Saturday, January 21, 2017
හිතක්....
වහින්න සැරසෙන අහසක ඇඳෙන හත් පාට ගෑ වෙච්ච දේදුන්නක් වගේ වෙන්න ඕන හිතක්...දැනෙන වුන් හිත් පිනවන...එහා මෙහා පෙනෙන පිරිසිදු වතුර වීදුරුවක් වගේ පැහැදිලි වෙන්න ඕන හිතක්...දවස ගානේ එහා මෙහා යන උඩු යටිකුරු වෙන හිත එක තැනක රඳවන්න පුලුවන් වෙන්න ඕන හිතක්...කොටින්ම පිං බිමක් වෙන්න ඕන හිතක්..මෙහෙව් අය ඕන තරම් මිහිපිට ඉන්නවත් ඇති..අපිට හමුවෙලත් ඇති..හික්මුණ හිතක් එහෙමයි...හිතක් කියන්නෙම මහා මෙරක්..නොසැලෙන තැනක් කොයි තරමට බාධක ආවත්..හිතක් වෙන්න ඕන හරියට මේ වගෙ.. "කුණාටුවකදි සිනාසෙන මුල් සවිමත් ගහක් වගෙ"...
පන්හිඳ... හිතට කිට්ටුම හොඳම හිතවතිය....දුකෙදි හෝ සැපෙදි මඟ හැර නොයන..ඇය නිහඩයි.. අපි වෙනුවෙන් නිහඬව සිනාසෙන.. හඬන.. හඬා වැටෙන ඇයට අවසර දෙන්න කථා කරන්න.."කථා කරන පන්හිඳ" ඇය හැමදාමත් ලඟින් ඉඳිවි..
......කථා කරන පන්හිඳ
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආයෙමත්..සල් මල් පිපුනදාකට ඒ සුවදින්ම අවදිවේවි සාමා අළුතින්ම පීදිච්ච නෙළුමත් එක්ක යාවි ඒ සල් ගස යටට..... ඉතිං ඈ අසාවි සල් ගසෙන් මතකදැයි...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
හදවත කිති කැවෙන සැටිය
ReplyDeleteඔබේ පහස දැනෙන විටදි
ලියවෙන ඒ වදන් වලට
වඩා දෙයක් දැනෙයි හදට
හැමදාමත් එකට දැවටි
අප දෙදනම විදිමු පහස.
මා ලය මත ඔබ සැතපී
නිදි දෙව්දුව වැලද ගන්න...
හීන් හඩින් හද ගයනා
ආදර ගී අහන් ඉන්න.
ලයේ උණුහුමට ගුලිවී
ජීවිත සිහිනය දකින්න.
**** ආදරණීය පත් ඉරුව****
ලස්සනයි...
ReplyDeleteඔයා ලියන්න අරන්....මම හැමදාම බලන් උන්නේ මෙන්න මේ ලියවිල්ල බ්ලොගේකට එනකල් මල්...ඉතින් අපි ලියමු...මම ඔයාගේ ආදරණීය යෙහෙළිය
ReplyDeleteමම දන්නවා මට මේ තරම් හයිය දීපු කෙනෙක් නැති වග...හිතට පුදුම නිදහසක් දැනෙනවා...ඔයා සතුටු වෙන වග දන්නවා හැමෝටමත් වඩා..
ReplyDelete