකට මම අමාරුවෙන් වුණත් හිත හදාගෙන ඉන්න බව ඔයා දන්නවා...


නෙතින් ගැලු කඳුළින් මිදෙන්නට
හිතේ සුසුම් ගිනි දැල් නිවා
ඔබයි මමයි හැමදා හිඳින්නද
ඉරයි හඳයි මියෙනා තුරා
අපේ පෙම් ලෝකයේ....


යන්නේ කොහෙද නැවතුමක් කොහෙද කියලා හරියටම දන් නැතිව බලන්න අපි ඇවිත් තියෙන දුරක තරම....මුලා වුණා කියලා හිතන්න ලෝබකමක් තියෙනවා.....කිසිම පොරොන්දුවක්...සපත කිරිමක්..සැකයක් නැතිව මේ තරම් දුරක් ආව අපි දෙන්නා කොයි තරම් නම් ආදරේද කියලා තේරෙන්න ගත්තේ වෙන් වෙන්න ඕනයි කියලා ඉඟි ලැබෙන කොටද...එකට එකතු හිනා වෙලා පිස්සුවෙන් වගේ හිටපු  ඒ දවස් අමතක කරන්න තරම් අකාරුණික වෙලා නෑ අපි දෙන්නම...

ගමන් මඟක් විසා බලන්නට
කෙනෙක් නොමැත නෙත් මානයේ
ඔබත් මුලාවිය මමත් මුලා වුණි
ඉමක් කොනක් නැති මාවතේ
විරහා පෙම් මාවතේ....

අපි කිසිම කෙනෙක්ගෙන් පාර ඇහුවේ නෑ තමා..අපි දෙන්නා ඔහේ ඇවිදගෙන ගියා...ඉමක් කොනක් පේන් නැති පාළු මාවත් වල....ආපහු හැරෙන්න ඕන කමක් නැති වුණත් එක තැනකදි අපි දෙන්නටම නතර වෙන්න වෙන බව අපි දැනන් හිටියා...අපි කාටවත් දොස් නොකියා බලන් හිටියා..ඒ සමු ගන්න ලෝබකමට....ඒත් මේක තමයි වෙලාව..මේක තමයි තැන දොසක් නොපරවා සමු ගන්න....හැම දුකක්ම හිතේ තද කරන්...එක දෙයක්...සමු අරන් යද්දි මම ආපහු හැරිලා බලන් නැ.....මම දන්නවා මට යන්න බැරි වෙයි ඔයාව දාලා.....

හැමදාම ඔයා ඉඳිිවි මගේ හිතේ හොඳම තැන පරිස්සමට ....






ආදරණීය මල්  ......



Monday, June 18, 2018

බස් කතා බස්



චූටිව පංති දාලා ලංගමේකට නැග්ගා...ඉන්න බෑ නිදිමත...ඇස් පියා ගත්තොත් ඉවර නිසා යාන්තමට ඔළුව චුට්ටක් තියා ගත්තා ජනේලට....දන්නෙම නැතිව ඇස් පිය වෙද්දි
සද්දයක් ආව නිසා මමත් ඉතිං ඔළුව ගසලා ඒම වට පිට බැලුවා...මේක හිස්ම හිස් බස් එකක්..පිනුම් ගහන්න වුණත් අවුලක් නැ...

මට ඉස්සරහින් සීට් එකේ ඉන්න වයස අම්මා කෙනෙක් එහා පැත්තේ සීට් එකේ ගෑණු කෙනාට සද්දෙට බනිනවා...

බැලින්නම් අර ගෑණු කෙනාට අර අම්මාගේ කකුළ පෑගිලා....බුදාම්මෝ සොරි කියන්න කියන්න බනිනවා....පස්සේ අර ගෑණු කෙනාත් බනිනවා..දෙන්නම බැන ගන්නවා...

කොන්දොස්තර උන්නැහේ අර ගෑණු කෙනාට කිවා කීවා මොකුත් නොකියා ඉන්න කියලා..

අර අම්මා බනිනවා ඉවරයක් නැ...අර ගෑණු කෙනා කියනවා..

"සල්ලි ඕනද බෙහෙත් දා ගන්න"

"අනේ උඹේ සල්ලි"

😱😱😱

"එහෙනම් යමු බෙහෙත් දාන්න"

අනේ මගේ කට..මම කියන් නෑ උඹට"

සිද්ධිය  දුර යන නිසා මමත් අතින් සන් කරලා කිවා අර ගෑණු කෙනාට කට පියන් ඉන්න කියලා...

