බලන් හිදිමම වදයක්
අවදි වුණ වෙලාවේ ඉඳලා
රෑ නින්දට යනකල්ම
ආදරේ නිසාම
හිතට වද දිදි ..පාරමින්
හරියට තුවාලයක් පහුරු ගානවා වගේ
ඉතින් එකවරක් ඇහුණම කට හඬ
හිතේ තුවාල සනීප වෙනවා
ඉතිං ඒක මෝඩකමක්
ආයේමත් බලාගෙන ඉන්න
එහාට මෙහාට වැනි වැනි
ඉතිං ඒ ආදරේමද
කාර්ය බහුල ජීවිතේට යටපත් වෙන
හිතේ මහ තදින් රැක බලා ගන්න
ගිලිහේවි යැයි බයෙන්
කවුරුත්ම හිතාවිද මහ මෝඩියක්
ඔය තරම් බලාගෙන ඉදිමම
ඉතිං මට වැඩක් නෑ කාගේවත් වගක්
ආදරේ මගෙ නමි
හිතෙන් අතැරෙන්නැති...

සුන්දරයි මල්.....
ReplyDelete( මොකක්දෝ වෙලා මේ කවිය පබ්ලිශ් කරද්දි....කහ පාට තීරුවකට ඇවිල්ලා....)