Friday, December 22, 2017

ජීවිතේ හරියට ලියලා ඉවර කරන්න බැරි පොතක් වගේ...හැමදාම අළුත් පරිච්ඡේදයකින් පටන් ගන්නවා...සමහර වෙලාවට එක පරිච්ඡේදයක් ඉවර කරන්නත් ඉස්සෙල්ලා තවත් පරිච්ඡේදයක් පටන් ගන්නවා...

හැම සිදු වීමක්ම සිද්ධ වෙන්න පටන් ගන්නේ වංගුවකින් හැරෙද්දිම...කාරණා කාරණා සිද්ධ වෙන්නේ කොක් හඬලා හිනා වෙන්න හරි අඬන්න හරි නෙමි....පාඩම් ඉගෙන ගන්න..අකමැත්තෙන් හරි අපිට සිද්ධ වෙනවා ඒ පාඩම් ඉගෙන ගන්න...සමහර සිද්ධ වෙන දේවල් දරා ගත නොහේ..නමුත් දරා ගත යුතුයි..ජීවිතේ දිනන්න නම්....

මල්......


සමහර තැන් පසු කරද්දි 
හිත ගැහෙන බැව් දනිමි
ඔබ සිටිදැයි හොරැහින් බලමි
ඒ පුරුද්දට  බව
හිතට තරවටු කරමි

ඒ තැන් දැන්
හිස් බව දනිමි
හරියටම මගේ
හිත වගේදැයි විමසමි ..

ඔබ නේන බැව් දනිමි
කඳුළු බර වැඩි බව කියමි
දෙනෙත් අහකට ගනිමි
දරන්නට බැරි නිසා බැව් දනිමි..



෴ ආදරණීය මල්෴ 


වෙනස් නොවන
කිසිත් ඇද්දැයි
විපරම් කරමි...
වෙනස් වෙන
සෑම දෙයක් ලඟම
ඔබත් වෙනස් නොවන්නේ
මංදැයි සිතමි....
හිත රවටා ගැනිම
තරම් නොවනු ඇත
ඒත් මම මගේ හිත
පරිස්සම් කර යුතුය
ඔව් පෙර ලෙසම
රැකිය යුතුය
එය රිදවා ගත යුතු නැත...


මල්.....
 

Thursday, December 21, 2017

ලේබලයක් නොඅලවනවා නම් මා කැමතිය
මා සැලසුම්කරුවකු නොවෙමි
දැලක් වියනවා නම් එයට
කලාවක් තිබිය යුතුමය
නැතිනම් ලෙහෙසියෙන් කෙනෙක්
හසු වන්නෙද නැත
මා කපටියැයි නොපවසන්න
හසු නොවි ඉන්නවා නම් මැනවි.....
කලාවක් ඇති බවත්
නෙත් අතරමං කරවන බවත් සැබෑය
මුලාවේ නොවැටෙන තරමට
ඔබ සිහි විකල් නොවනු අත....
මේ ම⁣ගේ හැටිය
තව තවත් දැල් වියනු ඇත
හොඳම දේ ඔබ හසු නොවි
ඈතින් ගමන් කිරිමයි...

෴ ආදරණීය මල්෴


සඟවනා දුකක්
ඇත්දැයි සිතුනි
හීනියට හිනා වෙන
ඇස් වල තියන්
දැක්ක හැටි වරදක්ද

මදෙපා මුල තියලා යන්න
ආයේමත් ආවාම
නුඹේ දුක මිටින් ගෙන
විසි කරමි අහසට

අයදිමි...සිනා නුඹ ගන්න
දුක් කඳුළු  මට දෙන්න
රිදෙන්නට හිතක් නැති
දරා ගත මෙමට හැකි......

෴ ආදරණීය මල්෴



වැඩි සීනි අනවශ්‍යයයි
නෙස්කැෆේ එකකට
අවශ්‍ය වෙන්නේ ඔබේ
ආදරයෙන් බිඳක් පමණයි
එයත් එක බැල්මකින් වුව ඇති
සීනි වලටත් වඩා ප්‍රණීත බව
අමුතුවෙන් කිව යුතු නැ
එහි රසය මම හඳුනමි..

෴ ආදරණීය මල්෴



Tuesday, December 19, 2017

බැනුමක් අැහුවම හිතකොයි තරම් රිදෙනවද කියලා අම්මි දන්න ඇත්ත තමයි..පාරක් ගැහුවට වඩා බැනුමකින් හිත රිදෙන වග අම්මි ඉගෙන ගත්තේ ගොඩ ඉස්සර...ඒත් ඉඳ හිටලා බනින්න සිද්ධ වෙන අවස්ථාත් එන වග මයෙ දුව හිතට ගන්න ඕන...ගහන්න හිතට තරම් නොවෙන හංදා....

චූටි කාලේ මාත් එහෙමයි..ගහනවට වඩා බය බනිනවට...අත්තම්මා බැන්නම වරු ගානක් අඬ අඬ කාමරේ අස්සට වෙලා ඉද්දි අප්පච්චි සීයා ඇවිත් ෂේප් කර ගන්නවා....අත්තම්මා ඒ ඇඬිලි වලින් සැලුන නැති නිසා වෙන්න ඇති එයා එහෙම කලේ....

ඒත් මම වෙනස් ඔයාට කෑගහලා ඒ සැනින් ඔයාගේ ඇස් වලට කඳුළු එද්දි වැඩියෙන්ම හිත රිදෙන්නේ මගේ....ඒකයි හැරෙන තැපෑලෙන් මම ඔයාව තුරුල් කර ගන්නේ...

ජීවිතේ හැල හැප්පිම් එක්ක යන්න ඕන ගමනක්...ඔයා ඒකට පුරුදු වෙන්න ඕන මට පාර පෙන්නන්න පුළුවන් ...හරි වැරැද්ද පෙන්නන සමහර වෙලාවට හිත රිදුනට මා එක්ක තරහ වෙන්න එපා...හිත් රිදෙනවා මීට වඩා ඔයා දවසක තනියෙන් ගමන් යද්දි..ශක්තිමත් වෙන්න ඕන ඒ නිසයි....

උදේ පාන්දර නැගිටලා කෝපි එක බොන්න එද්දි ඉස්සෙල්ලාම මම කරන්නේ ඔයාව මගේ පපුවට තුරුල් කර ගන්න එක....මගේ පපුව ගැහෙන සද්දෙන් මගේ ආදරේ ඔයාට දැනෙන්න අරින්නයි මට ඕන....පුළුවන් තරම් දුර මම එනවා ඔයාලා එක්ක..වැටෙන් නැතිව යන්න මම කියලා දෙන්නම්..තරවටු වල අගේ දැනෙවි දවසක... අම්මට දැන් දැනෙනවා වගේ.....ආදරෙයි පන....❤️❤️❤️❤️

කොයි අම්මත් එහෙමයි....

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...