හප්පේ අර අම්මා බනිනවා...ටිකකින් විනෝද වටය වගේ ...සේරම හිනා වෙනවා අර අම්මාගේ කතා වලට...

මම බහින්න ලඟ නිසා ටිකක් එහාට ගියා..ආයි බනිනවා අර මනුස්සයාට..මම අහක බලන් හිනා වුණේ මගේ දත් ටික බඩට යවයි කියන බයටමයි...

"හහ් මෙිකි වැරැද්ද කරලා තව කට ගහනවා...අම්මේ මගේ කකුල...උඹ සමාවෙන්න කිවේ නැ..ඔව් කිවේ නැ සමාවෙන්න කියලා.."

මලාහ්....ඇයි අර සමා වෙන්න කිවේ...

මම බස් එකෙන් බැහැලා දස අතේ කල්පනා කලා..ඇයි අර ගෑණු කෙනා කිවේ දහ පාරක් විතර...සොරි කියලා...

සන්තෝ...පස්සේ මතක් වුණේ ටක්කෙටම අර අම්මට තෙරුන්නැ "සොරි" කියපු එක..එහෙමයි කියලා බස් එකේ ඉංග්‍රීසි පංති දාලා ගුටි කන්න යැ...😬😬

මම ආවා එන්න...

මීට පස්සේ කාගේ කකුළක් ඒම පෑගුනාට මම නම් "සොරි" කියන්නැ...."සමාවෙන්න" හොඳා..අර ආකාර බැනුම් වලට වඩා....

හප්පේ වයසට ගියාම යන තරහා 😱😱😱

ඇත්ත කතා ඇ....

මල්....

Thursday, June 7, 2018

නමක් නැති කතාවක්....



අම්මාගේ මල ගෙදර එන අය හිතනවා ඇති මං හරිම හිතක් පපුවක් නැති එකියක් කියලා....ඒ මගේ ඇහින් කඳුළක් වැටෙනවා තියා එක ඉකියක්වත් වැටෙන් නැති හංදා..

දොරකඩ හිටගෙන කාගෙවත් මූණක් බලන්නේවත් නැතිව ඉද්දි..

"මේකි නම් අමරාගේ කුසින් ඉපිදුන එකියක් වෙන්න බෑ"

හෙමින් කීවත් උන් දන් නැ මට ඒවා ඇහෙනවා කියලා...ඕන එකක් කියන්න ඇරලා මම නෑහුණා වගේ ඉන්නවා...

අම්මාව තනියෙන් සොහොනේ තියලා ගෙදර එද්දි මම දරාගෙන හිටියේ පුදුම අමාරුවකින්...පුංචි හීතලකවත් දරා ගන්න බැරි මගේ අම්මා...අර පොලවෙ යටම පස් වල හීතල කොහොම දරා ගනිද කියලා හිතද්දි මටත් පනින්න හිතුනේම ඒ වලටම අම්මාට තුරුල් වෙලා නිදා ගන්න..

**********************************

අම්මාගේ දිලිසෙන නිල් පාට ඇස් දෙක මට තිස්සෙම මතක් වෙනවා...අම්මා හරි ලස්සනයි ...ඒ ලස්සනවත් ..ඒ පාටවත් මට කොහොමත්ම තිබ්බේ නැ...

උප්පැන්නේ තාත්තාගේ නම තිබ්බේ නැති වුණාට මම කවදාවත් අම්මාගෙන් ඇහුවේ නැ මගේ තාත්තා කෝ කව්ද කියලා

එහෙම අහලා මං නිසා මේ සා විශාල දුක් කන්දක් විඳින අම්මාගේ හිත පාරන්න ඕන වුනෙත් නැ මට තාත්තා කව්ද කියලා දැන ගන්න උවමනාව මගේ හිතේ තිබ්බට...

අම්මා ලඟින් අවේ හරිම අමුතු සුවඳක්...මම හිතන්නේ මම හුස්ම ගත්තේ ඒ සුවඳින්මයි...උදේ පාන්දර නැගිටලා තියෙන දෙයක් තම්බලා තියලා මම නිදන් හිටියොත් මගේ නලල ඉඹලා අම්මා යනවා....ඒ යන්නේ රබර් වත්තේ කිරි කපන්න...

