හිත කලබලේට පත් වෙන
හැම මොහොතෙම
මට නුඹව සිහි වෙනවා
ඇයි කියන්න මම දන්නේ නෑ....
මම හිතනවා
නුඹේ රුව මට
දැන් පෙනේවි දැන් පෙනේවි කියලා
එදා මම නොපෙන්නුවට
නුඹ බලන්න මම
ආසාවෙන් උන් නිසා...
මට නිතරම නුඹේ
ගැඹුරු නිවුණ කට හඬ
ඇහෙනවා...
එදා නුඹ කථා කරද්දි
මම අහන් උන්නේ භාවනක් වගේ
ඒ නැතත් මම දන්නේ නෑ
මම නුඹට ආදරෙ කළාද කියන්න
ඒත් මම එහෙම හිතනවා...
මම තාමත් නුඹේ ගැඹුරු
නිවිච්ච ඇස් හැම තැනම හොයනවා
දුයිෂෙන්....
අල්තීනායි.....
Monday, January 30, 2017
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
සමහර වෙලාවල් තියෙනවා පුදුම විදිහට හිත කඩන් වැටෙන ..කිසිම දෙයක් හිතා ගන්නවත් බැරි....අන්තෙටම කලකිරෙන...අපි කාටත් එහෙමයි...සමහර විට දවස ගානේම ...
ලස්සනයි... දිගටම ලියමු.. ජය!!!
ReplyDeleteස්තුතියි ලියමු..
Deleteමේ තියෙන්නේ මල්ගෙ ලියමන්.....හරිම අගේ
ReplyDeleteආදරෙයි අහස තරම්..
Delete