ඉස්කෝලේ ඇරිලා මමත් යනවා ඔට්ටුපාල එකතු කරන්න...මමත් පුරුදු  වුණා කිරි කපන්න....අම්මා ඒවා කියලා දුන්නේ මට බැන බැන..

" මේවා උඔට බෑ බං කෙල්ලේ....උඹේ අත මේවට හුරු නෑ...අනික උඹ මේ රස්සාව කරන්න ඕන නැ...උඹ හොඳට ඉගෙන ගනින්"

පුළුවන් වුණ හැම දවසකම මම ගියා අම්මා එක්ක කිරි කපන්න...එකක් මට අම්මා නැතිව ඉන්න බැ...අනික මට අම්මාගේ සුවඳ විඳින්න ඕන...අම්මාගේ පපුවෙන් ආවේ අමුතු සුවඳක්...දාඩිය ගඳක් මට කවදාවත් දැණුනෙ නෑ....

"අහකට පලයන් බං කෙල්ලේ දාඩිය වැක් කෙරෙනවා"..ගඳයි"

"මයේ අම්මා මට සුවඳයි"

එහෙම කීවම අම්මාගේ ඇස් වල කඳුළු පිරෙනවා...

*******************

අම්මා නැතිව මම ගෙදර ඉන්න පලවෙනි ⁣දවස මේක....මට ඕන කෑ ගහලා අඬන්න...එළියට ආවේ නැති කඳුළු වල ඉකි වල කොයි තරම් ආදරේ තියෙනවද...ඒක කාටවත් පේන්නේවත් ..දැනෙන්නේවත් නැ...

"අම්මේ"

මට කෑ ගැස්සුනේ  ඉබේටම වෙන්න ඇති....මල ගෙදරට ඇවිත් හිටපු අයගෙන් කීපදෙනෙක් ඉතිරි වුණා මල බත කන්න...ඒ කෑ ගැහිල්ලට කවුරුත් කන එක නතර කලා.....

කවුද ගෑණු කෙනෙක් මගේ ලඟට ඇවිත් ඔළුව අත ගානවා වගේ දැණුනා..

"මට ඕන වුණේ ඉගෙන ගෙන රස්සාවක් කරලා අම්මාව බල ගන්න...හැමදාම මාත් එක්ක දුක් වින්දා...මාව හොඳට තියන්න...මැරෙනකල්ම දුක් වින්දා...මට මොකුත් කර ගන්න බැරි වුණා මයේ අම්මේ"

***************

අම්මෙක් අප්පෙක් නැතිව ජීවිතේ කොයිරම් අමාරුද..කටුකද....කිසිම කෙනෙක් නැතිව තනි වෙන එක කොයි තරම් අසරණකමක්ද...මට අද හොඳටම දැනෙන මේ තනිය මගේ අම්මාටත් දැනෙනවා ඇති....අම්මා කොයි තරම් හොඳද..කොයි තරම් ඉවසිලිවන්තද...මාව දීලා ගිය තාත්තට කවදාවත්ම දොසක් නොකියපු මගේ අම්මා...
අම්මේ ඔයා මගේ ඇස් දෙකේ ඉන්නවා කඳුළු අස්සේ හැම තිස්සෙම...

මාව ගෙනියන්න හදපු තැනට මම හෙමින් යන්නම් අම්මේ....පාර වරදවා ගන් නැතිව...මම අම්මාගෙන් ඉගෙන ගත්තු හැමදේම හිතේ තියාගෙන..ජීවිතේ  වරද්ද ගන් නැතිව යන්නම්...

අම්මේ හැමදාම මගේ ලඟ ඉන්න...මගේ තනියට....මගේ නලල ඉඹලා යන්න ඉස්සර වගේම....නිවන් නොදැක ඉන්න අම්මේ තව එක සැරයක් මට අම්මාගේ දුවම වෙන්න...

මට හරි තනි අම්මේ....

ආදරණීය මල්

Saturday, June 2, 2018

බිඳෙන බැඳුම්...

නුඹ නේන දා හිතට තනිකම
දැනෙන හැටි නුඹ දන්නේ නැ
මේ තරම් මට රිදෙන වග
මමත් දැනගෙන උන්නෙ නැ

හරි ආදරෙන් නුඹේ අතක එල්ලි
ගියපු එදවස් හීනෙකම තව තව පැටලෙනා
බැඳුන ඒ බැමි ලිහි යද්දි
හිතම තව තව රිදෙනවා...
බිඳෙන බැඳුමක  තවත් යට වි
දහස් වර මම මියැදෙමි
නුඹ තුටින් නම් මටත් ඒ ඇති
නැවතිච්ච තැන මම හිදින්නම්..

ආදරණීය මල්

නුඹේ අරුමැසි ආදරේ...

නෙතින් නෙතකට එක්ව හා වුණ
හිතම නිවනා ආදරේ
රැගෙන දෝතින් එනතුරා නුඹ
මඟ බලන්නෙමි පාඩුවේ..

හිතක සැනසුම හදන නෙතඳර
නිබද කැටි වුණ ආදරේ
තාම උණුසුම ⁣එහෙමමයි සද
නුඹේ අරුමැසි ආදරේ...

#ආදරණීය_මල්

Friday, June 1, 2018

ඔබ නම්...



සමහර බැඳීම් වල තේරුමක් හිතා ගන්න බැ...ජීවිතේ ජීවත් වෙන තුරුම ඒ බැඳිම් වල සුවඳ කොහේදෝ තැනක හැංගිලා තියෙනවා....ඔබෙත් මගෙත් හිත්වල හැංගිලා තියෙන හැඟිම්...බැඳිම්..නමක් නැති...

කොහිද කියා මන්ද කියා
නොදැන ආවෙමි
දිවි ගමනේ මගේ යෙහෙළි
සොඳුර ඔබ විනි..

අපූරුම මුණ ගැසිම් අපූරු මතක ගොඩක් ඉතිරි කරනවා....මේ අහසත් මේ පොළවත් තියෙන තාක් ඒ මතක මුළු විශ්වය පුරාම රැඳි තියෙවි......හැමදාම හිරු එළිය අපිව හොයන් එනවා වගේ හැම දවසකම සිතිවිලි වල මතක සැරි සරණවා...ජීවිතේ අමුතුම තැනක නවත්ත   එකම එක මොහොතකට හරි තියෙන ප්‍රශ්න කන්දාරාව ආදරණීය එක හිතක් ලඟදි අමතක කරන්න පුළුවන් ....දයාබර එක වචනෙකට ...හිනාවකට පුළුවන් හිත නිවන්න...

පෙමෙහි රසත් එහි පලයත්
ඔබෙන් උගතිමි
දිවි හිමියෙන් හද බැතියෙන්
ඔබට පිං දෙමි....

හිතවත්ත හිතක් ලඟ නැතුන හිතකට පුළුවන් අනන්තෙක නවතින්නත්....ආදරේ හුස්මක බරව තියා ගෙන ඒ හුස්ම  පපුවේ පුරෝගෙන ජීවත් වෙන්න පුළුවන් ....ලඟින් ලඟම නැතත් දැනෙන ආද⁣රයක් කියන්නේ මහමෙරකටක් එහා....ආත්ම ගණන් මුණ ගැහෙන...හිමි වීමක් හො අහිමි වීමක් නැති හිතේෂිකම් වලට වැට කඬොළු බඳින්න බැ...

නොතිර ලොවේ විරහා දුකේ
අඳුර හිමි විනි
මරු කතරේ
සුළඟ ලෙසේ තනිව පිට වෙමි...

ආදරය කියන්නේ අතැරිමක්...හිමි වීමම ආදරෙත් නෙමේ...දවසක් එවි අපි හැමෝම මේ ලෝකෙන් පිට වෙලා යන....සුසුම් විතරක්ම අහස පුරා රැඳෙන....ඒත් සංසාර දොරකඩ මඟ රැකන් ඉඳිවි මඟැරුණු ආදරය ආයිමත් පිළිගන්න..

හිත ලඟ ඇති ආදරය භාවනාවක්....

#ආදරණීය_මල්





Tuesday, May 29, 2018

හිතවත...

හිතවත
කිසිත් නොකියා ඉන්න
හැඟිම් බර එකම මොහොතක
ඇවැසි වන්නේ
නුඹේ උරහිසක
සුව පහසුව විතරමයි..

හිතවත
සිනහවක් ඇමුණුවාට
කමක් නැහැ
මගේ ඇස් අගිසි වල...

හිතවත
මුදු හාදුවක් කම් නැති
නලල් මත තැබුවාට
හෙමින් කෙස් රොදකට හොරෙන්....

#ආදරණීය_මල්

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...